අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත්, පසුගියදා හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහර දුන් මාලක සිල්වා අද පෙරවරුවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු සහ එම පහරදීමට සම්බන්ධ, තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි භාරතී විජේරත්න මහත්මියගේ පුත් රෙහාන් විජේරත්නද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇතැයි වාර්තා වේ.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද, මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නැත. පොලිසියේ දෙදහසක් පමණ ආරක්ෂාව සැලසූ කැලණිය සර්වඥ ධාතු ප්‍රදර්ශනයටද මාලක සිල්වා සහභාගි විය.







Comments