කොළඹ විශ්වවිද්‍යාලයේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද (13) කොළඹදී පැවැත්විණි. සරසවි ආචාර්යවරුන්ගේ ගැටළු විසඳා කඩිනමින් සරසවි විවෘත කරන ලෙස ඉල්ලා දියත්කෙරුනු මෙම විරෝධතා පාගමන කොළඹ නීතිපීඨය ඉදිරිපිටින් ආරම්භකර උසස් අධ්‍යාපන අමාත්‍යංශ වෙත පැමිණි අතර, මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, නීති පීඨය, සාත්‍රපීඨය, කළමණාකරණ පීඨය, නීතිපීඨය සහ පරිඝණක තාක්ෂණ ආයතනය (UCSC) යන පීඨවල සිසුන් සහභාගී වූහ.
විරෝධතා පාගමනින් පැමිනි සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සමරනායක මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලදී. නමුත් ඔවුන් පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ගේ නියෝජනයක් නොමැතිව පමණක් සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ඒ සඳහා සහභාගී වූ පීඨ නියෝජිතයින්හට සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා ඇත්තේ " ආචාර්ය වරුන් සමග විසඳාගතයුතු ප්‍රශ්න අපට ගේන්න එපා, අපි පුලුවන් උපරිමයෙන් නැමිලයි තියෙන්නෙ, ආචාර්ය වරු නැමෙනකන් බලන්ඉන්නව" යනුවෙනි.







