Posted on 09.03.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
අද(03) දින බණ්ඩාරවෙල ප්‍රදේශ කිහිපයකට ඇදහැළුණු මිලිමීටර 06ක පමණ පොද වැස්සෙන් පසු නිවාස වල බිත්ති සහ පොලව පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.
දික්අරාව, කිණිගම, වලස්බැද්ද, අප්පුහාමි මාවත ආසන්න ප්‍රදේශවල නිවාස 50ක පමණ මෙම පිපිරීම් සිදු වී ඇති බව පැවසේ.
අද දහවල් 12ට පමණ මෙම පිපිරීම් ආරම්භ වී ඇති අතර ක්ෂණිකව විශාල වශයෙන් මෙලෙස ඉරිතැලීම් අති වූ බව ප්‍රදේශවාසීන් පවසයි.
ආණ්ඩුව මෙම අවදානම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම හේතුවෙන් එක් පසෙකින් මෙම නිවාස වල ජීවත් වෙන පිරිස් වලට විකල්ප ස්ථාන ලබා නොදීම නිසා අවදානම නොතකා එම නිවෙස් වලම ජීවත් වීමට ඔවුන්ට සිදු වී ඇති අතර අනෙක් පසින් මෙම විනාශයන්ට හේතු වී ඇති උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ද අඛණ්ඩව සිදු කරමින් ඇත.
මේ වනවිට විශාල විනාශයකට උරුමකම් කියන මෙම ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් ආණ්ඩුව පාර්ශවයෙන් හෝ මෙම විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි පෙරමුණු සිදු කරමින් නොමැති අතර එම පාර්ශව හුදු වන්දි ගෙවීම් වලින් ගැටළු විසදාගැනීම සඳහා ජනතාව යොමු කරවමින් ඇත.
කුඩා වර්ෂාවට පවා මෙතරම් චලනයන් සිදුවන ස්ථාන කුමන හෝ මොහොතක අති විශාල විනාශයන් සිදු කරමින් ගිලා බැසීමට පෙරාතුව ආණ්ඩුවේ පැහැදිලි වුවමනාව වූ බහුජාතික සමාගම් හි ලාභ සහ නය කොන්දේසි සඳහා වන කෙසේ හෝ මෙම විනාශකාරී ව්‍යාපෘතිය නිම කිරීම වෙනුවෙන් පෙනී නොසිට අතිශය දුෂ්කර වූ සහ නිවැරදි ජනතා සුභසිද්ධිය මෙන්ම පරිසරය ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වන ජනතා අරගලයක අවශ්‍යතාවය වඩා තීව්‍ර වෙමින් ඇත.