තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලා හමුදා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළේය. මෙලෙස උපවාසය ආරම්භ කර ඇත්තේ සාමාන්‍ය සෙබළ ඞී.ජී. ගුණරත්න නමැති සෙබළෙකි.
2008දෙසැම්බර් මස 28වැනිදා මුලතිව් ප්‍රදේශයේදී තමන් ඇතුළු හමුදා සෙබළුන් පිරිසකට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූ බව පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් අවුරුද්දකට ආසන්න කාලයක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයි.
ඉන් පසුව තමන් හමුදාවේ රැඳී සිටීමට තරම් මානසික යෝග්‍යතාව නැතැයි පවසමින් හමුදාවෙන් ඉවත් කළ බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විට තමන්ට වරින් වර හිසේ කැක්කුම, කලන්තය ආදී රෝග රැසක් ඇති වන බවත් කිසිදු වැඩක් කිරීමට නොහැකි බවත් පවසන ඔහු තමන්ට ජිවත්වීමට මාර්ගයක් සාදා දෙන ලෙස ඉල්ලා සිටියි.






