தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
අගමැති මහින්ද රාජපක්ෂ ගුරු සංගම්වලට 'මල්ලෙ පොල්' කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැති මහින්ද රාජපක්ෂ ගුරු සංගම්වලට ‘මල්ලෙ පොල්’ කියයි



වසර 24ක් පවතින ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගෙන යන අරගලයට විසඳුමක් දෙන බව පවසමින් කැඳවූ සාකච්ඡාවේදී අදියර දෙකකින් වැටුප් වැඩිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

මේ බව හෙළිවන්නේ අද (12) පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ අගමැතිවරයා ප්‍රකාශ කළ කරුනු සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයකිනි.

අගමැතිවරයා කළ ප්‍රකාශයට ගුරු සංගම්වලින් කිසිදු එකඟතාවක් පළ වී නැත. ඔවුන් පවසන්නේ තම සංගම් එක් වී සාකච්ඡා කර හෙට(13)‌ සිය ප්‍රතිචාර දක්වන බවයි. ගුරු සංගම් විසින් දිගින් දිගටම ඉල්ලා සිටියේ වසර 24ක් තිස්සේ පවැති පසුගිය මහින්ද රරාජපක්ෂ පාලනයේදී මෙන්ම වත්මන් ආණ්ඩුවද බොරු පොරොන්දු යටතේ කල් අදිමින් සිටින ගැටලුවට ප්‍රතිපත්තිමය විසඳුමක් දෙන ලෙසත් අයවැයෙන් තම ඉල්ලීම් ඉටු කිරීමේ ක්‍රමවේදය අනාවරණය කරන ලෙසත්ය. ඒ වෙනුවට අයවැයෙන් විසඳන බවට පවසමින් මෙවර අයවැයෙන්ද කුඩා දීමනාවක් ගෙවා ප්‍රශ්නය කර හැරීමට ආණ්ඩුව සූධානම්වන බවට ගුරු සංගම් නියෝජිතයෝ චෝදනා කරති. තම ඉල්ලීම් නිශ්චිතව පවසා තිබියදී අගමැතිවරයා පිළිතුරු දී ඇත්තේ ‘මල්ලෙ පොල්’ ආකාරයෙන් බව ඔවුහු පෙන්වා දෙති.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි.

අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග්‍රාමාත්‍යතුමා අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මගින් එම වසරේ දී ද ලබාදීමටත් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳව රජය සංවේදි වන බවත් වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය. කොවිඩ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමා වීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ පැවසීය. 2021.08.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණ ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සදහන් කළේය.

ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.