தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
The Shape of Water චිත්‍රපටයට ගෝල්ඩන් ලයන් සම්මානය හිමිවේ « Lanka Views | Views of the truth

The Shape of Water චිත්‍රපටයට ගෝල්ඩන් ලයන් සම්මානය හිමිවේ



ගුලිමෝරෝ ඩෙල් ටෝරෝගේ The Shape of Water චිත්‍රපටයට 74 වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙළේ ගෝල්ඩන් ලයන් සම්මානයෙන් පුදනු ලබයි.

මෙම චිත්‍රපට උළෙල පසුගිය අගොස්තු 30 දින සිට සැප්තැම්බර් 9 දින දක්වා ඉතාලියේ වැනිස් නගරයේ පැවැතිවිනි.

මෙම නවපරපුරේ මෙක්සිකානු චිත්‍රපට අධ්‍යෂකවරයකු වන ගුලිමෝරෝ මෙවර 74 වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ පිරිනමන  ඉහළම සම්මානය ලබා ගැනීමේදී පවසා ඇත්තේ මෙම සම්මානය ලතින් ඇමරිකානු තරුණ සිනමා අධ්‍යක්ෂවරුන් දිරිගැන්වීම සදහා ඔවුන් වෙත පුදන බවයි.

තමා විශ්වාස කරන දේ වෙනුවෙන් කැපවී වැඩ කළහොත් නිසැක ජයග්‍රහණය හිමිවන බවද ඔහු එම සම්මානය ලබා ගනිමින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුලිමෝරෝගේ The Shape of Water නැමැති නවතම චිත්‍රපටය  ජලයේ වෙසෙන අද්භූත සත්වයකු හා ආලයෙන් වෙළෙන  කාන්තාවක් වටා ගෙතී ඇත. මෙම The Shape of Water චිත්‍රපටය වැනිස් සම්මාන උළෙලේ හොදම සිනමා කෘතිය ලෙස තේරී ඇත.




Related News