මේ වසරේ ජනවාරි මාසයේ සිට මේවන විට පුද්ගලයන් අතුරුදහන්වීම් 76ක් මානව අයිතීන් සුරැකීමේ මධ්‍යස්ථානය වෙත වාර්තාවී ඇති බවත් ඒ අයගෙන් තිදෙනෙකු සම්බන්ධයෙන් හබයාස් කෝපුස් පෙත්සම් ගොනුකර ඇති බවත් තරුණ නීතිඥ සංගමය සඳහන් කරයි.
මෙසේ හබයාස් කෝපුස් පෙත්සම් ගොනුකර ඇත්තේ මෝදර මට්ටක්කුලියේ පදිංචි ගයාන් ප්‍රියශාන්ත, කැලුම් නිශාන්ත, පීටර්, එන්.ඒ. ප්‍රේමරත්න යන පුද්ගලයන් අතුරුදහන් කිරීමේ සිද්ධීන් පිළිබදවය.








