උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිධූරය සඳහා තවත් අපේක්ෂකයෙකුගේ නමක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත ලැබී ඇති බව වාර්තාවේ. මෙසේ යෝජනාවී ඇත්තේ පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන එච්.බී. සේමසිංහ මහතාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඇමතිවරයකු වන සේමසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නායකයෙකුව සිටි කේ.බී. රත්නායක මහතාගේ බෑනා ය.
එම තනතුර සදහා මෙතෙක් යෝජනා වී තිබුනේ, හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සොහොයුරා වන එස්.එම්. රංජිත් මහතාය.
පළාත් සභා මැතිවරණයේදී එස්.එම්. රංජිත් මහතා මනාප1,05,232 ක් ද, බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා 95,027 ක් ද ඒ.එම්.බී. සේමසිංහ මහතා 30,912 ක් ද ලබා ගත්තේය.
මහ ඇමති අර්බුදය විසදා ගැනීම සදහා, ජනාධිපතිවරයා උතුරුමැද නියෝජිතයන් සමඟ ඊයේ (13) පවත්වන ලද සාකච්ඡාවේදී ඇතැම් පිරිස් එම තනතුර සඳහා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයෙකු නම් කරන ලෙස ද ඉල්ලීම් කර තිබේ.
කෙසේ වෙතත්, පළාත් සභා සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමතිවරුන් නම් කිරීම ලබන 16 වනදා දක්වා කල් දමා තිබ්. ඒ අනුව ලබන ඉරිදා රැස් වන සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගනු ඇත.








