Latest news
A+ R A-

ලලිත් අත්අඩංගුවට ගන්න පොලීසියෙන් ගෙදරට

E-mail Print PDF

 

altපසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී යාපනයේදී පැහැරගැනීමට ලක්වූ ජනඅරගල ව්‍යාපාරයේ ‍යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලලිත් කුමාර් වීරරාජු මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක් රැගෙන පොලිස් නිලධාරීන් පිරිසක් අවිස්සාවේල්ලේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබේ. පසුගිය අගහරුවාදා (11 දා) පොලීසියෙන් මෙලෙස නිවසට පැමිණ ඇත්තේ පොලොන්නරුව අධිකරණයේ විභාගවන නඩුවක වරෙන්තු නියෝගයකට අනුවය.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව යාපනයේ පැවැති උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා යමින් සිටියදී ලලිත් කුමාර් වීරරාජු මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා පැහැර ගැනීමට ලක්විය. ඉන් අනතුරුව එම පැහැරගැනීමට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතාවයක්ද මතුවූ අතර නීතිමය ක්‍රියාමාර්ග රැසක්ද ගන්නා ලදි.

කෙසේ වෙතත් මේවන තෙක් ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව නැත. 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 50 guests online