Latest news
A+ R A-

විදෙස්

alt1966 සිට යුරෝපා සංගමය හා කියුබාව අතර සීමිත රාජ්‍යතාන්ත්‍රික සබදතා පවත්වාගෙන යනු ලබයි.යුරෝපා සංගමය හා කියුබාව අතර වන නව සාකච්ඡා ලබන මස සිට ආරම්භ කිරීමට යුරෝපා සංගමය එකගවී ඇතැයි කියුබාවවේ සිටින යුරෝපා සංගම් තානාපති පවසා ඇත. මෙම ද්විපාර්ශවික සාකච්ඡා ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ. කියුබාවේ දෙවන ප්‍රධානතම වෙළද හවුල් කරු වන්නේද  යුරෝපා සංගමයයි.  

altසෞදි ආරබියේ හෝටලයක ඇතිවූ ගින්නකින් විදේශික වන්දනාකරුවන්  15ක් මියගොස් තවත් 130 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ. මෙම ගින්න හටගෙන ඇත්තේ සෞදි ආරබියේ මදීනා නගරයේ නැගෙනහිර පෙදෙසේ පිහිටි හෝටලයක් තුලය. විවිධ රටවලින් පැමිණි වන්දනාකරුවන්  700ක් පමණ මෙම හෝටලයේ රැදී සිට ඇත. මියගිය විදේශිකයින් කවුරුන්ද යන්න මේ වන විට නිශ්චිතව  හදුනාගෙන නොමැති බව සෞදි බලධාරීන් පවසා ඇති අතර ඒ ගැන වහාම සොයා බැලීමට අදාල අංශ කටයුතු කරගෙන යන බවත් හැකි ඉක්මණින් සත්‍ය තොරතුරු ලබාදෙන බවයි 

altපකිස්ථානයේ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා තලේබාන් වෙඩි පහරට ලක්වීමෙන් පසු වෛද්‍ය ප්‍රත්‍රිකාර සදහා දැනට බ්‍රිත්‍යානයේ වෙසෙන මලාලා යුෂුප්සායිට ස්වීඩනයන් පිදෙන ළමුන් සදහා වන ‘ලෝක ළමා ත්‍යාගය‍‘ සදහා නිර්දේශවී තිබේ මෙම ත්‍යාගය ‘ළමා නොබෙල් ත්‍යාගය‘ ලෙසද හදුවන්වයි. 15 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර ජුරි සභාවේ සාමාජිකයකු වන කිවී කෙජෙල්බර්ග් පවසන්නේ මලාලා පකිස්ථානයේ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පමණක් නොව ලොව පුරා වෙසෙන කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ඇය පෙනී සිටි බවයි. 

altඉරිදා පැවැති එල් සැල්වර්දෝර් ජනාධිපතිවරණයේ මෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එරට වාමාංශික අපේක්ෂක සැල්වර්දොර් සාන්චෙස් සෙරෙන් ඉදිරියෙන් සිටින බව වාර්තාවේ. ගණන් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන්  49.11% සැල්වර්දෝර් සාන්චෙස් සෙරෙන් ලබාගෙන ඇතැයි වාර්තාවේ. එරට ව්‍යවස්ථාවට අනුව වලංගු ඡන්ද සංඛ්‍යා‍වෙන් 50% කට වඩා අපේක්ෂකයකු ජනාධිපතිවීමට ලබා ගතයුතුය. එරට 1980-1992 සිවිල් යුද්ධයේ දී පැරමුන්ඩෝමාටි ජාතික නිදහස් පෙරමුණේ ගරිල්ලා නායකයා ලෙස කටයුතු කලේද වාමාංශික අපේක්ෂක සැල්වර්දොර් සාන්චෙස් සෙරෙන්ය.

alt

පසුගියදා සම්මත කරගත් නව ව්‍යවස්ථාවෙන් පසු අන්තර්වාර ආණ්ඩුව විසින් ඉක්මන් ජනාධිපතිවරණයක් ඊජිප්තුවේ පැවැත්වීමට තීරණය කර ඇතැයි එරට අන්තර්වාර ආණ්ඩුවේ ජනාධිපති වන අඩ්ලි මන්ෂුර් මහතා පවසා ඇත. ඒ අනුව මහමැතිවරණයකට පෙර හදිසි ජනාධිපතිවරණයක් ඊජිප්තුවේ පවත්වනු ඇත. හොස්නි මුබාරක් බලයෙන් පහකිරීමේ තෙවැනි සංවත්සරය සැමැරීමට පසුගිය සෙනසුරාදා තහීර් චතුරශ්‍රයට දහස් ගණනක ජනතාවක් රැස්වී සිටි අතර එහිදී කැපීපෙනෙන සිද්ධිය ලෙස දක්නට ලැබූනේ වත්මන් හමුදාපති සිසීලිගේ ඡායාරූප හා බැනර් විශාල ලෙස ප්‍රදර්ශනය කිරීමට කටයුතු සකස්කර තිබුනු අයුරුයි. 

altතායිලන්තයේ බැංකොක් නගරයට හා ඒ අවට පලාත් වලට බලපාන ලෙස දින 60ක හදිසිනීතිය පනවා ඇත. මාස කිහිපයක සිට පවතින උද්ඝෝෂණ හේතුවෙන් තායිලන්ත ආණ්ඩුව බරපතල දේශපාලන අර්බූදයක ගිලී ඇත. ඊයේ (21) රැස්වූ එරට කැබිනට් මණ්ඩලය විසින් හදිසි නීතිය පැනවීමට තීරණය කර තිබේ. මේ මගින් තායිලන්ත ආණ්ඩුවට උද්ඝෝණ මර්දනය කිරීමට අමතර බලතල ලැබේ. 

altහෙට ස්විස්ටර්ලන්තයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ සිරියානු සාම කතා සදහා ඉරානයට කරනු ලැබූ ආරාධනය එක්සත් ජාතීන් විසින් අවලංගුකර ඇතැයි වාර්තාවේ.. එයට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ සිරියානු විරුද්ධ පක්ෂයේ බලවත් විරෝධයත් හා සාම සාකච්ඡා සදහා සාහභාගී නොවන බවට කරනු ලැබූ තර්ජනය නිසාය. මේ ගැන එක්සත් ජාතීන්ගේ මාධය ප්‍රකාශක මාටින් නෙසරිස්කි ඊයේ ප්‍රකාශයක් කරමින් ඉරා‍නයේ සහභාගීත්වයක් නොමැතිව සාම සාකච්ඡා පැවැත්වෙන බව තහවුරු කළේය. 

altහිටපු අගමැති ඒරියල් ෂරෝන් අභාවප්‍රාප්ත වූ බව ඊශ්‍රායල් ආණ්ඩුව විසින් නිවේදනය කරනු ලැබිණි. වසර කීපයක් සිහි මූර්ඡා තත්වයේ පසු වූ හිටපු අගමැතිවරයා මිය යන විට අසූ හය වන වියේ පසු විය. ශක්ති සම්පන්න එසේම විවාදාත්මක චරිතයක් වීම නිසා අගමැති ඒරියල් ෂරෝන් සමාජය තුළ ජනප්‍රිය ව සිටියේ ‘බුල්ඩෝසරය’ නමිනි. 

altදරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැද පැවැත්වුණු බංග්ලාදේශ මහ මැතිවරණයේදී දොළොස් දෙනකු වත් මරුමුවට පත් වී තිබේ.

මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දදායක සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතින.

Page 8 of 17

පුවත්

online

We have 116 guests online

Advertisment

advertisment