විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ නිල හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා දෙමටගොඩ ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය කාර්යාලයට ඊයේ (13) මුද්‍රා තබා ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.
අදාළ මහල් නිවාස සංකීර්ණයේ පාර්ශ්ව දෙකක් අතර හටගත් පෞද්ගලික මත ගැටුමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම මුද‍්‍රා තැබීම සිදු කර ඇත.
මෙම කාර්යාලය ජගත් ක‍්‍රිකට් කවුන්සිලයේ කොන්ත‍්‍රාත් ආයතනයක් වන ඞී. එන්. ඒ. ආයතනය වන බවද පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ නිල හැඳුනුම්පත් නිකුත් කිරීමේ වගකීම එම ආයතනයට ක‍්‍රිකට් කවුන්සිලය විසින් පවරා ඇති බවද පැවසේ.
මහල් නිවාසයක කාර්යාලයක් පවත්වාගෙන යෑම නිවාස අධිකාරියේ නීති අනුව සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිසිය පවසයි.






