தமிழ்
English
Contact
Thursday 14th December 2017    
පුතු සුව කරගැනීමට රට සේවයට ගිය තාත්තා වන්දි ගෙවන තෙක් සිරගෙට « Lanka Views | Views of the truth

පුතු සුව කරගැනීමට රට සේවයට ගිය තාත්තා වන්දි ගෙවන තෙක් සිරගෙට



හෘද රෝගයකින් පිඩා විදින සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ රැකියාවක් සඳහා ගොස් සිටි පුද්ගලයෙකු එරට අධිකරණ තීරණයක් මත වන්දි ගෙවීමට නොහැකිව මහත් අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

මිනිපේ අඹගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ඩි.එම්. ජයරත්න නමැති මෙම පුද්ගලයා 2013 වසරේදී විදේශගතව බර වාහන රියදුරෙකු ලෙස සේවය කිරීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබු අතර වැටුප් සහ අතිකාල ලබාදෙන ලෙස පවසා අදාළ ආයතනය විසින් නැවත සෞදි අරාබියට ගෙන්වා ගැනීමෙන් පසු අධිකරණය හරහා අදාළ අනතුර සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 25කට ආසන්න වන්දි මුදලක් ගෙවන ලෙසද අදාළ මුදල නොගෙවන්නේ නම් ජීවිතාන්තය සඳහා සිර දඩුවම් ලබා දෙන ලෙසද නියෝග කර ඇත. කෙසේ වෙතත් මේ වනවිට අදාළ පුද්ගලයා අධික රුධිර පීඩනය හේතුවෙන් යහළුවන්ගේ පරිශ්‍රමයෙන් සෞදි රාජ්‍යයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පැවසේ. මේ වන විට අදාල පුද්ගලයා මෙරටට ගෙන්වා ගත නොහැකිව අසරණ තත්වයට පත්ව සිටින ඔහුගේ බිරිද නැවත සිය සැමියා ලංකාවට ගෙන්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටී.

ලංකාවේ බරපතල සමාජ ගැටළු කිහිපයක් පැහැදිලිව විදහාදක්වන අවස්තාවක් ලෙස මෙම සිදුවීම පෙන්වා දිය හැක. එක් පසකින් සෞඛ්‍ය අයිතිය පෞද්ගලීකරණය හරහා ජීවත්වීමේ අයිතියද මුදල මත තීරණය වෙමින් ඇත. ජිවිතයද අහිමි කර ගනිමින් ජීවිතය සොයා විදෙස් ගත වන ශ්‍රමිකයින් අවසානයේ මෙවන් දරුණු සිදුවීම් වලට මුහුණ දීමට සිදු වේ. විදේශ ආදායම් වෙනුවෙන් වැඩිම පංගුව ලබා දෙමින් සිටින විදෙස් ගත ශ්‍රමිකයින් සම්බන්ධ මෙවන් සිදුවීම් බහුලව අසන්නට ලැබෙන අතර ඒ සම්බන්ධව කිසිඳු මැදිහත්වීමක් හෝ සිදු කිරීමට සියළු ආණ්ඩු අපොහොසත් වී ඇත.