උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සදහා පැවැති පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ ප්‍රසාද ආසන 6 සදහා යෝජනා කරන ලද නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද දින දැනුම්දුන් බව එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ අනුව උතුරුමැද හා සබරගමුව පළාත්සභා සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප ලබාගත් පිළිවෙළ අනුව එම පළාත්වලට අයත් දිස්ත්‍රීක්කවලට එක් ප‍්‍රසාද ආසනය බැගින් වන සේ නාමයෝජනා කර ඇත.
එමෙන්ම නැගෙනහරි පළාතේ ත‍්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රීක්කය නියෝජනය වන අයුරින් ප‍්‍රතිලාභ ආසන සඳහා නාමයෝජනා කර ඇති අතර ත‍්‍රිකුණාමලය දිස්ත්‍රීක්කය සඳහා දමිළ අපේක්‍ෂකයෙකු හා අම්පාර දිස්ත්‍රීක්කය සඳහා එම දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිද හස් සන්ධානයේ ඊළගට වැඩිම මනාප ලබාගත් අපේක්‍ෂකයාද නම් කර ඇත.
මෙම පළාත් සභා මැතිවරණයෙදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගැනීම හේතුවෙන් එක් එක් පළාත් සඳහා ප‍්‍රතිලාභ මන්ත්‍රීධූර දෙක බැගින් නාම යෝජනා කර එවන ලෙස මැතිවරණ කොමසාරිස් දැනුම් දී තිබුණි.








