Posted on 05.11.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වූ බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නව අගමැතිවරයකු පත්කිරීම පදනම් කරගනිමින් ජනාධිපතිවරයා සමග ගනුදෙනු කිරීමට පාර්ශ්ව කිහිපයක් කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කරමින් සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාත්‍රී රනිල් වික්‍රමසිංහ කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වූ අතර හෙට (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ ඔහු හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවය. එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන ජනමාධ්‍ය හමුවේ පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකියාව තිබෙන බවකි.
රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත්, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ බව කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පක්ෂ 11 කණ්ඩායමේ අදහස වන්නේ තමන් යෝජනා කරන මන්ත්‍රිවරයකු අගමැති ධූරයට නම් කළ යුතු බවය. අද පැවති සාකච්ඡාවකින් පසුව, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, විජේදාස රාජපක්ෂ යන තිදෙනාගෙන් අයකු අගමැති ධුරයට නම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එම පක්ෂ නායකයන් විසින් යෝජනා සම්මත කළ බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයාට සහාය පළ කිරීම වෙනුවෙන් මේ ආකාරයෙන් දේශපාලන පක්ෂ සිය කොන්දේසි ඉදිරිපත් කිරීම තවදුරටත් සිදු වේ.
සමගි ජන බලවේගය පවසන්නේ ජනාධිපතිවරයා ලිඛිතව ඉල්ලා අස්වීමේ දිනයක් ලබා දෙන්නේ නම් අගමැති ධුරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස සූදානම් බවය. ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමකදී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිධුරයට පත්වන්නේ අගමැතිවරයා වන බැවින් මෙවැනි යෝජනාවකින් ජනාධිපති පුටුව හිමිකර ගැනීමට ඔවුන් සූදානම් වන බව පැහැදිලි වේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතාවයක් ඇත්නම් අර්බුදය විසඳීම වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවීමට මැදිහත්වන්නට සූදානම් බවය. එහි අදහස වන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂවල බහුතර මන්ත්‍රිවරුන් එකඟ වන්නේ නම් අගමැති ධුරය වුවද භාර ගැනීමට සූදානමක් ඇති බවය. ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ජනතා විමුක්ති පෙරමුනේද කොන්දේසියකි.