උතුරුමැද මහ ඇමති ධුරය සඳහා තවමත් කෙනෙකු නම් කර ගත නොහැකිව ආණ්ඩුවේ නායකයින් අර්බුදයට පත්ව තිබේ.
බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට මහ ඇමති ධුරය දිය යුතු බවට පිරිසක් යෝජනා කරන අතර තවත් පිරිසක් යෝජනා කරන්නේ මෙවර අනුරාධපුරයෙන් වැඩිම මනාප ගත් එස්. එම්. රංජිත් මහතාට මහ ඇමති ධුරය දිය යුතු බවයි. කෙසේ වෙතත් මේ වන විට හිටපු කැබිනට් අමාත්‍යවරයකුද වන එච්. බී. සේමසිංහ මහතා පත් කරන ලෙසද යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.
මේ තත්වය හමුවේ ඊයේ උතුරු මැද පළාත් සභාවට තේරී පත් වූ සියලූම අපේක්ෂකයින් අරලියගහ මන්දිරයට ගෙන්වා වෙන් වෙන්ව ඔවුන්ගේ අදහස් විමසීමටද සන්ධානයේ නායකයෝ පියවර ගත්හ.
ආණ්ඩුවේ ප‍්‍රකාශකයකු පැවසුවේ, මේ ගැටලූව විසඳීමට තවත් දින එකක් හෝ දෙකක් ගත වනු ඇති බවයි. මහ ඇමති ධුරය තමන්ට නොලැබෙන්නේ නම් උතුරු මැද තේරී පත් වූ හය දෙනකුද සමග ගොස් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන බවට බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා තර්ජනය කර ඇතැයිද මේ අතර වාර්තා වේ.







