ඉදිරි සති කිහිපය තුළදී අකුණු සහිත වැසිබර කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එනිසා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසත් අවධානමෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරුමැද හා ඌව යන පළාත් වලට මෙම වැසි තත්ත්වය අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බලාපොරොත්තු විය හැකි බව චන්න මහතා සඳහන් කරයි. එසේම බස්නාහිර පලාතටද ස්ථාන කිහිපයකට කඩින් කඩ වැසි ඇතිවිය හැකිබව ඒ මහතා සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති විට සුලඟේ වේගය පැයට කි.මී. 60 ක පමණ වේගයක් ගතහැකි බව සඳහන් කරයි. සන්ධ්‍යා කාලයේ අකුණු අනතුරු ඇතිවිය හැකිබැවින් ඉන් ආරක්ෂා වීමටත් විදුලි උපකරණ භාවිත කිරිමේදී ද ආරක්ෂාකාරි පිළිවෙතක් අනුගමනය කරන ලෙස වැඩි දුරටත් සඳහන් කරයි.







