හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක් ඔක්තෝබර් මස 08වැනිදාට සහ ජනවාරි මස 28වැනිදාට කල් දමා තිබේ. අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කරන තිබිණි.
පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්ම ඔක්තෝබර් අට වැනිදාට කල් දමා ඇති අතර පළමු යුධ අධිකරණය මගින් ජෙනරාල් පදවිය අහිමි කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සම ජනවාරි 28වැනිදාට කල් දමා ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි කිරීමට එරෙහි පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්, මැතිවරණ කොමසාරිස්, යුධ හමුදාපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කර ඇත. අනෙක් පෙත්සමේ වගඋත්තරකරුවන් කර ඇත්තේ පළමු යුධ අධිකරණයේ විනිසුරු මඩුල්ල, යුධ හමුදාපති සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.






