தமிழ்
English
Contact
Thursday 14th December 2017    
දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය අඛණ්ඩව « Lanka Views | Views of the truth

දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය අඛණ්ඩව



දුම්රිය රියදුරු සහායකයන් බඳවාගැනීමේ පටිපාටියෙන් බැහැරව බඳවා ගැනීම් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කරන ලද දුම්රිය රියදුරු වැඩවර්ජනය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අද(07) දින ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සිදු කරන ලද සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය රියදුරන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ගැටළුව විසඳුම් ලබා දෙන ලෙස දුම්රිය සේවකයින් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැණුවත් කරමින් වෘත්තීය මට්ටමේ බලපෑම්ද සිදු කර තිබුණි.

එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන්  ස්ථීර විසඳුම් ලබා දෙනබවට ආණ්ඩුව පොරොන්දු වූ අතර මේ වන තෙක් ගැටළුවට අදාළ විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩව වර්ජනයේ නිරත වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇත.