Posted on 05.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නායක සහ පත් කළ මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ ලංකාවේ 25වැනි අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙන ලද බව වාර්තා වේ.
පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් වීමෙන් පසුව ඔහු අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මෙන්ම ආණ්ඩුව ඉවත් වියයුතු බවට ජනතා අරගලයක් පවතින අතර ජනාධිපතිවරයා කටයුතු කළේ අප්‍රසාදයට පත් සිය සොයුරු මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉවත්වන ලෙස දන්වා ජනතා විරෝධය මගහැර යාමට උත්සාහ දැරීමය. මේ ආකාරයට වඩා වාසිදායක වෙනස්කමකින් ජනතා විරා්ධය සමනය කිරීම පිණිස පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රිධුරය දරන රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදීම විවාදාත්මක කරුණක් වී ඇත.
සාමාන්‍යයෙන් අගමැති ධරයට පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත් මන්ත්‍රිවරයාය. එ.ජා.ප.යට 2020 මහමැතිවරණයේදී හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට රනිල් වික්‍රමසිංහ නම් කිරීම සිදු වූයේද මාස ගණනක් ප්‍රමාද වීමෙනි.
රනිල් වික්‍රමසිංහ 1993 පළමුවැනි වරට අගමැති ලෙස පත්කරනු ලැබුවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේය මෙවර ඔහු අගමැති ධුරයේ දිවුරුම් දෙන්නේ 6 වැනි වතාවටය.
ඉන් අනතුරුව 2001 සිට 2004 දක්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ පාලන සමයේදී එක්සත් ජාතික පෙරමුණු රජයට නායකත්වය දීම සඳහා ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.
2015 ජනවාරි මාසයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තෝරා පත් කර ගැනීමෙන් සභාග ආණ්ඩුවේ අගමැති ලෙස පත් කරන ලදී.
2015 අගෝස්තු මහ මැතිවරණයේදී ඔහුගේ පත්වීම ජනතාව විසින් අනුමත කරන ලදී.
නැවත වරක්, 2018 ඔක්තෝම්බර් මාසයේදී ඔහුව නෙරපා හැරීමෙන් පසුව,
දෙසැම්බර් මාසයේදී, ඔහු අගමැති ලෙස පත් කිරීමට එවකට ජනාධිපති සිරිසේනට සිදු විය.
2019 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පරාජය වීමෙන් පසු ඔහු සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය.