පැහැරගැනීමට ලක්වූවන් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බලකරමින් වවුනියාව කුරුමංකාඩු කාලි කොවිලේදී පසුගිය 12 වැනිදා පොල් ගැසීමේ දේව කන්නලව්වක් සිදුකර තිබේ. ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය නිමිතිකොට ගෙන මෙය සංවිධානය කොට තිබිණි.
යුද්ධය පැවැති කාල සීමාවේ මෙන්ම, යුද්ධයෙන් පසු කාල සීමාවේදී දහස් ගණණක පිරිසක් අතුරුදහන්ව ඇති බවත් ඔවුන් පිළිබදව මේවන තෙක් කිසිදු තොරතුරක් ලබා දීමට රජය අසමත්ව ඇති බවත් විරෝධතාකරුවෝ පවසති. එබැවින් ඒ සදහා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා ඔවුහු මෙම යාඥාව සිදුකර ඇත.






