පෞද්ගලික පාසල් නියාමනය සදහා පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ගම්පහදී පැවසීය.
පුවත්
රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ශිෂ්‍ය සභාව තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ පියවර ගෙන තිබේ. සරසවි ආචාර්යවරුන් අපහසුතාවට පත්වන අයුරින් පෝස්ටරයක් ප්‍රදර්ශණය කිරීම ඊට හේතුව බව එහි උපකුලපති ගාමිණී සේනානායක මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (19) රත්නපුර නව නගරයේ ආරම්භ කල වෛද්‍ය සායනයක බොදු බල සේනා සංවිධානයේ පිරිසක් ඇතුළුවී එය බලහත්කාරයෙන් සෝදිසි කර වෛද්‍ය උපකරණ තොගයක් පැහැරගෙන පසුව ඒවා පොලීසියට භාර දී තිබේ.
ජනාධිපති උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ස්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වසර එක හමාරකට පසු අද(19) පාර්ලිමේන්තුවට පැමිණියේය.
නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්යවරියකට එම පීඨයේ සිසුවෙකුගෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ නීති පීඨයේ අංශාධිපති ආචාර්ය යශෝධරා කදිරගාමර් තම්බි මහත්මියයි. ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
2010 වසරේදී අතුරුදහන්වූ මාධ්‍ය වේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේදී හමුවූ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ලබන ජුලි 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හෝමාගම අධිකරණය අද නොතීසි නිකුත් කළේය.
මිනුවන්ගොඩ නගර සභාවේ සේවකයෙකු තම රැකියාව ස්ථීර කරන ලෙස ඉල්ලා නගර සභාව ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.
වයඹ පළාත් සභාව අභිමත ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්නැයි පළාත් ආණ්ඩුකාරවරයා විසින් පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව වයඹ පළාත් සභාව නුදුරු දිනකදීම විසුරුවා හරිනු ඇත.
ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති මැතිවරණයට අදාලව උතුරේ ජන්ද හිමි නාම ලේඛනයේ සංශෝධන කටයුතු ඉදිරි සති 02ක ඇතුළත අවසන් කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ දිනවල තිරගතවන සිරිපැරකුම් චිත්‍රපටයේ පිටපත් 55ක් මුද්‍රණය කිරීමට අවසර ලබාදීමට එරෙහිව ගොනුකරන ලද පෙත්සමේ වගඋත්තරකරුවන්ට ජූලි මාසයේ 10වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ සේවය අත්හිටුවා තිබේ.
හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා වන පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම වරදක් බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ප්‍රකාශ කර තිබේ.
More Articles...
Page 1 of 108








