කිම් කී ඩක් අධ්‍යක්ෂණය කළ හිතක් පපුවක් නැති ණය එකතු කරන්නකු පිළිබඳව නිර්මාණය වී ඇති "පියේටා" (Pieta) නම් දකුණු කොරියානු චිත්‍රපටය වැනිස් චිත්‍රපට උළෙලේ "ගෝල්ඩන් ලයන්" (Golden Lion) සම්මානය දිනාගෙන හොඳම චිත්‍රපටය බවට පත් විය.
වැනිස් චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දෙදෙනකු අතර බෙදි ගොස් ඇත. ඒ "ද මාස්ටර්" (The Master) චිත්‍රපටයේ රඟපෑ පිලිප් සීමෝර් හොෆ්මන් සහ ජෝකුයින් ෆීනික්ස් අතරය. "ද මාස්ටර්" චිත්‍රපටයේ අධ්‍යක්ෂක පෝල් තෝමස් ඇන්ඩර්සන් හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය වූ "සිල්වර් ලයන්" (Silver Lion) සම්මානය හිමිකර ගත්තේය.
හොඳම නිළියට හිමි සම්මානය "ෆිල් ද වොයිඩ්" (Fill the Void) චිත්‍රපටයේ හාවාස් යැරෝන්ට හිමි විය.






