A+ R A-

ව්‍යාපාරික

altශ්‍රී ලංකාවේ පවතින සිය මෙහෙයුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙලිකොම් සමාගමක් වන එටිසලාට් වෙත විකිණීමට භාරතී එයාර්ටෙල් සැරසෙන බව වාර්තා වේ.

ණය ප්‍රමාණය වැඩිවීම රට සංවර්ධනය වීමේ සංඥාවක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු මෙසේ පැවසුවේ බිස්නස් ටුඩේ සගරාව සංවිධානය කළ ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් 25 දෙනා හට සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවයේදීය. ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත ක්‍රවුන් සමූහයට අයත් යෝජිත කැසිනෝ සංකීර්ණයේ සන්නාම තානාපතිවරුන් ලෙස ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් සහ ලාංකිකයන් අතර ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ටෝනිග්‍රෙග් ගේ බිරිඳ විවියන් ග්‍රෙග් පත් කිරීමට ජේම්ස් පැකර් තීරණය කර ඇත. විරෝධතා මධ්‍ය යේ ආණ්ඩුව කොළඹ බේරේ වැව අසල කැසිනෝ සහිත හෝටලයක් ඉදිකිරීමට පැකර්ට අනුමැතිය ලබාදුන් අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 400ක ව්‍යාපෘතියකි.

altපොදු රාජ්‍ය මණ්ඩලීය රාජනාක සමුළුව පැවැත්වීමට පෙර මෙම නොවැම්බරයේදී පමණ ලංකාව හා චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන බව ආණ්ඩුව ඊයේ පැවසීය.

මාලදිවයින් සමාගමක් වන ඊඕඑන් රිසෝර්ට් සමාගමට කාමර 300කින් යුතු මහල් 45කින් යුතු එමෙන්ම හෝටලය තුළ සුපිරි නිවාස 100ක් අන්තර්ගත මහා පරිමාණ හෝටලයක් ඉදි කිරීම සදහා ලංකාවේ ආණ්ඩුව අවසර ලබා දී තිබේ. මෙම හෝටලයේ සම්පූර්ණ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 170කි. මෙම හෝටලය බේරේ වැව අසල සුරාබදු දෙපාර්තමේන්තුව පිහිටි ඉඩමේ ඉදිකිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. 
 

 

රාජ්‍ය බැංකු හරහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

අන්තර්ජාතික බැංකු හරහා ඉහළ පොලී අනුපාත යටතේ මෙලෙස බැඳුම්කර අලෙවි කොට ණය ලබාගැනීම නිසා ඉදිරි වසර පහ ඇතුළත ලංකාව උග්‍ර ණය අර්බුදයක සිරවනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අවධාරණය කරති.

 

altGSP + සහනය අහිමිවීමත් සමඟ මෙරට කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ලැබෙන අපනයන ඇනවුම් ප්‍රමාණය පහත වැටී ඇති බවත් ව්‍යාපාරික ආරංචි මාර්ග පවසයි.

 

altපසුගිය වසර තුළ මෙරට සමස්ත උද්ධමනය 9.2% දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දේ. මහ බැංකුවට අනුව 2011 වසරේදී සමස්ත උද්ධමනය අගය පැවතියේ 4.9%කි.

 

වෙළඳ පොළ පොලී අනුපාත තීරණය වීමට බලපාන සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

මේ අනුව, මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් අංක 25 කින් පහළ දැමීමට කටයුතු කර තිබෙන අතර ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය සියයට 7.50 ක් දක්වාත් ප්‍රතිවිකුණුම් පොලී අනුපාතය සියයට 9.50 ක් දක්වාත් මෙම සංශෝධනය සමග පහළ දමා ඇත.

Page 2 of 2

Advertisment

advertisment