தமிழ்
English
Contact
Saturday 25th September 2021    
අගමැතිගේ කමිටුව පතකළේ 20 ඇති අඩුපාඩු යළි සකසන්න - විමල් විරවංශ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැතිගේ කමිටුව පතකළේ 20 ඇති අඩුපාඩු යළි සකසන්න – විමල් විරවංශ



ගැසට් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා ඇතුලු ඇතැම් මන්ත්‍රීවරුන් එකඟ නොවන කරුණු ඇති බවත් එම අඩුපාඩු යළි සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

විමල් වීරවංශ පෙන්වා දෙන්නේ, එමගින් කෙටුම්පතේ අඩුපාඩු සකස් කොට එම නව කෙටුම්පත යළි ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

පාදුක්ක ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

සාමාජිකයින් 6දෙනෙකුගෙන් යුත් එම කමිටුව ලබන සඳුදා රැස්වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණස්සල්ලට හේතු වු කරුණුද කෙටුම්පත තුල තිබු බවත් එම නිසා නියම විදිහට 20 වැනි සංශෝධනය සැකසු පසු 2/3ක සහයෝගය ගැනීමට හැකි බවත්ය.