Latest news
A+ R A-

විශේෂාංග ලිපි

                කොහා කෑ ගසන විට අවුරුදු කාලය ළඟ බව හැෙඟ්. මස් කඬේ පිහිය මුවහත් තියන හඬ ඇසෙන විට හරකාට මරණය ළඟ බව හැෙඟ්. කියන්නට යන්නේ මැතිවරණ ගැන නිසා දෙවන කියමන වඩාත් ගැලපෙන්නට ඉඩ ඇත. හැම මැතිවරණයකදීම වෙන්නේ මීළඟ  අවුරුදු කිහිපය අප ගුටි කෑ යුත්තේ කාගෙන්දැයි තීරණය කිරීම නිසා මැතිවරණ ගැන කියන්නට වඩාත් ගැලපෙන්නේ මස් කඬේ පිහිය මුවහත් තැබීම ගැන උපමාවයි. කොහොම උනත් හැම පැත්තෙන්ම අසන්නට ලැබෙන තොරතුරු වලින් පෙනීයන්නේ ජාතික මට්ටමේ මැතිවරණයක්, බලය මාරු කරන මැතිවරණයක් ළඟ එන බවය. ඉදිරි මැතිවරණයක් ආණ්ඩුවට, විපක්ෂයේ පක්ෂවලට මෙන්ම ජනතාවටද අතිශය තීරණාත්මක වනු ඇත. දේශපාලන පක්ෂවල අයට මැතිවරණය තීරණාත්මක වන්නේ එය ඔවුන්ගේ බලය පිළිබඳ පෙරලියකට මුල්විය හැකි නිසාය. ජනතාවට තීරණාත්මක වන්නේ හැමදාමත් කරමින් සිටි දේ වෙනුවට වෙනත් දෙයක් කිරීමට ඉඩක් ඉදිරි මැතිවරණයකදී අවශ්‍යනම් විවර කර ගත හැකි නිසාය. ජනතාවගේ සූදානම කෙසේ වෙතත් ආණ්ඩුවේ හා එක්සත් ජාතික පක්ෂයේ සූදානම ගැන බලන විට පෙනීයන්නේ මේ පිට පොට ගසන්නේ මූද හත්ගව්වක් දුර තියාගෙන නොව ඉතා ළඟ තියාගෙන බවය.

 

පාරවල් දෙකක්

                ආණ්ඩුව පාරවල් දෙකක එකවර යන්නට උත්සාහ තරන ආකාරය අපි පසුගිය සතියේ ලීවෙමු. මේ සතියේත් ඒ ගැන ලියන්නට තරම් කරුණු තිබේ. ආණ්ඩුව එක් පැත්තකින් ජාතිවාදීන්ගේ පාරත් අනෙක් පැත්තෙන් ජාතිවාදීන්ගෙන් බැනුම් අහන පාරත් යන පාරවල් දෙකේම සීරුවෙන් යන්නට තීරණයක් ගෙන තිබේ. පසුගිය 4වැනිදා කොළඹ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති උතුරේ යුද්ධයේදී මියගිය හා අතුරුදහන් වූ අයගේ ඥාතීන් සහභාගීවන රැස්වීමකට බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිසක් කඩා පැන එය කඩාකප්පල් කළේය. මෙම පිරිස තානාපති නිලධාරීන් පිරිසක් පවා පැයක පමණ කාලයක් නිවාස අඩස්සියේ රඳවා තබාගෙන සිට ඇත. ඒ අතර එතැන සිටි ඇතැම් අයට පහර දීමක්ද සිදුවී තිබිණි. විදේශ තානාපති කාර්යාලවලද සහභාගීත්වය සහිතව මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් සංවිධානය කර තිබූ මෙම රැුස්වීම අදාළ ආයතනයෙන් අවසර ගෙන පවත්වන ලද එකකි. නමුත් පොලීසිය මෙම රැස්වීම කඩාකප්පල් කිරීමට අන්තවාදී පිරිස් වලට ඉඩදුන් අතර රැුස්වීම නතර කිරීම සඳහාද උපාමාරු භාවිතා කර ඇත. සිදුවීමට අදාළව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. මීට පෙර ජුලි 26වැනිදා එක්සත් සමාජවාදී පක්ෂයේ ජාතිවාදයට එරෙහි ප‍්‍රචාරක ව්‍යාපාරයකට කළ පහරදීමේදීද පොලීසියේ හැසිරීම මෙබඳුමය. මේ අන්තවාදී කි‍්‍රයාවන් රජයේ අනුදැනුම ඇතිව සිදු කෙරෙන බවට තවදුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත.

                යුද්ධයේදී මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයන්ට අදාළව මෙසේ ජාතිවාදී ප‍්‍රතිචාර දක්වන අතරම ආණ්ඩුව අතුරුදහන්වීම් ගැන විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසන් පත් කරයි. එහි විෂය පථය යුද අපරාධ සෙවීම දක්වා පුළුල් කිරීමට ගැසට් නිවේදන නිකුත් කරයි. එම කොමිසන් වලට උපදෙස් දීමට විදේශීය උපදේශක මණ්ඩල පත්කරයි. යුද්ධයේදී සිදු වූ අපරාධ හා ඝාතන පිළිබඳව වගවීමේ කි‍්‍රයාවලියකට තමන එළඹ සිටින බව ජාත්‍යන්තරයට සැඟවීමට විවිධ සංඥා ලබාදෙයි. ජාත්‍යන්තරය ඉලක්ක කරගෙන විවිධ ප‍්‍රකාශ නිකුත් කරයි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අන් කිසිවක් නොව පාරවල් දෙකේම එක්වර යාමේ ආණ්ඩුවේ ප‍්‍රවේශයයි. මුලින් ජාතිවාදය ආණ්ඩුවේ නිල මතය බවට පත්කරගෙන එයට කැබිනට් නියෝජනයක් දී තිබුණු අතර දැන් එය කැබිනට් මණ්ඩලයෙන් එළියට ගෙන ඇත. දැන් ජාතිවාදය කළමනාකරණය කරන්නේ නිල නොවන අන්තවාදී කල්ලි හරහාය. එලඹෙන ජනාධිපතිවරණයකදී ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වීමට විශේෂ ඇමතිවරු ලයිස්තුවක් නම් කර තිබෙන අතර ඒ ලයිස්තුවේ ඉන්නේ ලිබරල් මත ප‍්‍රචාරය කරන්නන් හා මළගිය වාමාංශිකයන්ය. තෙරෙන භාෂාවෙන් කියන්නේනම් රාජිත හා වාසුදේව වැන්නන්ය. විමල්ට, චම්පිකට භාර දී ඇත්තේ ආණ්ඩුවේ නිල මතය ප‍්‍රකාශ කිරීම නොව මහපාරේ කලබල කිරීම හා ජාතිවාදී ගිනි නොනිල ලෙස ඇවිලවීමය.

                මෙලෙස ආණ්ඩුව පාරවල් දෙකක යනවිට ගෝලබාලයන්ටද පාරවල් දෙකක යාමට සිදුවේ. විමල් වීරවංශ ‘‘ජාත්‍යන්තර මැදිහත්වීම් ගැන කලින් තිබූ ස්ථාවරයන් දියාරු කර ගැනීම’’ ගැන ආණ්ඩුවට බැන වදින අතරම අනෙක් පැත්තෙන් ආණ්ඩුව සිප වැලඳ ගනී. මේ විකාරය හොඳින්ම දැකිය හැක්කේ ඌව පළාත්සභා මැතිවරණයේදීය. බදුල්ලේ ඉන්නේ ආණ්ඩුවට නෝක්කාඩු කියන විමල්ය. මොනරාගල ඉන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන විමල්ය. සන්ධානයේ සිටින අනෙක් පක්ෂවලට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කරන කෙනහිලිකම් ගැන විරෝධය දැක්වීමට බදුල්ලේදී ජාතික නිදහස් පෙරමුණ තනිව තරග කරයි. නමුත් මේ ‘‘දේශපේ‍්‍රමී ආණ්ඩුව’’ රැුකගැනීම සඳහා වන උත්සුකයන් පෙන්වීමට ඒ ජාතික නිදහස් පෙරමුණම මොනරාගලදී සන්ධානයේ ලයිස්තුවෙන් තරග කරයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛතී‍්‍රපාල සිරිසේනගේ හා ඇමැති ඩලස් අලහප්පෙරුමගේ අත්සනින් යුතුව අගෝස්තු 5වැනිදා ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් ලිපියට අනුව යුද අපරාධ ගැන කිසිඳු ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ නොදීමට ශී‍්‍රලනිපය පොරොන්දු වී තිබේ. එහෙත් ඒ අතරම එවැනි විමර්ශනයක් සඳහා විදේශ අමාත්‍යංශය විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රක අංශයන්ට පොරොන්දු ලබාදෙමින්ද සිටී. පසුගියදා හකීම් ජනාධිපතිවරයා මුණ ගැසී ආණ්ඩුව සමග එකට සිටීම ගැන සහතික වන අතර ඌව පළාත් සභා මැතිවරණයට වෙනම තරග කිරීමට අනෙක් මුස්ලිම් පක්ෂ සමග එකඟතා නිර්මාණය කරගනී. හැමකෙනාම පාරවල් දෙකක එකවර යාමට උත්සාහ කරන අතර මහ කකුළුවා ඇදේට යන විට පොඩි කකුළු පැටවුන් කෙළින් යන්නේ නැත. මේ සියලූ විගඩම් සංඥා කරන්නේ අන් කිසිවක් නොව ජාතික මැතිවරණයක් ළඟ එන බවය.

               

බොරුකාරයන් සහ ජනතාව

                මේ දවස් යනු සියලූ ආකාරයේ බොරුකාරයන් හා වංචාකාරයන් ‘‘ෆෝම්’’ වන දවස්ය. එක් පැත්තකින් ආණ්ඩුව එළියට එකකුත් ඇතුළට එකකුත් ලෙස බොරු කියමින් ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ කරයි. එක්සත් ජාතික පක්ෂයද සිය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වන හරීන් ප‍්‍රනාන්දුව මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් කර ඌව පළාත් සබාවට තරග කිරීමට පොළඹවා ඇත. හරීන් ප‍්‍රනාන්දු බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඌවට තරග කර ඉන් පසු යළිත් කෙටි කලකින් පාර්ලිමේන්තුවට පැමිණීමටය. ඉක්මනින් මහ මැතිවරණයක් එන්නේ නම් ඔහුට මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට පැමිණිය හැක. එය ප‍්‍රමාද වන්නේනම් ඔහුට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය හැක. ඒ නිසා හරීන් ඉල්ලා අස්වන්නේ ඔහුට ඌවේ ජනතාවගේ දුක දැනෙන නිසායැයි එරාන් වික‍්‍රමරත්න වැනි එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් කියන කතා ගැන විචාර බුද්ධියෙන් සිතිය යුතුය. අපට මේ බොරුකාරයන් සියලූදෙනා වේදිකාව මත රඟන මොහොතේදීත් කියන්නට ඇත්තේ එකකි. මේ බොරුවලින් ජනතාවට වන සෙතක් නැත. හැමදෙනාම දෙපැත්තම බේරා ගැනීමට උත්සාහ කරන අතර මේ බොරුවට රැුවටුනහොත් පහළ පාන්තික ජනතාවට දෙපැත්තම නැතිවනු ඇත. සමහරවිට ඉතිරි මාහ කිහිපය තුළ ජනතා ඉල්ලීම්වලට ඉඩ ලැබෙන, හිස මත ඇති බර අඩුවන, බෙල්ලට දමා ඇති තොන්ඩුව මදක් ලිහිල් වන අපායේ ඉන්ටවල් වැනි තත්වයක් උදාවනු ඇත. අපායේ ඉන්ටවල් එනු ඇතැයි සිතෙන්නේ මේ දිනවල හැමදෙනාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ආර්ථික සමානාත්මතාවය ගැන කතා කරන නිසාය.

                ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මේ හැමදෙනාම කියන අතර අප වටහාගත යුත්තේ මේ කියන්නේ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන නොව උන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බවය. නිදසුනක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ‘‘සෞඛ්‍ය සේවය සඳහා මැදිහත්වීමට කැමති පෞද්ගලික අංශයට ඒ සඳහා ඇති අයිතිය’’ පිළිගෙන ඇත. එනම් වෙළෙඳාම් කිරීමේ නිදහස පිළිගෙන ඇත. එහෙත් ‘‘රෝගී වූ විට ඇති-නැති භේදයකින් තොරව ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සෑම අයකුටම ඇති අයිතිය’’ පිළිගෙන නැත. එනම් ජීවිතයේ නිදහස පිළිගෙන නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස වර නැගෙන්නේ වෙළෙඳාම් කිරීමේ, විකිණීමේ හා මිලදී ගැනීමේ නිදහස මිස මිනිස් සමාජය සතු උදුරාගත නොහැකි අනන්ත මිනිස් අයිතීන් නොවේ. ආර්ථික සාමානාත්මතාවය ගැන කතාවද එලෙසමය. එය වෙළෙන්ඳන්ගේ මනදොල පුරවන පාරිභෝගිකයකු නිර්මාණය කිරීමේ කටයුත්තටම සීමාකර, කප්පාදු කර ඇත. දැන් චම්පික රණවකද කතා කරන්නේ සාධාරණ ආදායමක් සමස්ත ජනතාවටම හිමිකර දීම ගැනය. මෑතකදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දුන් ප‍්‍රමුඛපෙලේ ව්‍යාපාරිකයකු පවසා තිබුණේ අධිකතර ආර්ථික විෂමතාවය, විශාල ධනයක් සහිත කුඩා පිරිසක් හා මිලදී ගැනීමේ හැකියාවක් නැති විශාල බහුතරයක් සිටීම ව්‍යාපාර කටයුතුවලට නුසුදුසු බවය. ව්‍යාපාරිකයන්ට හොඳ මුළු ජනගහනයටම මිලදී ගැනීමේ හැකියාව සහිත අය වීමය. එනම් සාධාරණ ආදායමක් හැමදෙනාටම හිමි විය යුතුය. ඒ ශ‍්‍රමයේ අයිතිය ලෙස නොව උන්ගේ බඩු මිලදී ගැනීමේ වෙනුවෙනි.

                පාරවල් දෙකක අතුරේ යාම්, පැනගන්නා අතර වැලඳ ගැනීම්, ඉල්ලා අස්වීම්, අලූත් පෙරමුණු ඇටවීම් වැනි දහසකුත් එකක් නාඩගම් වේදිකාගතවන අතර එහි පතුලේ ඇත්තේ මේ ප‍්‍රශ්නයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ආර්ථික සාධාරණත්වය ගැන කතා කලාට ඒ කතා කරන්නේ කාගේ දෘෂ්ටියෙන්ද? ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපේ රටේ බහුතරයක් වූ දුක්විඳින ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව ලාභ ලැබීම සඳහා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ආර්ථික සාධාරණත්වය, මේ ආර්ථික ඉසුරේ නිර්මාපකයන් වන ශ‍්‍රමිකයාගේ අයිතිය පිළිබඳ සංකල්පයක් නොව වෙළෙන්ඳාට බඩු විකිණීමට හැකි සමාජයක් නිර්මාණය කරගැනීම පැත්තෙන් එන සංකල්පයකි. කවුරු පාරවල් දෙකක ගියත් පීඩිත ජනතාවට මේ කරුණේදී පාරවල් දෙකක් නැත. ඇත්තේ එක පාරකි. ඒ පාර පාලක පන්තියේ උවමනාවන් දෙසට යන පාර නොව පීඩිත ජනතා අභිලාෂයන් වෙතට යන පාරයි. පීඩිතයාගේ බෙල්ල කපන මැතිවරණ පිහිය මුවහත් තියන හඬ ඇසෙන විට අවධානයට ගත යුත්තේ ඒ හරි පාර ගැනය.

එක්තරා රටක සිටි රජෙක් තමන් ඇද සිටි සියලූ ඇදුම් උනා දමා අමු හෙළුවැල්ලෙන් තමන්ගේ රාජ පුරුෂයන් සහ ජනතාව ඉදිරියට පැමිණ තමන් හැද සිටින ඇදුම ගැන ඔවුන්ගේ අදහස් විචාලේය. සියල්ලන් කීවේ පට සළුවෙන් නිමාකල ලොව ඇති අතිෂ්‍යයින් දැකුම්කලූ සහ වටිනාම ඇදුමෙන් රජතුමා සැරසී සිටින බවකි. ඔය අතර රජතුමා ඉන්නා තැනට පැමිණි කුඩා දරුවෙකු කීවේ හු හූ හූ රජතුමා අමු හෙළුවැල්ලෙන් ඉන්නවෝ කියාය. මෙය පැරණි ගැමියන් අතර වූ කතාවකි.

 

සිහිනය අංක 01

ග්ලාස්වෝව් සිහින සවාරියෙන් පසු ලංකාවට පැමිණි ඔලිම්පික් කමිටුවේ වත්මන් ලොක්කා වන හේමසිරි ප‍්‍රනාන්දු හමුවූ බීබීසී ලෝක සේවයේ සිංහල අංශයේ මාධ්‍ය වේදියෙකු ඔහුගෙන් ලංකාවේ ක‍්‍රීඩාව සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා වෙත ගිය ලංකාවේ ක‍්‍රීඩකයින් පිලිබද සහ 2017 වසරේ පවත්වන්නට පාරම්බාන ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල පිලිබද අදහස් විචාලේය. හේමසිරි ආදෙකු සේ පුටු මේස අස්සෙන් ලිස්සා යාමට සමත් වුවත් පසුව ඔහු ඇද සිටි කෝට්බෑය සහ කමිස කලිසම්ද යට ඇදුම් සියල්ල පුටු සැටිය අසල වැටී තිබී සුලූ සේවකයෙකු අත ජාතික ඔලිම්පික් කමිටුවේ ටොරින්ටන් කාර්යාලයට යවා තිබිණි. සභාපති වරයා ගෙදර ගොස් තිබුනේ අමු හෙළුවැල්ලෙනි. ඔහුට ගෙදර යන තෙක් කිසිදු කුඩා දරුවෙකු මුණ ගැසී නොතිබිණි.

 

සිහිනයෙන් පසු අවධිවීම

උඩ විසිවී ඇහැරුණු පසු වතුරකෝප්පයක් සප්පායම් වී සිදුවූයේ කුමක්ද යැයි සිහිකල විට තවමත් ක‍්‍රියාත්මකව පවතින කම්පියුටරයේ තිරයේ බීබීසී සිංහල වේබ් සයිටය විවෘතව තිබේ. කල්පනා කල ප‍්‍රමාණය නිසාම ඔලූව විකාරවී ඇත.

පසුගියදා ජාතික ඔලිම්පික් කමිටුව නිලධාරීන් රොත්තක් ක‍්‍රීඩකයින් සියයකට අධික ප‍්‍රමාණයක් පෙරටුකරගෙන ග්ලාස්වෝව් ගිය අතර එක් රිදී පදක්කමක් ගෙන ආපසු ඒමට සිදුවිය. අසල් වැසි ඉංදියාවට තරගාවලියේ පස් වන ස්ථානය හිමිවූ අතර ඔවුන් රන් පදක්කම් 15 ක් රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් (පදක්කම් 68 ක්) දිනා ගනු ලැබිණි. පකිස්ථානය රිදී පදක්කම් 04 ක් ලෝකඩ 01 (පදක්කම් 05ක්) දිනාගෙන ඇත. මැලේසියාව රන් පදක්කම් 06 ක් රිදී 07 ක් සහ ලෝකඩ 06 (පදක්කම් 19 ක්) දිනාගෙන තිබේ. සිංගප්පූරුව රන් පදක්කම් 08 ක් රිදී 05 ක් සහ ලෝකඩ 04 ක් (පදක්කම් 17ක්) දිනා ගැනීමට සමත් විය. හොංකොං ලෝකඩ පදක්කම් 03 ක් (පදක්කම් 03 ක්) දිනා ඇත. බංගලිදේශය රිදී පදක්කම් 01 ක් දිනා තිබේ.(පදක්කම් 01 ක්) ඒ මීටර් 10 වායු රයිෆල් පිරිමි ඉසව්වෙනි.

ලංකාවේ කොළඔ නගරය තරම් වූ සිංගප්පූරුවෙන් ග්ලාස්වෝව් ගිය කණ්ඩායම ක‍්‍රීඩකයින් 70 ක් සහ පුහුණු කරුවන් සහ නිලධාරීන් 24 දෙනෙකි. පදක්කම් ගනන රන් 08 රිදී 05 ලෝකඩ 04 මුලූ පදක්කම් 17 කි. ලංකාවේ 150 කඩ වඩා නඩයක් ග්ලාස්වෝව් ගියෝය. වැඩිම පිරිස නිලධාරීන්ය. (ප‍්‍රතිශතයක් ලෙස). පුවත්පතේ ඉඩ මදිකම නිසාම අනෙක් රටවලින් ග්ලාස්වෝව් ගිය ප‍්‍රමාණයන් අමතක කලෙමි.

 ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ ඇති ඔවුන්ගේ විෂන් (Vision) සහ මිෂන්  (Mission)හි සදහන් සියලූ කාරනා දැන් ඉටු වී තිබේ. හුදී ජනයාගේ දැන ගැනීම පිනිස ඒවා මෙසේය.

 

Mission

The Mission of the NOC Sri Lanka is to develop Sports in Sri Lanka to be the Leader in Asia and to be a good Competitor in the World Sports Arena.

 

Vision

The Vision of the COMMITTEE shall be to contribute to the building of a peaceful and better world by educating Youth through sport practices without discrimination of any kind and in the Olympic Spirit, which requires mutual understanding with a spirit of friendship, Solidarity and Fair play, while maintaining the highest level of transparency.

 

තමන්ගේ භාවිතාවේ නැතිම දේවල් වෙබ් පිටු මත ඇත. කයිය සහ භාවිතාව අතර මරියානා අගාධය තරමට පරතරයක් තිබේ. මෙවන් රටක හේමසිරිලා සිතා සිටින්නේ තමන්ගේ කයිවාරු අසන මිනිසුන් ආහාරයට ගන්නේ තණකොළ සහ පුන්නක්කු යැයි කියා නම් එය නිවැරදි කර ගත යුතුව ඇත.

අවුරුදු 40 ක කාලයක් ඉතිහාසය පිලිබද කතා කරන ඔලිම්පික් කමිටු ලොක්කා වූ හේමසිරි ප‍්‍රනාන්දු මහතාට තමන් ඒ අවුරුදු 40 න් 20 ක් ආසන්න කාලයක් සභාපති වී සිටි බව අමතක වී ඇති අතර පේ‍්‍රක්ෂකයින් පිස්සන් යැයි උපකල්පනය කර තිබේ. ලංකාවේ ක‍්‍රීඩාවේ අව වර්ධනය සිදුවීමේ ඉතිහාසය තුල දේශපාලකයන්ද නිලධාරීන්ද ක‍්‍රීඩාවේ නියැලී උස් පුටු වල සිටි බොහෝ දෙනාද සිටී. හන්දි අසල බෝක්කු උඩ ගංජා උරමින් සිටි මිනිසුන්ට ක‍්‍රීඩා ඇමතියන් වීමට හැකිවූ එකම රටද ලංකාව විය හැකිය. ලාංකේය ක‍්‍රීඩාව විනාශ කලේ මෙවැනි මිනිස් භාවිතාවන් විසිනි.  මේ කිසිවෙකුට ලාංකේය ක‍්‍රීඩාව සාධනීය මාවතකට රුගෙන ඒමට නොහැකි විය. දේශපාලනික උම්මත්ක බවත් පාදඩ සංස්කෘතියත් ලංකාවේ ස්ථාපිත කලේ ඊට යටින් වූ නරුම නිලධාරී පැලැන්තියකි. මේ නිලධාරීන් දේශපාලනික අධිකාරයටත් වඩා මුග්ධ වූ ව්‍යුහාත්මක ගොඩ නැංවීමකි. එම ව්‍යුහාත්මක ගොඩ නැංවීම් වලට සියලූ අනුබල සහ ආශීර්වාදය සැපයූ ආයතනයක් වූවා නම් ඒ ඔලිම්පික් කමිටුවයි. එහි යාවජීව සභාපති වරයා වූ හේමසිරි පුද්ගල හිතවත් කම් වලට කල කී දේ අපට වඩා හොදින් දන්නේ ඔහුය. ඒ සියලූ දේ බලයට මුදලට සහ හිතවත් කමටය. ලංකාවේ ක‍්‍රීඩාව තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් පාවිච්චි කරන පැලැන්තියක් බිහිවූයේ හේමසිරිලා නිසාය. දැන් එකිනෙකාට ගරහා ගන්නා සියලූ දෙනා කල කී දේ පිස්සන් ඇරුණු විට අන් සියල්ලන් දනී. පසුගිය කාලයේ ඔලිම්පික් කමිටුවට සහතික දී තිබුනේ ලංකාවේ එකම සහ ඉහලම පදක්කම දිනා දුන් සුසන්තිකා ජයසිංය. ඒ පිලිබද අවශ්‍ය අයට සොයා බැලිය හැක.

 හේමසිරිට අනුව ක‍්‍රීඩාවේ ඇද වැටීමට ජාතික ක‍්‍රීඩා සංගම් වල ක‍්‍රියාවන් බලපා තිබේ. එසේම ක‍්‍රීඩා රාජ්‍ය දෙපාර්තුමේන්තුව සහ ක‍්‍රීඩා අමාත්‍යංශ බලපා තිබේ. ඔහු යෝජනා කරනුයේ මේ සියල්ලේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ එකමුතුවයි. ඇසිය යුතු  ප‍්‍රශ්ණය වන්නේ මේ සියල්ලේ එකමුතුව බිද දැමුවේ ලංකාවේ ක‍්‍රීඩකයින් සහ ක‍්‍රීඩාවේ පුහුණු කරුවන්ද කියාය. ඊලගට ඔහුගේ කතාවේ ක‍්‍රීඩාවේ ගොඩ නැංවීමට ප‍්‍රබල යෝජනාවක් වන්නේ අනිවාර්යය විදේශීය පුහුණු කරුවන්ගේ මැදිහත් වීමයි. අහෝ රටේ ඔලිම්පික් කමිටුවේ 20 අවුරුදු ලොක්කාගේ ක‍්‍රීඩාවේ දැක්ම ඉතාම විශිෂ්ඨය. ලංකාවේ ක‍්‍රීඩකයින් පුහුණු කිරීමට අල, ලූණු, පරිප්ප,ු සහ හාල්මැස්සන් සේම  ක‍්‍රීඩාවේ පුහුණු කරුවන්ද පිටරටින් රුගෙන ආ යුතුය. ජාතිකවාදය කරපින්නා ගත් ඊනියා දේශපාලකයින්ට සහ මෙවන් තක්කඩි ලොක්කන්ට රට බාර දී තවත් කාලයක් ජනතාවට බලා සිටිය හැකිය. අවසානයේ ඉතිරි වන්නේ අලියා ගිලින ලද දිවුලයට අත් වූ ඉරණමයි.

2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල පිලිබද විමසීමේදී හේමසිරි බෝලය අජිත් නිවාඞ් කබ්රාල් වෙත පාස් කර යැවීය. මෙම ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් කාබාසිනියා කල මුදල කෙතෙක්ද යන්න බොහෝ දෙනා දනී. නමුත් අදාල ක‍්‍රීඩා උළෙළ අල වීමට සියලූ මං තැනූවන් අතර හේමසිරි පෙරමුනේ සිටී. තමන්ගේ බල අරගලයේ අවසන් තුරුවම්පුව වූයේ අදාල ක‍්‍රීඩා උළෙලයි. එය හොදින්ම දැන සිටි හේමසිරි බබෙක් සේ ආසියානු ඔලිම්පික් කමිටුවේ තීරණය කුමක් වේ දැයි තමන් නොදන්නා බව කියා සිටී. විය හැකි දේ ජනතාව දන්නා නිසා හේමසිරි එය නොදන්නේ නම් තම නිවසට වී සැදෑ සමය යහමින් ගෙවා දැමීම අගනේය.

හේමසිරි කියන ලෙසට දැන් ඇත්තේ 2017 යොවුන් ආසියානු ක‍්‍රීඩාව රුක ගැනීමේ අරගලයකි. එය අසා දැන ගත යුත්තේ තමන්ගෙන් නොවන අතර වෙනත් කමිටුවකිනි. නමුත් එහි තීරණය ඇත්තේ දෙවියන් වහන්සේ අතය. අප දන්නා ලෙස එය ක‍්‍රීඩාවේ සංවර්ධනයේ හෝ පැවැත්මේ අරගලයක් නොවන අතර බඩ වඩා ගැනීමේ සහ ජාතික ධනය කාබාසිනියා කිරීමේ අරගලයකි. ලංකාව බ‍්‍රසීලයෙන් පාඩම් ඉගෙන ගත යුතුය. නමුත් සිදුවිය හැකි ප‍්‍රධානම දේ අදාල තරගාවලිය ලංකාවෙන් ගිලිහීමයි. එහි ප‍්‍රධාන අප‍්‍රකාශිත වග උත්තර කරුවන් අතර හේමසිරිද සිටී. මේ දක්වා වූ ලාංකේය ක‍්‍රීඩාවේ විනාශය අසලද ඉහලින්ම හේමසිරි ඇතුලූ බොහෝ අය සිටී. මාධ්‍ය වලට වාචාල කතා කියා කිසිවෙකුට තමන්ගේ පවු සමා කර ගත නොහැකි අතර ඒවා තමන් පසු පස හඔා එයි. දැන් හේමසිරිට කල හැකි එක් දෙයක් ඇත. ඒ තමන්ගේ කාලය අවසන් බව මහත්මයෙකු ලෙස තේරුම් ගෙන ගෙදර යාමය. තමන් විසින් කල සාධනීය වැඩ කොටසක් වූයේ නම් එහි ගෞරවය හෝ රුක ගැනීමට ඇති එකම මාවත එය බැවිනි.

ජනරළ ඇසුරෙන්

පසුගිය කාලය පුරාම ඉතා ආන්දෝලනාත්මක පුවත් මවපු මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව නැවතත් කරලියට පැමිණෙමින් තිබෙන්නේ, එහි අධ්‍යාපනය ලබන පිරිස්ම එයට එරෙහිව නඩු ක‍්‍රියාමාර්ග ගැනීම නිසායි. ආණ්ඩුවට අනුව ලංකාවේ ඉතාම හොඳම අධ්‍යාපන ආයතනය වන්නේ එයයි. එය බොරුවක් බව සනාථ කරමින් එහි අධ්‍යාපනය ලබන අයම එයට විරුද්ධව අදහස් පළ කරනවා. තමන් රැුවටීමකට ලක්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. ඇත්තටම මේක මොකක්ද? අපි නැවතත් මාලඹේ වෛද්‍ය පිළිබඳව වඩාත් සවිස්තර කතාබහකට එළඹෙමු.
 
මේ හොර වෙද උපාධි කඬේ, වෛද්‍ය උපාධිය ලක්ෂ 100කට විකුණනවා. මේකෙන් උපාධිය ගන්න තියෙන්න  ඕන එකම සුදුසුකම ලක්ෂ 100ක් වියදම් කරන්න පුළුවන් වීම. මෙතන තියෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි, මේක පටන් ගත්ත දා ඉඳලා සෑහෙන්න බොරුකියපු එක. ඒ බොරු ටික පිළිවලට කියාගෙන ගියොත්, මුලින්ම කිව්වා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) අනුමැතිය තියෙනවා කිව්වා. ඒක බොරු. රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතයි කිව්වා. ඒකත් බොරුවක්.
 
සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය තියෙනවා කිව්වා. ඒකත් බොරුවක්. ශික්ෂණ රෝහලක් කියලා එයාල නම ගහගෙන තියෙනවා. ඒකත් බොරුවක්. ශික්ෂණ රෝහල කියන නම පාවිච්චි කරන්නේ ඛදටද එකේ ශික්ෂණ කියන වචනේ දාලා සමාගම් පනත යටතේ රෙජිස්ටර් කරගෙන. ඒ විතරක් නෙමෙයි. මේ හොර වෙද විදුහලේ කායව්‍යවච්ෙඡ්දනය සඳහා මෘත ශරීර තියාගෙන ඉන්නේ කිසිම නීත්‍යානුකූල අවසරයකින් තොරවයි දැනටමත් තමන්ගේ දරුවන්ව මේකට යවපු දෙමව්පියෝ සමහරු තමුන්ව රැුවැට්ටුවා කියල මේ හොර උපාධි කඬේට විරුද්ධව නඩු දාලා තියෙන්නේ. දැන් ඒ නඩු විභාග වෙනවා. මේ වෙද උපාධි විකිණිල්ල පැහැදිළිවම, තනිකරම හොර ජාවාරමක්. 
 
මේක දැන් නිදහස් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරලා විකුණන එකෙනුත් හොඳටම එහාට ගිහිල්ලයි තියෙන්නේ. මේක පැහැදිලිවම මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවලට තර්ජනයක්. පසුගිය දවස්වල අපි මාධ්‍යයෙන් දැනගත්තා කවීෂ කියලා අවුරුදු 13ක පාසල් දරුවෙකුට මේ හොර ශික්ෂණ රෝහලේදි වෙච්චි දේ. ඔහුව ඇතුළත් කරලා තිබුණා ඩෙංගු හැදිලා. බෙහෙත් කරලා තිබුණේ මොළේ උණට. ඩෙංගු හැදුණු දරුවව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ප‍්‍රායෝගික හැදෑරීම් කරලා. විවිධ පරීක්ෂණ කරලා තිබුණා. අන්තිමේදි දරුවා මියගියා. දෙමව්පියන්ගේ අතට රුපියල් හාරලක්ෂ හැත්තෑ අට දහසක බිලක් ලැබුණා. අපි මේ ගැන නොයෙකුත් වර ලිපි මඟින් පළකළා. මේක මේ නෙවිල් ප‍්‍රනාන්දු විතරක් තනියම කරන අපරාධයක් නෙමෙයි. මේකට වත්මන් ආණ්ඩුවත් අඩුපාඩුවක් නැතිව සම්මාදම් වුණා.  ඕනෑ එපා කම් හොයලා බලලා, බොහොම උනන්දුවෙන් කරලා දෙනවා.
 
පසුගිය දවස්වල ගැසට් එකක් ගහලා වෛද්‍ය අඥාපනතේ වගන්තියකුත් වෙනස් කළා. මේ හොර වෙද උපාධි කඩෙන් එළියට එන අයට වෛද්‍ය සභාවේ අනුමැතිය නැතුවම ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරන්න පුළුවන් විදිහට. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ‘ලබාගත යුතුයි’ කියන එක, ‘ලබාගත හැකියි ’ ලෙස වෙනස් කළා. shall කියන එක may කළා. ඒ වගේම  මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා ආණ්ඩුවේ ආධාරය උපකාරය බෙහෙවින් ලැබෙනවා. විශ්වවිදාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය මේකේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරනවා. නමුත් ඇය වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක පාලක සභාවේ වාඩිවන්නේ නැහැ. 
 
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න ආණ්ඩුව ඉදිරිපත්කරන තර්ක වන්නේ, ලංකාවේ සල්ලි පිටරට යන එක නවත්වන්න කියන එක, වසරකට වෛද්‍ය උපාධි හැදැරීමට විදේශගත වන සිසුන්ගෙන් අහිමි වන ආදායම රුපියල් කෝටි 160 විශාල මුදලක් කියලයි පාලකයො කියන්නේ. හැබැයි ලංකාවට සීනි ගෙන්වීමට වැයවන මුදල රුපියල් කෝටි 2000 ක්. රට වටේට මුහුද තිබුනත් ටින් මා`එ ගෙන් වීමට රුපියල් කෝටි 1500ක්. රට සවාරි, වංචා. දුෂණ, හෙලිකොප්ටර ගැනීම්, තිරුබදු රහිත වාහන ගෙන්වීම ආදිය ආණ්ඩුවේ නාස්ති වලින් ඉතාම සුළු කොටසක් විතරයි.  
 
ආණ්ඩුව කියන තවත් මතයක් තමයි, ලකුණක්  දෙකක් අඩු අයට තැන දෙන්න මේවා ආරම්භ කරන බවයි. ඔබේ දුවට පුතාට සරසවි යන්න  ලකුණක් 2ක් අඩු වුනොත් ඔබට පු`එවන්ද ලක්ෂ 100ක් ගෙවල මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන්ද? රටේ 40% කගේ දෛනික ආදායම රු 250ට අඩුයි. අවංකව උපයනවා නම් ජනාධිපති ලේකම්ගේ දරුවාටත් අවස්ථාව ලැබෙන්නේ නෑ. ඉතිං සාමාන්‍ය මට්ටමේ රජයේ සේවකයන් ගැන කවර කතාද? මේක ඇස් පනාපිට ජනතාව ඇන්දවීමක් නොවේද? තව දුරටත් මේ ව්‍යසනයට අප ඉඩදෙමුද? තීරණය ඔබ අතේ.  
 
ජනරළ ඇසුරෙන්
පසුගියදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කුඩා දරුවන් පිරිසක් වට කොට ගෙන සිය දෑතින් පපුවට ගසා ගනිමින් පැවසුවේ කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගෙන එන විට එදා ඊට විරුද්ධ වූ අය වත්මන් රජය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන දැවැන්ත වැඩපිළිවෙළට ද විරුද්ධ වෙමින් සිටින බවයි. ජනාධිපතිවරයාගේ මෙකී වදන් අසා සිනහ විය යුත්තේ කොතැනින්දැයි සිතා ගත නොහැකිව අප විපිළිසර වේ.
මහින්ද චින්තනයේ දවටා ඇත්තේ නිදහස් අධ්‍යාපනය වුවත්, එහි ඇතුළාන්තයේ ඇත්තේ අධ්‍යාපන පෞද්ගලිකකරණය බව මෙරට ඇස් කන් ඇති සියල්ලෝ දන්නා කරුණකි. අප මේ හෙළි කරනු ලබන්නේ අධ්‍යාපන පෞද්ගලිකකරණයේ තවත් එක් කඩඉමක් පිළිබඳවයි.
1978 දී උසස් අධ්‍යාපන පනත යටතේ පිහිටුවන ලද ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිහිටුවන ලද්දේ ශ‍්‍රී ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවලට හිමි නෛතික හා ශාස්ත‍්‍රියභාවය උරුම කර දෙමිනි. උසස් අධ්‍යාපනය සඳහා රජයේ විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශවීමට නොහැකි වූ හා ආර්ථික අවශ්‍යතා මත රැුකියාවන්හි නිරතවන පුද්ගලයින්ගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අපේක්ෂාවෙන් පිහිටුවන ලද මෙම විවෘත විශ්වවිද්‍යාලය ලාභ උපයන ආයතනයක් නොව, හුදෙක් එය සේවා සපයන ආයතනයකි. මෙකී විශ්වවිද්‍යාලයේ ආරම්භක අරමුණු පරයා ලාභ ඉපැයීමේ හෙවත් මුදල් ඉපැයීමේ අරමුණින් මේ වන විට විශ්වවිද්‍යාල පාලනාධිකාරය විසින් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳ ‘ජනරළ’ පසුගිය කලාපයක දී සාකච්ඡුා කර තිබුණි.
මෙහිදී අප අවධානයට යොමු කරන්නේ ඉන් ඔබ්බට ගිය පෞද්ගලිිකකරණ ඉලක්ක ගත මර්දන ක‍්‍රියාවලිය පිළිබඳවයි.
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක් යනු විශ්වීය දැනුමක් කරා විද්‍යාර්ථීන් යොමු කිරීමේ ඉලක්ක ගත ක‍්‍රියාවලියකි. මෙහිදී වියානුබද්ධ මෙන්ම විෂය පරිබාහිර ක‍්‍රියාකාරකම් විශ්වවිද්‍යාලය තුළ සුවිශේෂී අවස්ථාවකි. උදාහරණයක් ලෙසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘මාගේ දේශය අවදි කරනු මැන’, කැලණිය විශ්වවිද්‍යාලයේ ‘බිහිදොර අබියස’, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘වේදිකාවෙන් මහ පොළොවට’ වැනි ක‍්‍රියාකරකම් විෂයෙන් පරිබාහිර වූ අතිශය නිර්මාණශිලී හා දැවැන්ත ක‍්‍රියාකාරකම් ය. මෙමගින් විද්‍යාර්ථින්ගේ බාහිර පරිකල්පනයන් හා  කුසලතාවයන් දියුණු වූවා පමණක් නොව පොතින් ඔබ්බට සිතිය හැකි පුද්ගලයෙකු නිර්මාණය කිරීමට ඉතා මහඟු රුකුලක් විය.
නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ වත්මන් පරිපාලනය සිය විද්‍යාර්ථීන් ශිෂ්‍යයින් බවට පත් කොට විෂය පරිබාහිර සියලූ ක‍්‍රියාකාරකම් තහනම් කොට ඇත. මේ අනුව පසුගිය වසර කිහිපය පුරා ශිෂ්‍යයින් එක්ව සිදු කළ සියලූ කලා කටයුතු වෙනුවෙන්  තහනම් නියෝග ඉදිරිපත් කර ඇත. මෙයින් නොනැවතුනු වත්මන් උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරය විසින් ක‍්‍රීීඩා සංගමය ද තහනම් කර ඇත. එයින්ද නොනැවතී ක‍්‍රීඩා පිටිය විද්‍යාර්ථින්ට තහනම් කලාපයක් කර ඇත. මෙම තහනම් නියෝගය උල්ලංඝනය කරමින් ක‍්‍රීීඩා කළ සිසුන් 05 දෙනකු මේ වන විට පන්ති තහනම් කර ඇත. එපමණක් නොව, බෞද්ධ සංගමය ද තහනම් සංගමයක් ලෙස නම් කර ඇත.
අරුම පුදුම සිදුවීමක් වන්නේ වත්මන් උපකුලපතිවරයා විසින් මේ වන විට විවෘත විශ්වවිද්‍යාලය අධ්‍යයන කලාපයක් ලෙස නොව, උද්‍යානයක් බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලියයි. අඩු පහසුකම් සහිත විවෘත විශ්වවිද්‍යාල භූමියේ විද්‍යාර්ථින්ට අධ්‍යයන කටයුතු කිරීමේ ඉඩකඩ ඉතා සීමිත බැවින්, සිසුන් විසින් ලී උපයෝගී කර ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාල භූමියේ තැනින් තැන ලී බංකු සකස් කර ඒවා පරිහරණය කරමින් තිබිණි. හදිසියේම ක‍්‍රියාත්මක වූ උපකුලපතිවරයා විසින් මෙකී ලී බංකු සියල්ල කඩා ඉවත් කර තිබුණේ එය විශ්වවිද්‍යාලයේ අලංකාරයට දැඩි හානියක් බව පවසමිනි. මේ අතර මෙවැනි කිසිදු ඉදි කිරීමක් නොකළ යුතු බවට තහනම් නියෝගයක් ද පනවා ඇත.
එපමණක් නොව මේ වන විට සවස 5 න් පසු විශ්වවිද්‍යාලය විද්‍යාර්ථින්ට තහනම් කලාපයකි. සවස 5න් පසු කිසිදු විද්‍යාර්ථියෙකු විශ්වවිද්‍යාල භූමියේ ගැවසීම තහනම් ය. විවෘත විශ්වවිද්‍යාලය නිර්මාණය කළේ රැුකියාවේ නියුතු උසස් අධ්‍යාපන අවස්ථාවන් කෙරෙහි යොමු වීමට අපේක්ෂිත අය වෙනුවෙනි. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවේ රැුකියාවේ නියුතු (සාමාන්‍ය* පුද්ගලයින්ට දහවල් කාලය තුළ අධ්‍යයන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නා වූ රැුකියා පිළිබඳ කිසිදු ඉඟියක් අප නොදනිමු. රැුකියාවේ නියුතු පුදගලයින් සිය අධ්‍යයන අවස්ථාවන් සපුරා ගනු ලබන්නේ රාත‍්‍රීී කාලයේදී ය. නමුත් රැුකියාවේ නියුතු පුද්ගලයින්ගේ අධ්‍යයන අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන ලද විවෘත විශ්වවිද්‍යාලය වත්මන් උපකුලපතිවරයාගේ අමනෝ්්ඥ ක‍්‍රියා කලාපය හේතුවෙන් පත්ව ඇත්තේ ඉතා අවාසනාවත්ත තත්වයකටය. 
එපමණක් නොව, වත්මන් විද්‍යාර්ථින්ට හරි අපූරු නේවාසිකාගාර පහසුකමක් වත්මන් උපකුලපතිවරයා විසින් නිර්මාණය කර ඇත. එනම් යම් විද්‍යාර්ථියෙකුට නේවාසිකාගාර පහසුකමක් අවශ්‍ය නම් ඔහු හෝ ඇය විසින් නේවාසිකාගාර පෙර ගෙවුම් කාඞ්පතක් ලබා ගත යුතුය. මෙම පෙර ගෙවුම් කාඞ්පත ඉදිරිපත් කර නේවාසිකාගාර පහසුකම් ලබා ගත හැකි අතර, එක් පෙර ගෙවුම් කාඞ්පතක් මාසයකට සීමා වේ. අදාළ මාසය තුළ නේවාසිකාගාර පහසුකම් ලබා ගත්ත ද, නොගත්ත ද ඊළඟ මාසයේදී තවත් පෙරගෙවුම් කාඞ්පතක් ලබා ගත යුතුය. මෙම කාඞ් පතෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය අන් සතු කළ නොහැකි වීමයි. 
මෙසේ සියල්ල මුදලට සීමා කොට, ඉන් නොනැවතී අධ්‍යයන කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරනා වත්මන් විවෘත විශ්වවිද්‍යාලය විෂය පරාබාහිර සියලූ ක‍්‍රියාකාරකම් සඳහා තහනම් නියෝග දක්වමින් මේ ගෙන යන්නේ අන් කිසිදු ඉලක්කයක් කරා නොව, රාජපක්ෂ පවුලේ තියරිය වූ අධ්‍යාපනයත් මුදලටම යන ඉලක්කය කරා බව නොරහසකි.
එතකුදු නොව, වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක නොමැති අසීමිත බලතලයක් වත්මන් උපකුලතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත පවරා ඇත. මේ අනුව විද්‍යාර්ථින්ගේ විනය විරෝධී කටයුතු වළක්වාලීමෙන් ඔබ්බට ගොස් වත්මන් ආරක්ෂක අංශ වෙත විද්‍යාර්ථින්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමේ බලතල ද ලබා දී ඇත. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක විනය ක‍්‍රියාමාර්ග ගත හැක්කේ ඒ සඳහා බලය ලත් මණ්ඩලයකට වන අතර, ඒ වෙනුවෙන් ශිෂ්‍ය උපදේශකවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයකට පැවරීම සාමාන්‍ය ක‍්‍රමයයි. 
නමුත් විවෘත විශ්වවිද්‍යාලය තුළ විනය ක‍්‍රියාමාර්ග ගැනීමට ඒ සඳහා කිසිදු සුදුසුකමක් හෝ බලයක් නොමැති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ක‍්‍රියාත්මක වන්නේ වත්මන් උපකුලපතිවරයාගෙන් ලැබූ වාචික අවසරය පරිදිය. මේ අනුව විවෘත විශ්වවිද්‍යාලයේ විනය පාලනය අත්තනෝ්්මතික වී ඇති අතර, විද්‍යාර්ථීන්ගේ ක‍්‍රියාකාරකම් සීමා කළ යුත්තේ කොයි ආකාරයට ද යන්න තීරණය කිරීමේ බලතල මේ වන විට ආරක්ෂක අංශ වෙත පැවරීම ඉතා ඛේදනීය තත්වයකි.
කෙසේ වෙතත් 2012 වර්ෂයෙන් පසු මේ වන තෙක් කිසිදු විෂය බාහිර ක‍්‍රියාකාරකමක් සිදු නොවී ඇති විවෘත විශ්වවිද්‍යාලය තුළ ඉතා දැඩි ශිෂ්‍ය මර්දනයක් ක‍්‍රියාත්මක වේ. ඒ අනුව ඉතා සරල හා සියුම් කරුණු සම්බන්ධයෙන් පවා දැඩි තීන්දු තීරණ ගැනෙන අතර, ක‍්‍රීඩා පිටිය භාවිත කිරීම නිසාවෙන් ශිෂ්‍ය භාවය අහෝසි වන මට්ටමේ දුර්දාන්ත තත්වයකට පත්ව ඇත.
හොඳම දේ දරුවන්ට යැයි ලෙනින් වරක් පැවසුවේ, සමාජයේ මූලික අවශ්‍යතාවන්ගෙන් ද ඉතා ප‍්‍රමුඛ කරුණක් ලෙස අධ්‍යාපනය සැලකිය යුතු බැවිනි. නමුත් වත්මන් පාලකයන් විසින් දිගින් දිගටම ශිෂ්‍ය මර්දනය ඇතුළු දැඩි ක‍්‍රියාමාර්ග ගනිමින් මේ සිදු කරමින් යන්නේ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සියල්ල මුදල ඉලක්ක කර ගත් ක‍්‍රියාවලියක් බව පසක් කරමිනි. 
පාසල් පද්ධතිය හා සමස්ත අධ්‍යාපනය විකිණීමේ ක‍්‍රියාවලියේ මීළඟ ගොදුර වී ඇත්තේ විවෘත විශ්වවිද්‍යාලයයි. ආරම්භක අරමුණු ඉවතලමින් දැඩි ශිෂ්‍ය මර්දනයක් ක‍්‍රියාත්මක කරමින් වත්මන් උපකුලපතිවරයා ඇතුළු සමස්ත පාලනාධිකාරයේ මෙකී ක‍්‍රියාවලියට එරෙහිවිය යුතුය. ඒ ඔබේ, මගේ අයිතීන් වෙනුවෙන්ම නොව, අනාගතයේ අයිතීන් වෙනුවෙනි.
 
අවන්ත ඉඩමේගම
ජනරළ ඇසුරෙන්
මීට මාසයකට පමණ පෙර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතා පාගමනක් සහ රැලියක් සංවිධානයකර තිබුණි. නවලිබරල් ධනවාදයට සහ එහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට එරෙහි ‘සිසු ජන පෙළගැස්ම’ එහි තේමාව විය. වෘත්තීය සමිති ගොවි ධීවර සමිති ඇතුළු බොහෝ බහුජන සංවිධාන ඊට සහභාගි වී සිටිනු දැකිය හැකිවිය. තේමාව අතින් ගත් කළ ද ඊට සහභාගි වී සිටි සංවිධාන අතින් ගත් කළ ද එය මේ මොහොතේ ලාංකේය වම මුහුණ දී සිටින දේශපාලන අභියෝග හමුවේ ගනු ලැබු එක්සත් ක‍්‍රියා මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය. එහිදී රැුළියේ තේමාව අනුවයමින් මර්ධණයට එරෙහිව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් කරනු ලබන අරගලය නවලිබරල් ධනවාදයට එරෙහිව කරනු ලබන අරගලයෙන් වියුක්ත කොට ගතනොහැකි බවත් එසේ කිරීම දේශපාලන අඳ බාලකමක් හෝ වංචාවක් විය හැකි බවත් අවධාරය විය. 
මේදිනවල හැමදෙනාම පාහේ කතා කරන මාතෘකාවක් වී ඇත්තේ විධායක ජනාධිපතික‍්‍රමය ගැන මාතෘකාවයි. සමහරු කියන්නේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් සඳහා එය අවශ්‍ය බවය. ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර හෙබවිය නොහැකි බවටත් ජනාධිපතිවරයා  ඕනෑම අධිකරණයක් ඉදිරියට කැඳවීමට ඇති බාධාවන් ඉවත් කෙරෙන ආකාරයටත් යම් සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව එය පවත්වාගෙන යා යුතු බව එම පිරිසේ අදහසයි. තවත් පිරිසක් කියන්නේ විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල නිසා ඒකාධිපතිත්වයක් බිහි වීමට ඉඩ ඇති බවයි. එනිසා එය අහෝසි කළ යුතු බවට ඒ අය තර්ක කරති. මේ තර්ක විතර්ක තුළ සාකච්ඡුා නොවන කරුණ වන්නේ මේ දේශපාලන ක‍්‍රමය හා ව්‍යුහය අවශ්‍ය වූයේ කවර ආර්ථික වැඩපිළිවෙළක් පවත්වාගෙන යාමට ද යන්නය. ලංකාව තුළ විවෘත ආර්ථිකය ලෙස නම් කරනු ලැබූ නවලිබරල් ධනවාදයත් විධායක ජනාධිපති ක‍්‍රමයත් උපත ලබන්නේ එකටය. එකට උපදින සෑම දෙයක් අතරම තාර්කික අන්තර් සම්බන්ධයක් නොතිබුණත් නවලිබරල් ආර්ථිකය හා විධායක ජනාධිපතික‍්‍රමය අතර සබඳතාවක් ඇත. විධායක ජනාධිපතික‍්‍රමය වනාහී අපේ රට වැනි පසුගාමී රටක් ගොල්ීය ප‍්‍රාග්ධනයට විවෘත කිරීමට උත්සාහ කරන පාලකයකුට අවශ්‍ය අවියකි. ආර්ථික උපාය මාර්ගයේ වෙනසක් නොකර විධායක ජනාධිපති ක‍්‍රමය පමණක් හුදෙකලාව වෙනස් කිරීමට උත්සාහ කිරීමේ තාර්කික ප‍්‍රතිඵලය විය හැක්කේ නම පමණක් වෙනස් වී ඒ බලය සුපුරුදු ලෙස අලූත් නමකින් ක‍්‍රියාත්මක වීමයි. 
 
වෙනත් විකල්පයක් සෙවීම 
මෑතක දී කොළඹ දී ඉංග‍්‍රීසි භාෂාවෙන් පැවැත් වූ විද්වත් - වෘත්තික සුහද හමුවක දී ද මේ කරුණ මෙලෙසම සාකච්ඡුා වී ඇත. එහෙත් ඒ අප පවසන පැත්තෙන් නොව වෙනත් දෘෂ්ටිකෝණයකිනි. ඔවුන් එහි දී සාකච්ඡුා කර තිබුණේ නවලිබරල් ධනවාදය වෙනුවට ධනවාදයට වෙනත් ආර්ථිකමය ආකෘතියක් තිබේද යන පැනයයි. ධනවාදය සිය ඉතිහාසය තුළ විවිධ ආර්ථික මොඩලයන් පසුකරගෙන විත් ඇත. රාජ්‍ය නිර්බාධවාදී ලිබරල් ආකෘතිය, ඉන් අනතුරුව රාජ්‍ය සුබ සාධන ධනවාදය හෙවත් කේන්සියානු ආකෘතිය, වර්තමානයේ ක‍්‍රියාත්මක වන නවලිබරල් ආකෘතිය ආදී වශයෙන් ආකෘතිකමය වෙනස්කම් වරින් වර සිදු වී තිබෙන අතර ඒ එක් එක් යුගයේ රාජ්‍ය ව්‍යුහය හා ආණ්ඩුක‍්‍රම සකස් වී ඇත්තේ ඊට ගැලපෙන ආකාරයකිනි. මේ විද්වත් හමුවේ සාකච්ඡුා වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට නම් නවලිබරල් ආකෘතියට වෙනසක් අවශ්‍ය බවයි. 2008 සැප්තැම්බරයෙන් ඇරඹි ලෝක ආර්ථික අවපාතයේ සිටම ධනේශ්වර ලෝක ආර්ථිකය අර්බුදයක පවතී. නවලිබරල් ධනවාදී ආර්ථික උපාය මාර්ගයේ අසමත් භාවය දිනෙන් දින නිරුවත් වෙමින් තිබේ. නමුත් ප‍්‍රශ්නය වන්නේ ලෝකයේ කිසිදු ධනේශ්වර ආර්ථික වiාඥයකුට ඊට විකල්ප ක‍්‍රමයක් යෝජනා කළ නොහැකිව තිබීමයි. විකල්පයක් ඉදිරිපත් වී ඇත්තේ වාමාංශිකයන්ගේ පැත්තෙන් පමණි. ඉහත කී විද්වත් සභාවේ සංවාදයට අනුව ධනවාදය වහාම නවලිබරල් ආකෘතියට වඩා වෙනස් ආකෘතියක් හොයාගත යුතුය. ඒ වනතුරු විධායක ජනාධිපතික‍්‍රමය වෙනස් කළ නොහැකිය. එක් අතකින් බලන කළ ඒ අදහස යථාර්ථවාදීය. ප‍්‍රශ්නයකට ඇත්තේ නවලිබරල් ආකෘතියට වඩා වෙනස් ආකෘතියක් ධනවාදයට සොයාගත හැකි ද යන්නය. එය වනාහී ප‍්‍රාග්ධනයට වර්ධනය වෙනුවෙන් උපරිම නිදහස සලසා දෙන ආකෘතියකි. එය ඉතිහාස කරලියට ආවේ ඊට වඩා ප‍්‍රාග්ධනයට සීමා පැනවූ ආකෘති අසාර්ථක වී දැවැන්ත අර්බුද ජනිත වූ බැවිනි. 
 
විද්වත් කවවල මේ සාකච්ඡුාව මෙලෙස යන අතර ජාතිකවාදී දේශපාලන බලවේග ආර්ථිකය ගැන කතාබහ අරඹා තිබේ. මුලින් විමල්වීරවංශ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දරට ආර්ථික ඝාතකයකු නැති චෝදනා කරමින් ඒ සංවාදයට පිවිසුණු අතර දැන් චම්පික රණවක ආර්ථික ඝාතකයන්ට වඩා විකල්ප ආර්ථික ක‍්‍රමයක් ගැන යෝජනා ඉදිරිපත් කිරීම අරඹා ඇත. මේ බ‍්‍රහස්පතින්දා උදෑසන මාධ්‍යවල ප‍්‍රචාරය කළ පුවතක පී.බී. ජයසුන්දර සම්මන්ත‍්‍රණයක කළ ප‍්‍රකාශයක් අඩංගු විය. එහි දී ඔහු කියන්නේ දකුණු ආසියානු රටවල ආර්ථික වර්ධනය මන්දගාමී වන අතර අග්නිදිග ආසියානු රටවල් දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන සිටි බවයි. දැන් ලංකාව ද ඒ පාරටම පිවිස සිටින බැවින් අනාගතය ඇත්තේ ඒ හරහා යැයි ඔහු කියයි. අග්නිදිග ආසියානු රටවල් වන තායිලන්තය, සංගප්පූරුව, තායිලන්තය, තායිවානය වැනි රටවල් සිය වර්ධනය අත්පත් කරගත්තේ කළු ආර්ථිකයක් හරහාය. සංචාරක ව්‍යාපාරය, කැසිනෝ වැනි සුදු, ගණිකා ජාවාරම, ජාවාරම්කරුවන් සඳහා විනිමය පාලන සභා වැනි ක‍්‍රම හරහා මේ කළු ආර්ථිකය වර්ධනය කළ අතර ඔවුන් ‘ආසියාවේ ව්‍යාඝ‍්‍රයන්’ බවට පත් වූයේ ඒ හරහාය. පී.බී. ජයසුන්දර කියන්නේ අප යා යුත්තේ ඒ පාරේ බවය. ඒ පාර වනාහී නවලිබරල් ධනවාදය පසුගාමී රටක ක‍්‍රියාත්මක වන නිර්ලජ්ජිතම හා ම්ලේච්ඡුම පාරයි. පී.බී. ඒපාර යෝජනා කරන විට විමල් වීරවංශ හා චම්පික කියන්නේ එය ආර්ථිකඝාතක ක‍්‍රියාවලියක් බවය. ඔවුන්ට තිබෙන විකල්පය කුමක්ද? 
 
යළිත් නවලිබරල් 
පසුගිය සතියේ දිනක ලංකාදීප පුවත්පතේ පළවූ චම්පිකගේ රැුස්වීමක වාර්තාවකටත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡුාවකටත් අනුව චම්පිකගේ විකල්පය ගැන අදහසක් හදාගත හැකිය. එක් අතකින් ඔහු ආර්ථික ඝාතක ක‍්‍රියාවලියක් ගැන කියන අතර බැලූ බැල්මටම පෙනෙන්නේ එය ජනාධිපතිවරයා ඉලක්ක කර ගත් එකක් බවය. සම්මුඛ සාකච්ඡුාවේ දී ඔහු කියන්නේ මේ යන පාර රනිල් වික‍්‍රමසිංහගේ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ ගිය පාරම බවය. ඔහු එසේ කියන්නේ රාජ්‍ය ව්‍යවසනය පුද්ලිකකරණයට හා සේවා ක්ෂේත‍්‍රය ප‍්‍රහාරණයට අදාළවය. ඒ අතර ඔහු වංචා ¥ෂණ පිළිබඳව ද විවේචනයක් ගොනු කරයි. එක් නිදසුනක් වන්නේ ලංකාවේ දුම්රිය කම්කරුවන් මඟින් දුම්රිය පාරක් තැනීමේ දී කිලෝමීටරයක් සඳහා වැයවන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 0.5ක් වනමුත් ඉන්දීය හා චීන සමාගම් මැදිහත් වී කළ උතුර දුම්රිය මාර්ගයට මිලියන 2.5ක් හා දකුණ දුම්රිය මාර්ගයට මිලියනයක් බැඟින් වියදම් කර ඇති බවය. මේ විවේචනය නිශ්චිතව ගොඩනඟන්නේ ජනාධිපතිවරයාටය. එක් පැත්තකින් ඔහුගේ විකල්පය යනු වංචාව, දූෂණය හා නාස්තිය අවම කිරීමකි. 
 
තවත් පැත්තකින් ඔහු අවධාරණය කරන්නේ නව පර්යේෂණ හරහා විවිධ ක්ෂේත‍්‍ර වර්ධනය කිරීමේ අවශ්‍යතාවයයි. දැනට පර්යේෂණ සඳහා වෙන් කරන මුදල දළ දේශීය නිශ්පාදිතයෙන් 0.6%කි. එය අවම වශයෙන් 1% ඉක්මවා යා යුතු බව පවසන චම්පික ඒ හරහා ආර්ථිකයේ තෝරාගත් ක්ෂේත‍්‍ර ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ යුතු බව පවසයි. චම්පික වෙනත් පාරකින් යෝජනා කරන්නේ ද නවලිබරල් ධනවාදයයි. කාලයකට පෙර මේ ජාතිකවාදීන් ලංකාව විවිධ මූලික නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කරන ‘ජාතික ආර්ථික’ උපාය මාර්ගයක් යෝජනා කළ අතර වත්මන් ගෝලීය සන්දර්භය තුළ එය මනෝරාජික බව ඔවුන්ටම පැවතී ගොස් ඇත. දැන් ඔවුන් යෝජනා කරන්නේ ලංකාවේ ආර්ථිකය වැනි කාර්යක්ෂමතාවකින් ගෝලීය ප‍්‍රාග්ධනයට ගැට ගැසිය යුතු බවය. නව පර්යේෂණ හරහා වර්ධනය කිරීමට යෝජනා කරන්නේ විදේශයන්ට විකිණිය හැකි දේවල් නිෂ්පාදනය කරන ක්ෂේත‍්‍රයන්ය. චම්පිකගේ ආර්ථික යෝජනාව අපට පෙන්වන්නේ මේ කිසිවකුටත් නවලිබරල් ධනවාදයට වඩා වෙනස් විකල්පයක් නැති බවය. අනෙක් අතට ජාතිකවාදී ආර්ථික සැලසුම් අසාර්ථක බව දැන් ඔවුන්ම පිළිගන්නා බවය. ආර්ථික ඝාතකයකු ලෙස ජාතිවාදීන් හඳුන්වන පී.බී. ජයසුන්දරත් ජාතිකවාදී වීරවංශ හා චම්පිකත් ඉදිරිපත් කරන ආර්ථික උපායමාර්ග අතර පදනමින් වෙනසක් නැත. වෙනස ඇත්තේ වංචා, දූෂණ, නාස්තිය වැනි කාරණාවලය. ගෝලීය ප‍්‍රාග්ධනයට ගැට ගැසිය යුතු ආකාරය ගැනය. නිදසුනක් ලෙස ලංකාවෙන් විදෙස් රටවලට ශ‍්‍රමිකයන් යැවීමේ වත්මන් පිළිවෙත ගැන විරෝධයක් පළ නොකරන චම්පික විදේශ ශ‍්‍රමිකයන් ලංකාවට පැමිණීම නතර කළ යුතු බවට අදහස් පළ කරයි. ලංකාව තුළ විදෙස් කම්කරුවන් ලක්ෂ 2ක් පමණ සිටින බවත් ඔවුන් නිසා අපොස සාමාන්‍යපෙළ විභාගය අසමත් මට්ටමේ සිටින ලාංකිකයන් ප‍්‍රශ්නයකට මුහුණ පා සිටින බවත් චම්පික පවසා තිබේ. ටී.බී. ජයසුන්දරත් චම්පිකත් එකම කාසියේ දෙපැත්තය. නවලිබරල් ධනවාදයත් ජාතිකවාදයත් එකම කාසියේ දෙපැත්තය. 
 
චම්පික රණවක ප‍්‍රමුඛ ජාතිකවාදීන් මේ නිර්මාණය කරමින් සිටින්නේ ලංකාවේ ධනවාදය ගලවා ගැනීමට අදාළ තර්කයයි. ලංකාව තුළ ධනවාදය පවත්වාගෙන යාමට නම් ‘ප‍්‍රාග්ධනයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ලබාදීම අවශ්‍ය බවත් දූෂණ - වංචා වැනි පසුගාමී අංග ආර්ථිකයෙන් ඉවත් කළ යුතු බවත් ඔවුන් පිළිගනී. එහෙත් දේශපාලන ක්ෂේත‍්‍රයට අදාළව ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයක් හෝ පසුගාමීත්වයෙන් මිදීමක් යෝජනා කරන්නේ නැත. ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළව ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ද සැබෑ ප‍්‍රජාතාන්ත‍්‍රීයකරණයක් නොවේ. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන්නේ වෘත්තිකයන්ට හා පර්යේෂකයන්ටය. අපනයන පාදක කරගත් ව්‍යාපාරිකයන්ටය. අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන්නේ පහළ පන්තීන්මය. පහළ පන්තීන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම යනු සාමාන්‍ය පෙළ අසමත් අයට කම්කරු රැුකියා හරහා කායික ශ‍්‍රමය වැයකිරීමේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ලබාදීම නොවේ. ආර්ථික මූලෝපායන් නිර්මාණය කිරීම සඳහා පීඩිත ජනතා සම්බන්ධ කරගත යුතුය. ජාතිකවාදීන් යෝජනා කරන ‘ආර්ථික කාර්යක්ෂමතාවය’ යනුවෙන් කිසිවක් නොව වැඩි වැඩියෙන් සූරාකෑමේ යාන්ත‍්‍රණය කාර්යක්ෂම කිරීමකි. සූරාකෑමට එරෙහිව පැන නැෙඟන ජන අරගල මර්දනය කිරීමේ මර්දන යන්ත‍්‍රයන් ශක්තිමත් කිරීමකි. ප‍්‍රතිපත්ති තීරණය කරන තැන්වල මර්දනය කිරීමේ මර්දන යන්ත‍්‍රයන් ශක්තිමත් කිරීමකි. ප‍්‍රතිපත්ති තීරණය කරන තැන්වල වැඩකරන ජනතාව නැත්නම්, වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්නය ඒ ප‍්‍රතිපත්ති සම්පාදන මණ්ඩල තුළ නියෝජනය නොවන්නේ නම් දැන් අත්විඳින ඉරණමට වඩා වෙනස් ඉරණමක් අපට අත් නොවේ. මහින්දගේ ආශ්චර්යයේ මෙන්ම චම්පිකගේ ඊනියා දේශපේ‍්‍රමයේත් මිළ ගෙවන්නට වන්නේ පහළ පන්තීන්ගේ කඳුලින්, දහදියෙන් හා රුධිරයෙනි. 
 
ආර්ථික ප‍්‍රතිපත්ති ගැන පී.බී. ජයසුන්දරත් චම්පික රණවකත් ඉදිරිපත් කරන වට්ටෝරු පිළිගැනීම හෝ ඒවා සමඟ වාදකරමින් සිටීම වෙනුවට අප කළ යුත්තේ ආර්ථික ප‍්‍රතිපත්ති වැඩ කරන ජනතාවගේ අභිලාෂයන්ට අනුව නිර්මාණය කෙරෙන අවකාශයක් නිර්මාණය කිරීමයි. වර්තමාන සමාජ - ආර්ථික ක‍්‍රමය තුළ එවැන්නක් ගැන සිහිනෙන්වත් සිතිය නොහැකි නිසා එය මනෝරාජික යැයි ඇතැම් අය කියනු ඇත. එහෙත් ආශ්චර්යයේ මිල ගෙවීම වෙනුවට පහළ පන්තීන්ගේ ජීවිතවලට ගෙවීම ගැන හිතන්නේ නම් පිළිතුර ඇත්තේ එහි පමණි. හෙලඋරුමයේ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන කියද් දී කියන ‘ආර්ථික සංවර්ධනය, පරිසර සංරක්ෂණය හා සාධාරණත්වය’ වචන පමණක් නොවී යථාර්ථයක් බවට පත්විය හැක්කේ එවැනි සැබෑ ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයක් තුළ පමණයි. 

Page 1 of 33

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

Advertisment

advertisment