A+ R A-

විදෙස්

 

altපුද්ගලයින් පිරිසක් විසින් දූෂණය කරන ලද තරුණියක් පොලිසියේ බලපෑම් හමුවේ සිය දිවි නසාගෙන ඇතැයි ඉන්දියාවෙන් වාර්තා වේ. මිය ගොස් ඇත්තේ 17හැවිරිදි තරුණියකි.

 

altපිළිකා නාශක ඖෂධයක් සොයා ගත් කියුබාව ප‍්‍රකාශ කරයි. එම ඖෂධය ‘විඩාටොක්ස් - 30සී එච්’ ලෙස නම් කර ඇත. කියුබාවට ආවේණික ගොනුස්සන් විශේෂයක විෂ මේ සඳහා භාවිත කරයි. පියයුරු, අක්මා, මොළය, පුරස්ථග‍්‍රන්ථි හා පෙණහළු පිළිකා මැඩලීමට මෙම ඖෂධය භාවිත කළ හැකි යැයි පර්යේෂකයෝ පවසති.

 

altතමන් කැරැලිකරුවන් හා එක්වන බව සිරියානු මිලිටරි පොලිසියේ ප‍්‍රධානියා විසින් ප‍්‍රකාශ කිරීමත් සමග ජනාධිපති බෂීර් අල් අසාද්ගේ තවත් ආධාරකරුවන් ඔහු අනුගමනය කරනු ඇතැයි මත පළ වී තිබේ.

 

altඑක්වර පුද්ගලයන් හතර දෙනකු එකතැන රැස්වී නොසිටිය යුතු බවට නවදිල්ලි පොලිසිය විසින් පසුගිය ඉරිදා දිල්ලියේ ජනතාවට දැනුම් දී තිබේ.

 

altජසින්තා සල්දන්හා නමැති 46 හැවිරිදි ඉන්දිය ජාතික හෙදිය සිය දිවි නසාගැනීම පිළිබද ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි නිවේදක යුවලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නට බ්‍රිතාන්‍ය‍ පොලිසිය සූදානම් වේ.

 

altඇමරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම් ලෙස ජෝන් කෙරී නම් කර තිබේ. හිලරි ක්ලිංටන්ගෙන් පසුව රාජ්‍ය ලේකම්වරයා ලෙස ඔහු පත් වනු ඇත.

 

altවිකිලීක්ස් වෙඞ් අඩවි ජාලයේ නවතම හෙළිදරව්ව වශයෙන් ලෝකයේ සෑම රටකටම අදාළවන රහසිගත ලියැවිලි මිලියනයක් නිකුත්කරන්නට විකිලීක්ස් වෙබ් ජාලය සූදානම් බව එහි නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පවසයි.

 

චීනය ආසන්නයේ පිහිටි ‘සෙන්කාකු’ ලෙසින් හඳුන්වා ජපානය විසින් පාලනය කරන දිවයින සම්බන්ධයෙන් අයිතිය ප‍්‍රකාශ කිරීමේ කටයුතු චීන රජය විසින් ආරම්භ කර තිබේ.

 

දෙසැම්බර් 9දින පිලිපීනයේ දකුණුදිගදූපත්වල ඇතිවූ දරුණු කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව දහස ඉක්මවන බව වාර්තා වේ.

‘භෝපා’නමින් හඳුන්වන ලද මෙම කුණාටුව පිලිපීනයේ මින්ඩනා ඕ දූපතේ ඩවා ඕ ඔරියන්ටල් සහ කොම්පොස්ටෙලා නිම්න ප‍්‍රදේශයේ ධීවරයන් හා කඳුකර ගම්වාසීන් වෙත මහත් වූ විපත් ඇතිකර තිබේ.

Page 10 of 11

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search