නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම සදහා කුමන පක්ෂයකට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මේවන තෙක් හැකියාවක් ලැබී නොමැත.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට සහාය නොදිය යුතු බවට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් දැඩි මතයක සිටීම ඊට හේතු වී තිබේ්
පක්‍ෂ නායක රාවුෆ් හකීම් මහතාගේ නිවසේදී ඊයේ (12දා) පෙරවරුවේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් හා නැඟෙනහිර පළාත් සභාවට තේරීපත් වූ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
විරුද්ධ මත දරන පිරිස් ප්‍රකාශ කරනුයේ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්‌ව පළාත් සභාවේ බලය පිහිටවිය යුතු බවය. කෙසේ වෙතත් සිකුරාදා (14වැනිදා) උත්තරීතර මණ්‌ඩලය රැස්‌කර අවසන් තීරණයකට එළඹෙන බව එම පක්‍ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.






