தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
දුම්රිය වර්ජනය අවසන් « Lanka Views | Views of the truth

දුම්රිය වර්ජනය අවසන්



ඊයේ(11) දින හදිස්සි තීරණයක් ලෙස ආරම්භ කෙරුණු දුම්රිය වර්ජනය අවසන් කිරීමට ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය අද(12) සවස තීරණය කල බව වාර්තා වේ.

අදාළ ගැටලුව පිලිබඳ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව අද සවස සිට දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කල බවත් හෙට පෙරවරුවේ සිට නියමිත කාල සටහන අනුව දුම්රිය ධාවනය සිදු කෙරෙන බවත් එම සංගමය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියේ පවතින ගැටළුවක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කෙරුණු අතර ඒ සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයද සහාය ඵලකර තිබුණි.