Latest news
A+ R A-

කලා

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන විද්‍යෝදය සාහිත්‍යය සම්මානෝත්සවයේ නව වන සම්මාන උළෙල සැප්තැම්බර් පළමුවන දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විනි. මෙම සම්මාන උළෙලේ දී: 2013 වසරේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතාව, විශිෂ්ටතම ගේයකාව්‍ය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සහ විශිෂ්ටතම පුවත්පත් ලිපි සංග්‍රහය සඳහා සම්මාන පිරිනැමුණි.
විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය ‘‘කුරුලු හදවත’’ නවකතාවේ කර්තෘ ආචාර්ය ලියනගේ අමරකිර්තිට හිමිවිය. එම කෘතිය සුරස ප්‍රකාශනයකි. විශිෂ්ටතම කෙටිකතාවට හිමි සම්මානය ‘‘කියනු මැන දිවි අරුත’’ කෘතියේ කර්තෘ ආචාර්ය ගුණදාස අමරසේකරට හිමිවිය. එය විසිදුනු ප්‍රකාශනයකි. විශිෂ්ටතම පද්‍ය කාවයයට හිමි සම්මානය ‘‘මීළඟ මිවිත’’ කෘතියේ කර්තෘ රුවන් බන්දුජිවට හිමි විය. මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. විශිෂ්ටතම ගේයකාව්‍යට හිමි සම්මානය ‘‘ඉස්සර විදියට කොපර කොපර පිපිඤ්ඤා’’ කෘතියේ කර්තෘ අමරසේන කංකානම්ගේට හිමිවිය. මෙම කෘතිය කිංකිණි ක්‍රියේෂන් ප්‍රකාශනයකි.
විශිෂ්ටතම පුවත්පත් තීරු ලිපියට හිමි සම්මානය මෙවර කෘති ද්විත්වයකට පිරිනැමුණි. ඒ ‘‘ජිවිතයේ ප්‍රබෝධය සහ මරණයේ අසිරිය’’ කෘතියේ කර්තෘ වික්ටර් අයිවන්ට සහ ‘‘වගතුග’’ කෘතියේ කර්තෘ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහට යි. ඔහුට හිමි සම්මානය ලබාගත්තේ කෘතියේ ප්‍රකාශක සිරිසුමන ගොඩගේ විසිනි. ‘‘ජිවිතයේ ප්‍රබෝධය සහ මරණයේ අසිරිය’’ කෘතිය රාවය ප්‍රකාශනයකි.

විශ්ෂ්ඨ ඝනයේ සිනමාවේදියකු, කැමරා ශිල්පියකු හා සිනමා හා රූපවාහිනී ගුරුවරයෙකු හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ ඇන්ඩෘෘ ෆීලික්ස් ජයමාන්න ඉතාලියේ මිලානෝ නගරයේදී අභාවප්‍රාප්ත විය.

1943 වර්ශයේදී මීගමුවේ උපත ලද ඇන්ඩෘෘ ජයමාන්න මියයන විට 71 වන වියේ පසුවිය.

ජනප්‍රිය නිළි රෙබෙකා නිල්මිණි (49) මහරගම දී ඊයේ (13)අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය පිළිකා රෝග තත්වයක් හේතුවෙන් පසුගිය කාලයේ රෝගාතුරව සිටි බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරන අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අට වන පියවර 2014 සැප්තැම්බර් 06 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඊයේ (05) දින අදාළ උළෙලට නිර්දේශිත පළමු වටයේ කෘති දහය ප්‍රසිද්ධ කර ඇත.

එම පොත් 10 පහත සඳහන් පරිදි වේ.

 

 කුරුලු හදවත - ලියනගේ අමරකීර්ති - සුරස ප්‍රකාශන

තාරා මගේ දෙව් දුව - නිශ්ශංක විජේමාන්න - විදර්ශන ප්‍රකාශන

මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන - සම ප්‍රකාශන

ලොවීනා - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන

මරියා සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර - විදර්ශන ප්‍රකාශන

කාල නදී ගලා බසී - නෝබට් අයගම - සුරස ප්‍රකාශන

පාද යාත්‍රා - එරික් ඉලයප්පාරච්චි - ගොඩගේ ප්‍රකාශන

සෞම්‍යා ලෝකය - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි ප්‍රකාශන

දණ්ඩ භූමි - ටෙනිසන් පෙරේරා - සරසවි ප්‍රකාශන

ප්‍රින්ස් - ජයතිලක කම්මැල්ලවීර - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය  

 

මෙම කෘති 10 තුළින් තෝරාගනු ලබන එක් කෘතියකට ස්වර්ණ පුස්තක සම්මානය පිරි නමනු ඇත.

 

ලන්ඩනයේ වෙසෙන කලා රසික ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකතුව පිහිටුවා ගෙන ඇති අගෝරා නමින් හැඳින්වෙන  කලා සංසදය විසින් පසුගිය 12වනි සෙනසුරාදා අපූරුතම ගී රස වින්දනයක් සංවිධානය කොට තිබිණි.  ලන්ඩනයට තරමක් නුදුරින් පිහිටිහි   Watford - Havebreaks Hub   ප්‍රජා ශාලාවෙහි සංවිධානය කොට තිබූ මෙම අගෝරා කලා සංසදයේ සමාරම්භක කලා උලෙළ සුදත් ලියනගේ සහ සංක විතාන ඇතුලු සහෘද පිරිසකගේ මූලිකත්වයෙන් පැවත්වුණු අතර ගී  රසවින්දනය අතරතුර ගීත විචාරයකටද සවන්දීමටද  පැමිණ සිටි පිරිසට හැකිවීය.

 

ලොකු කුඩා කවුරුත් ආදරය කළ කාටුන් කතාමාලාවක් වන ස්කුබි ඩූ හි ෂැගීට (1969-2009 දක්වා) හඬ කැවූ ප‍්‍රවීණ හඬකැවීම් ශිල්පී Casey Kasem අවුරුදු 82ක් ආයු වළඳා මෙලොව හැරගිය බව පසුගිය 15 වැනිදා වාර්තා විය.
ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුව සිටි ඔහු මියගියේ රෝහල්ගතව සිටියදීය. ඔහු ෂැගීට මෙන්ම බැට් මෑන් කාටුනය, සුපර් ෆ්‍රෙන්ඞ්ස් කාටුනය ආදී කාටුන් වැඩසටහන්වලද, ට‍්‍රාන්ස්ෆෝර්මර්ස්( The Transformers) " The Return of the king" Battle of the planets ආදී චිත‍්‍රපට චරිත වලටද හඬ මුසුකර තිබේ. American Top 40  නැමති ගුවන්විදුලි නාලිකාවක නිවේදකයෙකු ලෙසද කටයුතු කළ ඔහු ග‍්‍රැමී සම්මානලාභියෙකුද වේ.
ප‍්‍රවීණ රංගධර සිරිල් වික‍්‍රමගේ කලාකරුවාණන්ගේ සුවිශේෂී නිර්මාණ දායකත්වය ඇඟයීම වස් සංවිධානය කෙරෙන ‘විකුම් සිරිත’ අභිනන්දන උලෙළ ඊයේ සවස 6.00 ට කොළඹ, බෞද්ධාලෝක මාවතේ චිත‍්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.
මේ අනුව මෙහිදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් විසින් කෙටි දෙසුමක් පැවැත්වූ අතර, ජාතික චිතුපට සංස්ථා අනුග‍්‍රහයෙන් සමරු තිළිණ ප‍්‍රදානයක්ද, ‘විකුම් සිරිත’ වාර්තා චිත‍්‍රපට ප‍්‍රදර්ශනයද අනතුරුව සිරිල් විකුමගේ සුවිශේසී රංගන හැකියාව විදිහා දක්වන ‘සෙයිලම’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමද සිදුකෙරිණ.
altඞී.කේ. ලැන්ටිගේ සිව්වන ඒක පුද්ගල ඡායාරූප ප‍්‍රදර්ශනය "Camera Art"   නමින් 2014 ජූනි මස 21,22,23 යන දිනයන් හිදී ජාතික කලා ගාරයේදී ප‍්‍රදර්ශනය කරනු ලබයි. මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය ජූනි 21 වැනි දින පෙරවරු 10:00ට විවෘත වන අතර ඡායාරූප ප‍්‍රදර්ශනය 22 හා 23 දෙදින පෙ.ව. 9:00 සිට පස්වරු 6:00 දක්වා විවෘතව පවති. 

alt42වැනි වරටත් පවත්වනු ලැබූ රාජ්‍ය නාට්‍ය උළෙලේ (2014) හොඳම නළුවා ලෙස ‘ආදර වස්තුව’ නාට්‍යයේ නවීන්ගේ චරිතය නිරූපණය කළ ශ්‍යාම් ප්‍රනාන්දුත්, හොඳම නිළිය ලෙස ‘චේ ගුවේරා’ (මරා දැමූ ජීවත්වන මිනිසා) නාට්‍යයේ ජූලියා කොට්ස්ගේ චරිතය නිරූපණය කළ ගයනි ගිසන්තිකා සම්මාන ලැබීය.

Page 1 of 4

පුවත්

online

We have 92 guests online

Advertisment

advertisment