Latest news
A+ R A-

ක්‍රීඩා

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ. බී. ද විලියර්ස් පන්දු තිස් එකක දී ලකුණු සියයක් ලබා ගනිමින් එක් දින ජාත්‍යන්තර තරඟයක දී ලබා ගත් වේගවත්ම ශතකය වාර්තා කළේය.
ඔහු මෙම ලෝක වාර්තාව තැබුවේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ අද (18) පැවති තරඟයේදීය. මෙහිදී ඔහු රැස් කළ මුළු ලකුණු ප්‍රමාණය 149කි. පන්දු හතළිස් හතරකට මුහුණ දී රැස් කළ එම මුළු ලකුණු ප්‍රමාණයට හතරේ පහර නවයක් සහ හයේ පහර දහසයක් ඇතුළත් විය.
මෙම ඉනිමේ දී, එක් දින ජාත්‍යන්තර තරඟයක දී වැඩිම හයේ පහර ප්‍රමාණයක් රැස් කිරීමේ ලෝක වාර්තාව සම කිරීමට ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ද විලියර්ස් ට හැකි විය.
මේ අතර එක් දින ජාත්‍යන්තර තරඟයක දී රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ද වාර්තා කිරීමට ඒ. බී. ද විලියර්ස් සමත් වෙයි.
පන්දු දහසයක දී ලකුණු පනහක් ලබා ගනිමින් ඔහු බිඳ හෙළුවේ වසර දහ නවයක් තිස්සේ සනත් ජයසුරිය සතුව තිබූ ලෝක වාර්තාවයි.

altසංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර  හත්වැනි එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 87ක ජයග‍්‍රහණයක් ලැබීය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රි ලංකාව සිය පන්දු  ඕවර 50 අවසානයේ කඩුළු 06ක් පමණක් දැවී ලබා ගත් ලකුණු  302ට පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ පන්දු  ඕවර 45.5ක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 215ක් පමණි.
අනුව තරඟ 07කින් සමන්විත වූ තරඟාවලිය ශ‍්‍රි ලංකා කණ්ඩායම විසින් 7-2ක් ලෙස ජය ගත්තේය.

ලෝක ශූර දකුණු අප්‍රිකානු මලල ක්‍රීඩක මිබුලානි මුලාවුඩුසි එරටදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. ජෝහැන්නස්බර්ග්හි පැවැති මලල ක්‍රීඩක රැස්වීමක් සඳහා සහභාගිවීමට යමින් සිටියදී ඔහු මෙසේ අනතුරට පත්ව තිබිනි.
මීටර් 800 හිටපු  ලෝක ශූරයෙකු මෙන්ම, ඔලිම්පික් රීදී පදක්ම් ලාභී ක්‍රීඩකයෙකු වූ 32 හැවිරිදි මිබුලානි 2013 වසරේදී මලල ක්‍රීඩාවෙන් සමුගත්තේය.
 
මුලාවුඩුසිගේ දක්ෂතා
ඔලිම්පික් - රීදී (2004)
ලෝක ශූරතා - රන් (2009),ලෝකඩ (2003)
ලෝක ශූරතා ගෘහස්ථ - රන් (2004), රිදී (2006, 2008)
පොදුරද මඬුළු - රන් (2002)
17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ චීනයේ, ඉංචියෝන් හි අද (03) පැවැති පන්දුවාර 20-20 අවසන් තරඟයේ රන් පදක්කම හිමිකර ගැනීමට ලංකා කණ්ඩායම සමත් විය.
ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමග පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1දී ලකුණු 133ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ පන්දුවාර 17.4දී සියලු දෙනා දැවී, ලකුණු 65ක් පමණි.
ආසියානු කී‍්‍රඩා උළෙලක ලංකා කණ්ඩායමක් රන් පදක්කමක් දිනා ගත්තේ වසර 12කට පසු වීම මෙහිදී විශේෂයක් විය.
ලෝක ජිවිතාරක්ෂක ශුරතවාය - 2014 ප්‍රන්ශයේ මොන්පිලිය නගරයේදි මෙම මස 13 සිට 28 පැවත්වෙන අතර එයට රටවල් විශාල ප්‍රමානයක් සහභාගි වන අතර මෙම තරගාවලිය සදහා ලංකාව නියෝජනය කරමින් 16 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් සහභාගි විය.
එම කන්ඩායමට ක්‍රිඩකයන් 12දෙනෙක් ඇතුලත් අතර කළමනාකරු ලෙස හිරාන් උක්වත්ත, සහාය කළමනාකරු ලෙස ලසාල් ජයතුන්ග, පුහුනුකරු ලෙස රොෂාන් විජෙසිංහ, සහායක පුහුනුකරු සහ තරගාවලියේ සම්බන්දිකරන නිලදාරි ලෙස ජානක උඩගෙදරත් කටයුතු කරති.

වසර 31කට පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජය කර එක්දින තරගයක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය 31 දින සමත්විය.

ඒ හරාරේ හි පැවැති තරකයකදී ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 210ක ඉලක්කය පන්දුවාර 48කදී පසුකර යමිනි. 

ලකුණු 210ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරු යුගලය ටිනෝ මවෝයෝ හා සිකන්ධර් රාසා සමත්විය. 

නැවතත් බ්‍රෙන්ඩන් ටේලර් හා හැමිල්ටන් මැසකඩ්සා තෙවැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනගමින් සිමිබාබ්වේ කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ආවේය. ලකුණු 156ක් වන විට ඔවුන්ගේ හත්වැනි කඩුල්ලද බිඳ වැටුණි.

නමුත් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ එල්ටන් චිකුන්බුරා නොදැවී ලකුණු 52ක් රැස්කරමින්, ප්‍රොස්පර් උට්සේයා හා එක්ව සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

altතරග තුනකින් සමන්විත වූ ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමත් සමග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි කර ගැනීමට ලංකා කණ්ඩායම සමත්  විය. ඊයේ පැවති තරගයේ දී පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 32.1ක දී සියලු දෙනා දැවී ලකුණු 102ක් ලබා ගත්හ. තිසර පෙරේරා පන්දුවාර 8ක් යවා ලකුණු 34කට කඩුළු 4ක් දවා ගැනීම විශේෂත්වයක් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.2කදී කඩුළු තුනක් දැවී ලකුණු 104ක් ලබා ගනිමින් තරගයේ ජය හිමි කර ගත්තේය. තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.

මහවැලි අධිකාරිය සුරැකීමේ සමස්ත වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් සංවිධානය උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඊයේ (27) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.මහවැලි අධිකාරිය සුරැකීමේ සමස්ත වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ

බලධාරීන් සමග දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් තම ඉල්ලීම් ඉල්ලා සිටියද කිසිදු සුබදායි ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කළ බවයි.

 

එම නිවේදනයට අනුව ඔවුන්ගේ ඉල්ලීම් පහත පරිදි වේ.

ලංකා කණ්ඩායම හා පකිස්ථානය අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 77ක ජයක් ලබාගැනීමට ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50අවසානයේ කඩුළු 9ට ලකුණු 310ක් ලබා ගැනීමට සමත් විය. 

මෙහිදී ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 93ක්ද,මහේල ජයවර්ධන ලකුණු 67ක්ද, තිසර පෙරේරා අගනා ලෙස පිත්ත හසුරවමින් ලකුණු 65ක් ද ලබා ගන්නා ලදී. 
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් තුළ සියලුදෙනාම දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 233ක් පමණි. 
එහිදී පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් හෆේස් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වූ අතර පන්දු යැවීමේදී තිසර ලකුණු 19ට කඩුළු 3ක්ද,ප්‍රසන්න ලකුණු 36ට කඩුළු 2ක්ද,රංගන හේරත් ලකුණු 38ට කඩුළු 2ක්ද දවාගැනීමට සමත්වී තිබේ.

ලකුණු සටහන

Page 1 of 13

පුවත්

online

We have 56 guests online