Posted on 02.14.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පවතින පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අගමැතිධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (14) පස්වරුවේ ජනාධිපකිවරයා සමග පැවති හමුවකදී ඒ.ජ.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව වාර්තා විය.
තවද එළඹෙන සිකුරාදා දිනට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවතින අවිනිශ්චිතභාවය සම්බන්ධවත් ඉදිරියේදී ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධවත් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව දේශපාලන ක්ෂේත්‍රය තුළ හටගත් අර්බුදකාරී තත්වය හමුවේ අාණ්ඩු බලය පවත්වාගැනීම සම්බන්ධ විවාදයක් අැතිවී තිබේ. ඒහිදී අගමැතිධුරය සම්බන්ධ වෙනසක් කළ යුතු බව තමන්ගේ ස්ථාවරය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර අැත. ඒහෙත් එක්සත් ජාතික පක්ෂය විසින් ස්වාධීන ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ඊයේ(13) දිනයේදී ප්‍රකාශයක් නිකුත් විය. එක්සත් ජාතික පක්ෂ අමාත්යනවරු ඊයේ රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාවක් පැවැත්වූහ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීරුන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කරන ආණ්ඩුවකට සහය දීමට තමන් සූදානම් නොමැති බවයි.
කෙසේවුවද මහින්ද රාජපක්ෂ අැතුළු විපක්ෂ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ අාණ්ඩුවට බලයේ සිටීමට අයිතියක් නැති බව සහ නව පාර්ලිමේන්තුවක් සදහා මහමැතිවරණයකට ඉඩ සාදමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි. ස්ථාවර අාණ්ඩුවක් යන අදහස අැතිව ඉන්දියානු හා ඒක්සත් ජනපද තානාපති කාර්යාලද මෙම අදහස ඉදිරිපත් කර අැත.