ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ මස අගදී මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීමට නියමිතය.
මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ අතර එහි අවසන් වාරිකය පසුගිය ජුලි මාසයේදී ලබා දුන්නේය.








