රියැලිටි වැඩසටහනක අවසන් දොලොස්දෙනා අතරට පත්වූ දෘෂ්‍යාබාධිත තරුණයකු සිය ප්‍රතිඵලය නිකුත් කිරීමත් සමඟම හෘදයාබාධයකින් මියගොස් ඇත. මෙසේ මියගොස ඇත්තේ "සිහිනය" රියැලිටි වැඩසටහනට සහභාගීවූමාතර නාවිමන දකුණ පදිංචි ජී. එස්. නලින්ද නමැති 28හැවිරිදි විවාහක තරුණයෙකි.
ඔහු යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි අනුෂිකා උදයංගනී (24) නැමති අන්ධ තරුණිය සමග විවාහයට පත්වී මාස 3ක් පමණ වන බවද අනාවරණය වෙයි. ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ එම රියැලටි දෘෂ්‍යාබාධ ගායන තරගයට සහභාගි වූ නලින්ද මහතා, එදින “හැරදා මෙසේ” යන ගීතය ගායනා කොට තිබේ.
එහිදී ඔහු අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට තේරීපත්වූ බව විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කිරීමත් සමග ඇතිවූ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයකින් මියගොස් ඇත.








