A+ R A-

දේශීය පුවත්

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්යවරියකට එම පීඨයේ සිසුවෙකුගෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ නීති පීඨයේ අංශාධිපති ආචාර්ය යශෝධරා කදිරගාමර් තම්බි මහත්මියයි. ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

2010 වසරේදී අතුරුදහන්වූ මාධ්‍ය වේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේදී හමුවූ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ලබන ජුලි 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හෝමාගම අධිකරණය අද නොතීසි නිකුත් කළේය.
ඒ එක්නැලිගොඩ මහතා අතුරුදහන්වීමට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීය.
මිනුවන්ගොඩ නගර සභාවේ සේවකයෙකු තම රැකියාව ස්ථීර කරන ලෙස ඉල්ලා නගර සභාව ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.

altලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති මැතිවරණයට අදාලව උතුරේ ජන්ද හිමි නාම ලේඛනයේ සං‍ශෝධන කටයුතු ඉදිරි සති 02ක ඇතුළත අවසන් කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

altමේ දිනවල තිරගතවන සිරිපැරකුම් චිත්‍රපටයේ පිටපත් 55ක් මුද්‍රණය කිරීමට අවසර ලබාදීමට එරෙහිව ගොනුකරන ලද පෙත්සමේ වගඋත්තරකරුවන්ට ජූලි මාසයේ 10වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

altබම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන‍ ගොස් ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සේවය අත්හිටුවා තිබේ.

හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා වන පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම වරදක් බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම වසරට අදාළ වාර්ෂික බස් ගාස්තු වැඩිවීම ලබන ජුලි මස 1 වැනිදා සිට සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ බස් සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිෂම අතර විශේෂ සාකච්ඡාවක් සිදුවිය.

කුරුණෑගල, නවගත්තේගම නවෝද්‍ය විද්‍යාලයේ ගුරුවරියක දණ ගස්වා දඩුවම් කළ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

altඋතුරු ප්‍රදේශයේ නිශ්චිත පියෙකු නැති බාල වයස්කාර දරුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව කාන්තා සංවිධාන ප්‍රකාශ කර සිටි.

altමහල් 5ක ගොඩනැගිල්ලකින් බිමට පනින ලද කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවිය අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මියගොස් තිබේ. විද්‍යාපීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ ඇය හම්බන්තොට ලුණුගම්වෙහෙර පදිංචිකාරියකි.

altපක්ෂ මූලස්ථානය වන සිරිකොතට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ සාමාජිකයන් 10 දෙනෙකු නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කරමින් ගෙන ඇති තීරණය වලකාලමින් අභියාචනාධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇමති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන්ද කප්පම් ලබා ගෙන ඇති බව පරීක්ෂණවලදී තහවුරුවී තිබේ. 
නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධියට විරෝධය පා අද පෙරවරුවේ ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය විරෝධතාවක් පැවැත්විණි. ගුරුවරු 200කට ආසන්න ප්‍රමාණයක් ඊට සහභාගීවී සිටියහ. අදාළ මන්ත්‍රීවරයාට වහා දඩුවම් කරන ලෙස ඔවුහු එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

altකොළඹ සරසවි විද්‍යා පීඨයේ පළමු වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක  අද පෙරවරුවේ විද්‍යාපිඨ ගොඩනැගිල්ලේ 5 වන මහලයෙන් බිමට පැන ඇති බව වාර්තාවේ. අදාළ සිසුවිය කුමන හේතුවක්  මත ‍මෙසේ පැන ඇද්ද යන්න පිළිබද මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර මේ වන විට ඇය කොළඹ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටී. 23 හැවිරිදි වන ඇය  හම්බන්තොට ලුණුගම්වෙහෙර පදිංචි සිසුවියක් බවද වාර්තාවේ. 

 

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්වූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ලබන මේ මස 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම අධිකරණය අද නියෝග කර තිබේ.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අද (17) ජාතික ගමනාගමන කොමිෂමේදී පැවැත්වේ. මේ සදහා බස් සංගම් 15කට පමණ ආරාධනා කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂම පවසයි.

කිසියම් අල වර්ගයක් ආහාරයට ගැනීම හේතුවෙන් මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි චීන ජාතිකයෙකු මිය ගොස් තිබේ. එම අල වර්ගය ආහාරයට ගත් තවත් චීන ජාතිකයන් දෙදෙනෙකු මේවන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තාවේ.

අත්අඩංගුවට ගනු ලැබූ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙනුවට බස්නාහිර උතුර දිශාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පත්කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

Page 1 of 82