தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
වෛද්‍ය පීඨයට තේරීපත් වී සියදිවි හානිකරගත් ඉන්දියාවේ අනීතා « Lanka Views | Views of the truth

වෛද්‍ය පීඨයට තේරීපත් වී සියදිවි හානිකරගත් ඉන්දියාවේ අනීතා



අධ්‍යාපනය පෞද්ගලීකකරණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස දකුණු ඉන්දියාවේ අරියලූර් දිස්ත්‍රික්කයේ ගමක විසූ 17 හැවිරිදි අනීතා සියදිවි නසාගත්තාය. පවතින සමාජ ක‍්‍රමය තුළ මිනිසුන් මියයාම සාමාන්‍යකරණය වී ඇත. තමිල්නාඩු තරුණියක් වෙනුවෙන හඬ නගන්නේ‘ කුමකටදැයි ලාංකීය සහෘදයන් ප‍්‍රශ්න කිරීමට ඉඩ ඇත. මෙම ලිපිය ලිවීමට පාදක වනුයේද එම ප්‍රශ්නයමය.

සැප්තැම්බර් පලමුවනදා ජීවිතයෙන් සමුගත් ෂන්මුගම් අනීතා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් අරියලූර් දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක ජීවත් වූ පවුලක බාලම දැරියයි. ඇයගේ මව අවුරුදු 10කට පමණ පෙර මියගොස්ය. පියා ශන්මුගම් දරුවන් රැක බලාගෙන ඇත්තේ කුලී වැඩ කරමිනි. ඇයට වැඩිමහලු සහෝදරයන් සිව් දෙනෙකු සිටියද ඔවුන්ටද ස්ථිර රැකියා නොමැත. ඉන්දියාවේ දැනට ඉතිරිවී ඇති නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඇයට උසස් පෙළ අධ්‍යාපනයට යොමුවීමට හැකි විය. එහිද ඉන්දීය රජය මගින් ‘රජයේ පාසල්වල සිසුන් සඳහා පවත්වන ප්ලස් ටු (Plus 2) විභාගයෙන් ලකුණු 1200න් 1176ක් ලබාගැනීමට ඇයට හැකි විය. ප‍්‍රතිශතයක් ලෙස එය 98%කි. භෞතික විද්‍යාව ඇතුළු විෂයන් දෙකක් සඳහා 100% ක් ලබාගෙන ඇත. ඇයගේ ගුරුවරුන් පවසනුයේ එය මෑත ඉතිහාසය තුළ ඇය ඉගෙනුම ලැබ දිස්ත‍්‍රික්කය තුළ විශිෂ්ටතම විභාග ප‍්‍රතිඵලය බවයි.

නමුත් ඉන්දියාවේ රජයේ පාසල් මෙන් නොව පෞද්ගලික පාසල් පඳුරක් පඳුරක් පාසා ඇත. එම ශිෂ්‍යයන් ද විභාග සමත් වී වෛද්‍ය පීඨවලට යාමට සූදානම් වේ. එම නිසා රජයේ පාසල්වලින් වෛද්‍ය පීඨවලට තේරී පත්වූ පෞද්ගලික පාසලවලින් විභාග සමත් වූ සිසුන්ටත් පොදු විභාගයකට මුහුණුදීමට සිදු වේ. එය හඳුන්වන්නේ NEET (National Eligibility and Entrance Test) ලෙසයි. මෙම විභාගය පිළිබඳව ඉන්දීය ප‍්‍රාන්ත තුළ දැඩි විරෝධතා පවතී. මේ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගන්නා සිසුන්ට රජයේ වෛද්‍ය පීඨ සඳහා ඇතුළුවීමට අවස්ථාව හිමිවේ. මෙම විභාගයට සූදානම් වීමට වැය වෙන ටියුෂන් වියදම පමණක් ලංකාවේ මුදලින් ලක්ෂ 15 ක් පමණ වේ. එම විභාගයට මුහුණ දීමට හැකියාවක් ඇත්තේ මුදල් ඇති පවුල්වල දරුවන්ට පමණි.

දුෂ්කරතා මැද අනීතා විභාග කඩඉම පැන ගත් නමුත්….

අනීතාට මෙම විභාගය සඳහා අධ්‍යයනය කටයුතු කරගැනීමට ප‍්‍රමාණවත වත්කමක් තිබුණේ නැත. නමුත් ඇය කෙසේ හෝ අසීරුවෙන් එම විභාගයට මුහුණ දෙන ලදී. විභාග ප‍්‍රතිඵලවලින් ඇය සමත් වුවත් ප‍්‍රථම ස්ථාන අතරට පැමිණීමට ඇයට අවස්ථාව ලැබුණේ නැත. ඉන්පසු ඇය Plus 2 විභාගයෙන් වැඩිම ලකුණු පෙන්නුම් කළ හෙයින එ් පිළිබඳව සලකා විභාගය අහෝසි කරන ලෙසත් බලකරමින් විරෝධතා පැවැත්වේ. තමිල්නාඩු  විභාගය අහෝසි කරන ලෙසත් බලකරමින් විරෝධතා පැවැත්වේ. තමිල්නාඩු NEET විභාගයේ ප‍්‍රතිඵලය නොසලකා වෛද්‍ය උපාධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී. නමුත් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය මගින ප‍්‍රතිකේෂ්ප විය. එහිදී ඇති වූ කම්පනය හේතුවෙන් ඇය සියදිවි හානිකරගෙන ඇත.

මේ දිනවල ඉන්දියාව පුරා අනීතාට යුක්තිය ඉටුකරන ලෙසත් NEET විභාගය අහෝසි කරන ලෙසත් බලකරමින් විරෝධතා පැවැත්වේ. තමිල්නාඩු ප‍්‍රාන්තයේ ජනතාව මහාමාර්ග, දුම්රියමාර්ග අවහිර කරමින් ඉන්දීය අගමැත නරේන්ද්‍ර මෝදිගෙ රුව රැගත් පිළිරූ ගනිතබමින් විරොධතා දක්වති. ප‍්‍රවීන සිනමා නළු කමල් හසන්, රැජිනි කාන්ත් පවා මෙම සිදුවීමට විරෝධය පළකරමින් මාධ්‍යවලට අදහස් දක්වා ඇත. තමිල්නාඩු ප‍්‍රාන්තයේ පාලක පක්ෂය ඩී. එම්. කේ. (D.M.K.) පක්ෂය විපක්ෂයේද සහය ඇතිව NEET විභාගය අහෝසි කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කරමින් සිටී. හිටපු මහ ඇමතිනී දිවංගත ජය ලලිතා ද පවසා ඇත්තේ NEET විභාගය අහෝසි කළ යුතු බවයි.

ඉහත ඉල්ලීම් මුල්කරගනිමින් පසුගිය 11 වන දින ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වන ලදී. එම ඉල්ලීම් ක‍්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයට බලකරමින් ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සදු වෙත ලිපියක්ද භාර දෙන ලදී. එහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ වැඩ බලන කැඳවුම්කරු සුසිත ප‍්‍රියංකර පැවසූයේ ලංකාවේ ද අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට ඉඩ ලබා දුනහොත් වැඩිකල් නොගොස් ලංකාවේද අනීතලා බිහිවන බවයි.

ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය පෞද්ගලිකරණය වී හමාරය. එහි දරුවා යැවීමෙන් පසු ජනප‍්‍රිය රජයේ පාසලකට දරුවා ඇතුළත් කිරීමේ තියුණු මෙහෙයුම ආරම්භ වේ. එවිට රු. 75000ක් වටිනා ගඩොලක් පාසලට පරිත්‍යාග කිරීමටත් පාසලේ නොයෙකුත් අඩුපාඩු සාදාදීමට පොරොන්දුවීමටත් සමහර දෙමාපියන්ට සිදු වේ. එම තරගයෙන් පරාජය වූ දෙමාපියන් ජාත්‍යන්තර පාසලකට දරුවන් ඇතුළු කරයි. ඉන්පසු 5 වසර ශිෂ්‍යත්ව විභාගය නමැති පොරයට දරුවා දිවවිය යුතුය. එය සමත් වූවොත් දරුවන්ට ජනප‍්‍රිය පාසලකට ඇතුල්විය හැක. ඉන්පසු සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළට ජීව විද්‍යාව, ගණිත අංශ තෝරාගන්නේ ටියුෂන්පංතියකට යාමට ආර්ථික හයියක් ඇති පවුල්වල සිසුන් පමණි. එසේ හැකියාවක් නැති දරුවන් විශාල ප‍්‍රමාණයක් තම කැමැත්ත පසෙකලා කලා හෝ වාණිජ විෂයන් තොරාගනී. ඉන්පසු උසස් පෙළ විභාගයෙන් ඉහළ ලකුණු ලබා රජයේ වෛද්‍ය පීඨ ඉන්ජිනේරු පීඨ සඳහා තේරී පත් වේ. වෛද්‍ය පීඨ 8ට තේරීපත් වී පැමිණි සහෝදර සහෝදරියන්මාස 8ක කාල සීමාවක් මුළුල්ලේ අධ්‍යයනය කටයුතුවලින් ඉවත් වී සිටිති. ඒ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින.

රටේ පාලකයන් මෙම අධ්‍යාපන පෞද්ගලිකරණයේ නියමු ව්‍යාපෘතිය සයිටම් නිසා නෙවිල් ප‍්‍රනාන්දුලාට ආවඩමින් එය නීතිගත කිරීමට වෛද්‍ය සභාවට බලපෑම් කරමින් සිටී. ඒ අනුව වෛද්‍ය විද්‍යාලවල අවම ප‍්‍රමිතිය විශාල ලෙස පහත හෙලීමටත් එම පහළ දැමූ ප‍්‍රමිතිය ඔස්සේ තව තවත් හොර උපාධි කඩ අරඹා ලාභ ලැබීමටත් දැනටමත් පිඹුරුැපත් සකසා අවසන්ය. මෙම ව්‍යසනයට මුහුණපාන්නට සිදුවන්නේ ලංකාවේ අසරණ ජනතාවටයි.

දැන් ඉතිරිව ඇත්තේ ඇගේ විභාග සහතික පමණි

ඉන්දියාවේ වෛද්‍ය සභාව මෑතකදී නිකුත් කළ වාර්තාවට අනුව එරටේ භතූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත. භූත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යන මුදලට වෛද්‍ය උපාධි සහතික නිකුත් කරනා කඩකාමරයි. එ්වාට ගොස් සල්ලි ගෙවූ පසු වෛද්‍ය උපාධි සහතිකයක් ලැබේ. ඒ අනුව හොර දොස්තරලා බිහිවේ. මේ අනුව ඉන්දියාවේ ලක්ෂ 10ක වෛද්‍යවරුන්ගෙන් සෑම 6කට එක් අයෙක් හොර වෛද්‍යවරයෙකි. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික හො රාජ්‍ය අංශයට ලාභ ලැබීමට ලබාදුන් විට අත්වන ඉරණම මෙයයි.

අනීතා මුහුණ දුන් ගැටලූව සේ ගැටලූවක් අනාගතයේ ලංකාවේ ඇතිවිය හැක. එනම් පෞද්ගලික පාසල්වලින ඉගෙනගන්නා දරුවන්ට රජයේ විශ්ව විද්‍යාලවලට යෑමේ වරප‍්‍රසාද නැත. එම දරුවන් දැනට පෞද්ගලික අංශයේ උපාධි හදාරයි. අධ්‍යාපනට වෙන් කරන මුදල කප්පාදු කිරීමත් සමඟ පෞද්ගලික පාසල්වල ඉගෙනමු ලබන සිසුන් ප‍්‍රමාණය ඉහළ යනු ඇත. එවිට එම සිසුන් NEET විභාගය මෙන් උසස් පෙළට අමතරව තවත් විභාගයක් ඉල්ලූ විට උසස් පෙළින් ඉහලම ලකුණු ගත් ඉදිආප්ප විකුණන අම්මාගේ පුතාට, ආයතනවල වැසිකිලි සෝදන අම්මාගේ දුවට සිදුවනේන සියදිවි හානි කරගැනීමටයි.

අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ ව්‍යසනය හමුවේ නිහඬව සිටිය නොහැක. සියදිවි හානි කර ගැනීම්ද කළ යුතු නොවේ. නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ජාති, කුල, ආගම්, පාට, පක්ෂ, ස්ත‍්‍රී පුරුෂ භේද නොසලකා එක්වීමට කාලය එළඹි ඇත. මෙම ක‍්‍රමය තුළ නිහඩව සිටිමින් අනාගතය කෙසේ හෝ මහන්සි වී අතිකාල වැඩ කර විදේශගතව හෝ මුදල් සොයා ඔබ ගෙදර එන විට දරුවා කැමති ක්ෂේත‍්‍රයක අධ්‍යාපනය ලැබීමට ඔබ සෙවූ මුදල ප‍්‍රමාණවත් නොවනු ඇත. එබැවින් මෙම අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලිකරණය වීමේ අහිතකර ඵලවිපාක පිළිබඳව දුරදක්නා නුවණින් සිතා බලා අප‍්‍රමාදව ක‍්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ ඇත.

හරින්ත පෙරේරා, වෛද්‍ය පීඨය
කැළණිය විශ්ව විද්‍යාලය


Save

Save

Save

Save

Save

Save