தமிழ்
English
Contact
Friday 15th September 2017    
විශාල පරිසර හානියක් සමඟ කොටි 2000ක මැණික් ඉල්ලම කොටි 12.5කට විකුණලා « Lanka Views | Views of the truth

විශාල පරිසර හානියක් සමඟ කොටි 2000ක මැණික් ඉල්ලම කොටි 12.5කට විකුණලා



කළුගඟේ හැරනියාවක ප්‍රදේශයේ විශාල මැණික් ඉල්ලමක් සහිත ප්‍රදේශය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීය විසින් ටේන්ඩර් ලබා දී ඇත්තේ කොටි 12.5කට බවත් එම ස්ථානයේ අසීමාන්තිකව මැණික් ගැරීම විශාල විනාශයකට හේතුවක් බවත් සබරගමු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල පවසයි.

අදාළ ටෙන්ඩර් ලබා දුන් ස්ථානය තරමක් ගැඹුරු බවත් ගංගා පත්ලේ සිට අඩි 50ක් 60ක් පමණ යටට විශාල මැණික් ඉල්ලමක් පවතින බවත් එහි අවම වශයෙන් කොටි 1500ක්-2000ක් අතර වටිනාකමක් මැණික් පැවතිය හැකි බවත් විශාල වශයෙන් කැණීම් සිදු කළහොත් දැවැන්ත පරිසර ව්‍යසනයක් ඇති විය හැකි බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය මෙම පතල් කැපීමට සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශකර ඇති බවත් පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් ලංකාව සතු විශාල සම්පත් ප්‍රමාණයක් ඉතා සොච්චම් මිලකට පෞද්ගලික සමාගමකට විකුණා දමා ඇති බවත් එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත පරිසර ව්‍යසනයක් අත්පත් කර ගැනීමටද නියමිත බවත් පැහැදිලිව දක්නට ඇත.