A+ R A-

ඇමරිකානු යුද නෞකා 2ක් ලිබියාවට

E-mail Print PDF

 

ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයත් සමගම එරට වෙත එල්ලවූ ප්‍රහාරයත් සමගම එරට  වෙත ඇමෙරිකානු යුද නෞකා දෙකක් පිටත් කර හැරීමට තීරණය කළ බව පෙන්ටගන බලධාරීන් සදහන් කරයි. ඒ අනුව USSලැබූන් සහ  USSමැක්ෆොල් යන යුද  නෞකා බදාදා දිනයේදී මෙලෙස පිටත්ව ගිය බව සඳහන්ය. 

ඒවායේ ගමන් කළ හැකි සෙබළුන් සංඛ්‍යාව 300කි. එම නෞකා ඉදිරි දින කිහිපයේදී ලිබියාව වෙත ළඟාවීමට නියමිතව තිබේ. එසේම ඩ්‍රෝන යානාද ලිබියාව වෙත පිටත්කර හැරි බව ඔවුන් පවසයි. මීට අමතරව ලිබියාවේ ක්‍රියාත්මක කෙරෙන ඇමෙරිකානු රාජතාන්ත්‍රික කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මැරින් සෙබලුන් 50 දෙනෙකුද එරට වෙත පිටත්කර හැරි බව පෙන්ටගනය තවදුරටත් පවසයි.

මහම්මද්තුමාට අපහාස වන අයුරින් ඇමරිකාව විසින් නිර්මාණය කරන ලද සිනමා පටයකට විරෝධය පළකරමින් උද්ඝෝෂකයන් විසින් ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන් තානාපතිවරයා ඇතුළු එහි සේවකයන් තිදෙනෙකු මරුමුවට පත්විය.

මේ අතර ඊයේ දිනයේද ඊජිප්තුවේ සහ යේමනයේ ඇමරිකානු තානාපති කාර්යාල ඉදිරිපිට ඉස්ලාම් භක්තිකයන් විරෝධතාවල නිරතවූහ. 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

online

We have 235 guests online

Advertisment

advertisment