தமிழ்
English
Contact
Saturday 25th January 2020    
අකිල විරාජ් දූෂණ වංචා සෙවිමේ කොමිසම හමුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අකිල විරාජ් දූෂණ වංචා සෙවිමේ කොමිසම හමුවට



අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද(11) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඇමතිවරයාගේ ඡායාරූපය පාසල් පෙළපොත්වලට ඇතුලත් කිරීමේදී සිදුවූ මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයේදී කොමිසම හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ සාක්ෂි ලබාදී තිබුණි. එහිදී සාක්‍ෂි ලබා දෙමින් ඔහු පවසා තිබුනේ පෙළපොත් මුද්‍රණයේ දී තම රුව ඇතුලත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා තමාට පෞද්ගලිකව දැනුම් දුන් බවයි.

පෙළපොත්වලට අමතරව ගුරු අත්පොත්වලට ද එම ඡායාරූපය වර්ණ ඡායාරූපයක් ලෙසින් අත්සන ද සහිතව මුද්‍රණය කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දුන් බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

ඉන් අනතුරුව ඉලංගසිංහට එරෙහිව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින් විනය ක්‍රියාමාර්ග ගත් බව පවසමින් ඔහු ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් සිදුකළේය.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම කැදවීම සිදුකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහන් කර ඇත.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී මාර්ග සංවර්ධන අධිකාරියට සේවකයින් බදවා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීරට සිතාසි නිකුත් කර තිබේ.