தமிழ்
English
Contact
Thursday 14th December 2017    
දුම්රිය වර්ජනය නවතී « Lanka Views | Views of the truth

දුම්රිය වර්ජනය නවතී



දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සමිති සන්ධානය අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හැරීමට තීරණය කල බව එම සන්ධානය පවසයි.

වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් මෙලෙස වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට නියමිතව තිබුණි.

බලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව වෘත්තීය සමිති විසින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අතිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.