தமிழ்
English
Contact
Thursday 14th December 2017    
හම්බන්තොට පොලිස් පහරදීම ගැන ඉදිරිපත් වූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගනී ! « Lanka Views | Views of the truth

හම්බන්තොට පොලිස් පහරදීම ගැන ඉදිරිපත් වූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගනී !



ඔක්තෝබර් 06 වැනිදා හම්බන්තොට පැවති උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටියදී  පොලිස් නිලධාරියෙකුගේ පහර කෑමට ලක්වූ සුසන්ත කරුණාරත්න විසින් සිය මූලික අයිතීන් කඩවී ඇති බවට ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
පසුගිය ඔක්තෝබර් මස 06 වනදා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් තමන් විසින් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත විසින් අමානුෂික ආකාරයෙන් තමාට පහර දුන් බව පවසන පෙත්සම්කරු මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්තගේ පහර කෑමට ලක්වූ මාධ්‍යවේදී සුසන්ත කරුණාරත්න විසින් ඉදිරිපත් කළ අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ලබාදී ඇත.  පෙත්සම සම්බන්ධයෙන් තම පාර්ශ්වයෙන් කරුණු දක්වන ලෙස  එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත , පොලිස්පතිවරයා ඇතුළු 08 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
මාධ්‍යෙව්දියකුට මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධව මෑතක වාර්තා වූ දෙවැනි සිදුවීම මෙයයි. මින් පෙර හම්බන්තොට වරාය සේවක විරෝධතාවකදී සිය වෘත්තියේ යෙදී සිටි මාධ්‍යෙව්දියාට හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න පහරදුන් සිදුවීමේදී මෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නට පහර කෑමට ලක් වූ මාධ්‍යවේදියා අසමත් විය. ඔහු විසින් තංගල්ල පොලිසියට කළ පැමිණිල්ල ද පසුව එල්ල වූ බලපෑම් නිසා ඉවත් කරගන්නා ලදී.