தமிழ்
English
Contact
Thursday 14th December 2017    
හිටපු ජනාධිපතිගේ ලේකම් හා විදුලි සංදේශ නියාමනයේ හිටපු අධ්‍යක්ෂ වසර 3ක් සිරගෙට ! « Lanka Views | Views of the truth

හිටපු ජනාධිපතිගේ ලේකම් හා විදුලි සංදේශ නියාමනයේ හිටපු අධ්‍යක්ෂ වසර 3ක් සිරගෙට !



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ අනුෂ පැල්පිට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් අද(7) වසර තුනක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කරණ ලදී.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදීම සදහා මහජන මුදල් අවභාවිතය කිරීමේ චෝදනා මත මෙම උසස් රාජ්‍ය නිල හෙබවූ දෙදෙනා දඩුවමට ලක් කරණ ලදී. ඔවුන්ට එම චෝදනා වෙනුවෙන් රු.මිලියන 2 බැගින් දඩ මුදල් ගෙවීමට සහ විදුලි සංදේශ නියාමන කොමිසමට රු.මිලියන 50 බැගින් වන්දි ගෙවීමට ද නියම කෙරිණි. දඩ මුදල් ගෙවීමට නොහැකි වුවහොත් තවත් වසර දෙකක සිරදඩුවම් නියම වන බවද ප්‍රකාශ විය. ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට විසින් විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 600ක් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අවභාවිත කළ බවට චෝදනා එල්ල විය.

මෙම දඩ මුදල් ගෙවීමට කාලය ඉල්ලා සිටි අවස්ථාවේ මහාධිකරණය සැප්තැම්බර් 20 දක්වා කාලය ලබා දෙන ලදී. මෙම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන්නට චූදිතයන්ගේ නීතිඥවරු අපේක්ෂා කරති.