පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට බලපාන පරිදි මානව හිිමකම් කොමසාරිස්වරයකු පත් කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් රටවල් රැසක නියෝජිතයින්ගේ විරෝධය හේතුවෙන් පරාජය වී තිබේ.
ඕස්ටේ්රලියාව, කැනඩාව සහ බි්රතාන්ය යන රටවල නියෝජිතයින් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නියෝජිතයින් අතරින් රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග, ජයලත් ජයවර්ධන සහ එම්. ඒ. සුමන්තිරන් යන විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනාවට සහාය පළ කර ඇති අතර නිමල් සිරිපාල, සරත් අමුණුගම ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඊට දැඩි විරෝධය පළ කර තිබේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, පොදු රාජ්‍ය මණ්ඩලය යනු කලක් බි්රතාන්යයට යටත්ව පැවති රටවල් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති කර ගත් සංවිධානයක් බවත් එක් එක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඊට අයිතියක් නොමැති බවත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා පොදු රාජ්‍ය මණ්ඩලය වෙනස් සංවිධාන දෙකක් බවද ඔහු පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මේ දිනවල කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.







