Latest news
A+ R A-

ව්‍යාපාරික

රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් සිදුකිරීමට නියමිත ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදෙයි.
මෙම නිකුතුව විවෘත වන්නේ 2014 නොවැම්බර් 28 වනදායි.
මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
නිකුතුව කළමනාකරණය කරන්නේ එන්.ඩී.බී. ආයෝජන බැංකුවයි.

altකොළඹ කොළෙඳ පොල සියළු නිවේදන හා ලියකියවිලි රජයේ තෛභාෂා ප්‍රතිපත්තියට අනුකූල වෙම්න් සිංහල,දෙමළ මාධ්‍ය යෙන්ද ඵල කිරිමට වහා පියවර ගන්න යැයි කොළඹ කොටස් වෙලෙඳ පොළ සුළු පරිමාණ ආයෝජක ප්‍රජාව නම්න් කුරුණෑගල ආයෝජක එකමුතුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ බලධාරින් වෙත ලිපියක් ලියමින් ඉල්ලා සිටි.

 

මේ සමිබන්ධයෙන් රන්දොරට ප්‍රකාශයක් කරමින් එහි සාමාජිකයෙකු පවසා සිටියේ මේ පිළිබඳව ඉදිරියේදි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට හා මානව හිමිකම් කොමිෂමට ගොස් පැමිණිල්ලක්ද කිරිමට පියවර ගන්නා බවයි.

 

“අපි වගේ මේ රටේ බහුතරයක් හොදටම දන්නේ එක්කෝ සිංහල නැතිනම් දෙමළ .කොටස් වෙළෙඳ පොල වැනි තරමක සංකීර්ණ වෙළෙඳ පොළක ආයෝජනය කිරිමේදි අපි ඒවායේ සැබැ තත්ත්වය දැන ගත යුතුයි.මෙහි නිවේදන ඉංග්‍රීසියෙන් පමනක් තිබෙන නිසා අපිට ඒවා නිසි පරිදි තේරුම් ගන්න අමාරුයි.මේ නිසා අපි වලේ වැටුණු වාර අනන්තයි.”

 

එසේම ආන්තික ණය උගුල් වලට ඇතැම් දෙනා නොදැනුවත් කමින් වැට් ඇති බැවින් වහා ඒ සම්බන්ධයෙන්ද පියවර ගෙන වෙළෙඳ පොල විනිවිද බව ආරක්ෂා කර දෙන ලෙසද මෙම පිරිස් වැඩිදුරටත් මෙම ලිපියෙන් ඉල්ලා ඇත.
 

කොළඹ කොටස් වෙළෙඳ පොලේ මේ දිනවල අනිවාර්ය අර්පණ නිකුත් කර ඇති සමාගම් ඉලක්ක කර දැවැන්ත මිල පෙරළි රැල්ලක් කෘතිමව මේ වන විට විවධ බලපුළුවන්කාර තැරැවිකාර පිරිස් විසින් දියත් කරමින් පවතින බව පෙනි යන බැවින්  ඉතා ප්‍රවේශම්කාරිව ආයෝජනයේ යෙදෙන ලෙස ජනතාවට කියා සිටින්න යැයි ,මධ්‍යස්ථ කොටස් වෙළෙඳ පොළ විශ්ලේශකයෝ රන්දොරට පවසා සිටියහ.  altalt

කොළඹ කොටස් වෙළෙඳ පොලේ මේ දිනවල අනිවාර්ය අර්පණ නිකුත් කර ඇති සමාගම් ඉලක්ක කර දැවැන්ත මිල පෙරළි රැල්ලක් කෘතිමව මේ වන විට විවධ බලපුළුවන්කාර තැරැවිකාර පිරිස් විසින් දියත් කරමින් පවතින බව පෙනි යන බැවින්  ඉතා ප්‍රවේශම්කාරිව ආයෝජනයේ යෙදෙන ලෙස ජනතාවට කියා සිටින්න යැයි ,මධ්‍යස්ථ කොටස් වෙළෙඳ පොළ විශ්ලේශකයෝ  පවසා සිටියහ. 

මෙරට සිදු කරන විශාලතම ඇමෙරිකාණු ආයෝජනය සිදු කරමින් කොළඹ යුනියන් බැකුවේ  75% දක්වා ප්‍රමාණයක් රුපියල් බිලියන 15ක (ඩොලර් මිලියන 113) ආයෝජනයකින් අත්පත් කර ගැනිමට කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම එකඟතාවයකට පැමිණ තිබේ.

මේ අනුව වසර 15 ක් ඇතුළතදි මෙම ආයෝජනය  15%දක්වා අඩු කිරිමට පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ. මේ යටතේ මුලින්ම පුද්ගලික කොටස් (Private Placement) නිකුතුවක් සිදු කිරිමට නියමිත අතර මේ අනුව කොටසක් රුපියල් 15.30බැගින් ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් මිලියන 742.1මෙහිදී එකඟ වී තිබේ.

මෙයට අමතරව වසර 06ක කල් පිරිමේ පදනමකින් රුපියල් 16ක නිර්දේශිත මිලකට කොටස් බලපත්‍ර මිලියන 218.2ක් ද නිකුත් කිරිමට නියමිතය. මෙහිදී, කොටස් බලපත්‍රයක් විකුණන්නේ ශත 0.30ක මුදලකටයි.

මහජන බැංකු සභාපති ධූරයේ කටයුතු කරමින් සිටින ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් ඉල්ලා අස්වීමට නියමිත බව එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ගාමිණී සෙනරත්ගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව ඔහු විසින් රාජ්‍ය ආයතන කිහිපයක සභාපති ධූර දැරීම නිසා ඇතිවී ඇති අවිවේක භාවය ලෙසට ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කළත්, ඊට සැබෑ හේතුව වී ඇත්තේ රජයේ හිතවතුන්ට ණය ලබා දීමට හා එසේ ලබාදුන් ණය අයකර ගැනීමට නොහැකි විටදී බොල් ණය ලෙස කපා හැරීමට ආණ්ඩුවේ දේශපාලඥයින්ගෙන් ඔහුවෙත එල්ලවන පීඩනය ඉවසා දරා ගැනීමට නොහැකි වීම බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ වෙතත් තහවුරු නොකළ ආරංචි මාර්ග පවසා සිටින්නේ මහජන බැංකුවේ සභාපති ධූරයෙන් සමුගන්නා ගාමිණී සෙනරත් මහතා ජනාධිපතිවරයා විසින් ඊටත් වඩා බැරෑරුම් නිල ධූරයක් සඳහා පත්කිරීමට නියමිත බවය.

අරමුණු සඳහා අවශ්‍ය සංවිධානය ගොඩනැගීමේ අරමුණින්, ශ‍්‍රම බලකාය නැවත සකස්කිරීමේ පියවරක් ලෙස ඉදිරි වසරේදී සේවකයන් 18000ක් ඉවත් කිරීමට නියමිත බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී සත්‍යා නාදෙල්ලා පවසයි.

මේ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මුළු සේවකයන් ප‍්‍රමාණයෙන් 14%ක් මෙලෙස ඉවත් කෙරෙනු ඇති අතර එය සමාගමේ ඉතිහාසයේ වැඩිම සේවක ඉවත් කිරීම මෙය බව පැවසේ.

ඉන්දියානු ජාතික සත්‍යා නාදෙල්ලා මයික්‍රොසොෆ්ට් සමාගමේ ප‍්‍රධාන විධායක ධුරයට පසුගිය වසරේදී පත්වූ අතර සමාගම මෙහෙයවීම සඳහා ඔහුට වඩා සුදුස්සෙකු නැතැයි බිල් ගේට්ස් විසින්ද පවසනු මොහුගේ අගමනයත් සමග පසුගිය වසරේදී බංකොළොත්වූ ෆින්ලන්ත නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 7.4කට මිලදී ගනු ලැබිණි.

ලංකා බැංකුව ලොව හොදම බැංකු දහස අතරින් එකක් වශයෙන් ලොව ප්‍රමුඛ පෙළේ බැංකුකරණ හා මූල්‍ය සඟරාවක් වන දබෑන්කර් - 2014සඟරාව විසින් නම්කර ඇත.

ලොව බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ඇගයීමට ලක්කිරීම උදෙසා ලොව හොදම බැංකු 1000තේරීම වාර්ෂිකව සිදු කරනු ලබයි.

මහ බැංකු නියමයන් අනුව, වසර 09ක අඛණ්ඩ කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සේවා ධුර කාලය සපුරා එහි සභාපති ධුරයෙන් මෙම 28දා  දිනේෂ් විරක්කොඩි සමුගැනීමට නියමිතය.

ඒ වෙනුවට එහි වත්මන් උප සභාපති හා හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ධර්මා ධීරසිංහ නව සභාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත බව පැවසේ.

altඇපල් සාමගම විසින් සැම්සුම් සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කළ ඇමරිකවේ කැලිෆෝනියා අධිකරණය විසින් ඇපල් සමාගම වෙත ඩොලර් මිලියන 119.6ක් ගෙවීමට සැම්සුන් සමාගමට නියෝග කරමින් එම නඩුවේ තීන්දුව ලබාදී ඇත. 

Page 1 of 3

පුවත්