தமிழ்
English
Contact
Friday 14th August 2020    
අඟුලානේ ධීවරයෙකු මරා දැමීම ආණ්ඩුවේ මිලිටරීකරණ ව්‍යාපෘතියේ ප්‍රථිපලයක් - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අඟුලානේ ධීවරයෙකු මරා දැමීම ආණ්ඩුවේ මිලිටරීකරණ ව්‍යාපෘතියේ ප්‍රථිපලයක් – පුබුදු ජයගොඩ



අඟුලානේ ධීවරයෙකු පොලීසිය විසින් මරා දැමීම සහ ඉන්පසු ඒකට විරුද්ධ වුණු ජනතාවට පහර දීම සහ අත්අඩංගුවට ගැනීම පොලීසියේ අත්තනෝමතිකත්වය මත පමණක් නොව ආණ්ඩුව රට තුළ මිලිටරිකරණ තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමේ ප්‍රථිපලයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ජනාධිපතිවරයා හරහා මිලිටරිය අධිනිශ්චය වීම සියලු දේ මිලිටරිය හරහා සිදුවිය යුතුයි යන මතයක් ගොඩ නැංවීම හරහා ආයුධ අතේ තියෙන නිලධාරින් ඒ ආයුධ අත්තනෝමතික ලෙස භාවිත කරන බවයි. මෙම මාධ්‍ය හමුවේදී කොවිඩ් වසංගත තත්ත්වය සහ මැතිවරණ ප්‍රචාරණයේදී ඇතිව තිබෙන අසාධාරණ තත්ත්වයන් සම්බන්ධයෙන්ද පුබුදු ජයගොඩ අදහස් දැක්වීය .

පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේදී පලකල සම්පූර්ණ අදහස පහත දැක්වේ.

අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ කරුණු කිහිපයක් පදනම් කරගෙන එක් කාරණයක් තමයි ඊයේ දිනයේ අඟුලාන ප්‍රදේශයේ ජනතාව කරපු උද්ඝෝෂනික මැදිහත්වීමකට පොලිසියේ විශාල මර්දනයක් එල්ල වුණා. ඒ සිදුවීමේදී ජනතාව හැසිරීමේ ප්‍රශ්න තියෙන්න පුළුන් නමුත් එකට බලපාපු පැහැදිලි හේතු තියෙනවා. කොපාවින්ත හැසිරීමකට හේතුවෙන කරුණු පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන විසින්ම නිර්මාණය කරලා තිබුණා. කස්තුරි ආරච්චිගේ අමිත් කරුණාරත්න කියන 39 හැවිරිදි ධීවරයා මරා දැම්මා. අනාවරණය වූ කරුණුවලට අනුව ලුණාව කලපුවේ මාළු අල්ලන්න යන්න තවත් තිදෙනෙකු සමග ත්‍රීරෝද රථයකින් ඔහු ගමන් කරමින් ඉඳලා තියෙනවා. ඒ ත්‍රීරෝද රථය පොලිසිය විසින් නවත්වලා, මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරනවා කියලා චෝදනා කරලා පරික්ෂාවට ලක් කරලා තියෙනවා. මත්ද්‍රවය හම්බවෙලා නැහැ නමුත් ආදායම් බලපත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඒ සමග පහරදීමක් සිද්ධ කරලා තියෙනවා. පහරදීමට විරෝධය පළ කරද්දි මේ පුද්ගලයට වෙඩි තබලා තියෙනවා. ප්‍රදේශවාසින් චෝදනා කරනවා පොලීසිය බීමත්ව සිටිය එහෙම සිටියදී තමයි මේ පහරදීම සිද්ධවෙලා තියෙන්නේ. ඔවුන් බීමත්ව සිටියද කියන එක ගැන පරික්ෂණ කරලා නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහත්මා මාධ්‍ය හමුවේදී ඒක පිළිගත්තා. මේ සිද්ධියට අදාළ සාක්ෂිකරුවෝ දෙදෙනෙක් අඟුලාන පොලීසිය විසින් පැහැරගෙන තියෙනවා. ඒ පැහැරගත් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකර ප්‍රදේශවාසීන් කියන විදිහට මුලින් ගල්කිස්සට අරන් ගිහින් ඊට පස්සේ මොරටුමුල්ලට අරන් ගිහින් එතනින් පස්සේ අඟුලානට ගෙනත් අඟුලාන පොලීසිය ඇතුලේ රඳවා තබාගෙන ඉන්නෙ. තවමත් පොලිසිය ඒක ඇත්ත ද බොරුද කියලා නිල වශයෙන් ඉදිරිපත් කරලා නැහැ. මේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කරලා තියෙනවා. නමුත් ඔවුන්ව අත්අඩංගුවට අරගෙන සාමාන්‍ය මිනිමරුමකදී ක්‍රියාකරන ආකාරයට ක්‍රියා කරලා නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුළ සහ අප තුළ බලවත් සැකයක් පවතිනවා. මේ පරීක්ෂණ හොරාගෙ අම්මාගෙන් පේන ඇහිල්ලක් බවටම පත්වෙනවා. මෙන්න මේ නිසා තමයි අඟුලාන ප්‍රදේශවාසීන් පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් උද්ඝෝෂණය කළේ.

දැන් මේ සිද්ධියට සාධාරණීකරණය කරන්න හදන්නේ මිනිසුන් ඊට පසු හැසිරුණු ක්‍රියාව පෙන්වලා. මුලින් වෙච්ච දේ අමතක කරලා. මුලින්ම අසාධාරණ ලෙස පුද්ගලයෙක්ව මරා දැම්මා. ඒ මරා දැමීමට අදාළ පරීක්ෂණවලදී සාධාරණය ඉටුවෙයි කියලා තිතන්න බැරි තත්වයක් ගොඩනැගිලා තියෙනවා. මේක අඟුලාන පොලීසියේ මෙහෙම වෙච්ච පළවෙනි වතාව නෙමෙයි. පොලීසියේ ආශිර්වාදයත් සමඟ පාතාල සාමාජිකයන් විසින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නිවසට වෙඩි තැබීම. සුප්‍රකට සිදුවීම තමයි 2009 අඟුලාන පොලීසියෙන් අත්අඩංගුවට ගත්ත සැකකරුවෝ දෙදෙනෙක්ව පොලීසියේදී මරා දැම්මා. ඒ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් හතරදෙනෙකුට මරණ දඬුවම හිමිවුණා. මේකත් හරියට අමෙරිකාවේ ජෝජ් ෆ්ලොයිඩ්ට වුණ සිද්ධිය වගේ. ඔහුට තිබුණ චෝදනාව හොර සල්ලි භාවිත කළා කියන චෝදනාව. ඒ චෝදනාව මත තමයිපොලිස් නිලධාරීන් ඔහුගේ ගෙල සිරකරලා මදරා දැම්මේ. ඊට හේතුව ඔහු කළුජාතිකයෙක් වීම නිසා හොර නෝට්ටු අච්චු ගහන්නෙක්, අපරාධකරුවෙක් කියලා හිතනවා. මෙතනදීත් අඟුලානේ වීම, ධීවරයෝ වීම, දුප්පත්වීම අනවසර පදිංචිකරුවන් නිසා කුඩු ප්‍රවාහනය කරන සහ අපරාධකාරයෝ කියන ඇසින් තමයි ඔවුන් දෙස බලන්නේ. මේක හුදු පොලිසියේ අත්තනෝමතිකත්වයක් විතරක් නෙවෙයි රජය පාර කපමින් යන්නේ මෙතැනට. රජය සම්පූර්ණ මිලිටරීකරණ තත්ත්වයක් රට ඇතුලෙ හදමින් යනවා. අමාත්‍යංශවල ස්ථිර ලේකම් ධූරවලට ආයතන ප්‍රධානින් ලෙස හමුදා නිලධාරීන් පත් කරමින් යනවා. පහුගියකාලේ විශේෂ කාර්ය සාධක බලකායන් පත්කරමින් ගියා. ඒවගෙ ඉන්නෙ විෂයට අදාළ අය නෙමෙයි. හමුදාවේ , පොලීසියේ නිලධාරීන්. උදාහරණයක් විදිහට පසුගිය ජුනි 02වනදා රටේ විනය ගොඩනැගීමට කියලා විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් පත්කරා. ඒකෙ ඉන්නෙ පොලිසියේ, හමුදාවේ, ඔත්තු සේවයේ නිලධාරීන්. ඊට පස්සේ හැදුවා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට කියලා විශේෂ කාර්ය සාධන බලකායක්. ඒකෙ ඉන්නෙ පුරාවිද්‍යාවට අදාළ නිලධාරීන් නෙමෙයි හමුදා නිලධාරීන්. මිලිටරිය ඉස්සරහට ගේන වැඩපිළිවෙලක් තියෙන බව හොදටම පැහැදිලියි. ජනාධිපතිවරයා හරහා මේ විදිහට මිලිටරිය අධිනිශ්චය වීම සියලු දේ මිලිටරිය හරහා සිදුවිය යුතුයි කියන තැනකට එද්දී ආයුධ අතේ තියෙන නිලධාරින් ඒ ආයුධ අත්තනෝමතික ලෙස භාවිත කරනවා. මෙතනදි නිලධාරි ප්‍රශ්නයට එහාගිය දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා ඒ දේශපාලන ප්‍රශ්නට ආණ්ඩුවට වගකීමක් තියෙනවා.

කොවිඩ් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්න තියෙනවා. මිට අවුරුදු 125කට පෙර නිරෝධායන පනත් ආණ්ඩුව හඳුන්වලා දීලා තියෙනවා. නිරෝධායන දෙපාර්තමේන්තුවක් හදලා තියෙනවා. ඒකට අදාළ ශ්‍රමය ඕන වේද්දි පොලිසිය හමුදාව මැදිහත් කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ක්‍රියාලිය යන්න තිබුණේ සෞඛ්‍ය අංශවල මූලිකත්වයෙන්. දේශපාලනවාසි ගැනීමට මේව හමුදාවට දුන්නා. ඒකේ ප්‍රතිඵලය දැන් අපිට පේනවා. ඒකෙන් හමුදාවත් අර්බුදයට ගියා. හමුදා සාමාජිකයන්ගේ සහ සාමාන්‍ය සමාජයෙත් ජීවිත අවධානමකට ලක් වුණා. හමුදාව පාලනය කරපු ස්ථාන දෙකක තමයි ලොකුම කොරෝනා වෛරස් පොකුරු වාර්තා වුණේ. එකක් තමයි වැලිසර නාවුක හමුදා කඳවුර, අනිත් එක කන්දකාඩු නිරෝධයන මධ්‍යස්ථානය. ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ට මේ රෝගයෙන් ආරක්ෂාවෙමින් කටයුතු කරන්නේ කොහොමද කියාල පුහුණුවක් තියෙනවා. අද වාර්තා වුණා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කොරෝනා රාජකාරි සේවයෙන් ඉවත් වෙනවා කියලා. ඔවුන්ට අදාළ සෞඛ්‍ය උපාංග මොනවත් ලැබිලා නැහැ. කලිනුත් ඒ ප්‍රශ්න තිබුණා. නමුත් ඒ අවස්ථාවලදී ජනතාව මැදිහත් වුණා. අපි පක්ෂයක් ලෙස මැදිහත් වුණා. තව බොහෝ සංවිධාන පුද්ගලයන් මැදිහත් වුණා. හමුදාවේ පොලිසියේ බලතල වැඩිකරනවා. නමුත් සෞඛ්‍ය සේවකයන්ගේ බලතල වැඩි කරන්නේ නැහැ. කොවිඩ් වසංගතය ඇතිවුණු මොහොතේ සිට රජයේ දේශපාලන මැදිහත්වීම ගැන බරපතල විවේචනයක් අපිට තියෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ආණ්ඩුව විරෝධයක් මතු කරලා ඒ හරහා ඡන්ද ලබා ගැනීමේ වුවමනාවක් නැහැ. හැබැයි එහෙම කියලා ආණ්ඩුවට තියෙන විවේචන පොඩ්ඩක්වත් ඍජු කරන්නෙත් නැහැ.

ලංකාව දූපත් රාජ්‍යක්. මේ රටට කොව්ඩ් ආවේ පිටින් මේක පාලනය කන්න ගුවන්තොටුපළවල් වහලා, මුලින්ම පියවර ගතයුතුව තිබුණා. ඒ වෙලාවේ කිවුවේ ඩෙංගුවලින් මෙච්චර මැරුණා, යුද්දෙදි මේචර මැරුණා කියාලා. ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 ගෝලීය හදිසි අවස්ථාවක් කියලා නම් කළා. නමුත් මාර්තු 12 සිට 19 දක්වා නාම යෝජනා කැඳවීමක් තිබුණ නිසා සමාජ සංචරණය සීමා කළේ නැහැ. ජනාධිපතිවරයා කිව්වා ලෙඞ්ඩු 28ක් හිටියට රටක් වහන්නේ මොකටද කියලා. අධ්‍යාපන ඇමැති ඩලස්අහලපෙරුම ප්‍රකාශකළා ලෙඩේ හැදෙන්න නැතිවෙන්න ඡන්ද තියන්න අපි දන්නවා කියලා. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි කිව්වා මොන ලෙඩේ ආවත් ඡන්දය තියනවා. ඡන්දය දිනනවා කියලා. මාර්තු 20න් පස්සේ තමයි රට වැහුවේ. උදේ කියලා හවස වැහුවා. ස්වේච්ඡා සංවිධාන මැදිහත්වුණ නිසා යන්තම් මිනිස්සු බඩගින්නේ මැරෙන්නෙ නැතුවහිටියා. ආණ්ඩුව දීපු පහන්දහ ලැබුණේ අප්‍රේල් අන්තිමේදී. ඊට පස්සෙ ඉවත්විමේ සැලස්මක් ඕන කියලා කතා කළා. ඉවත් වීමේ සැලසුම් ඉදිරිපත් කළා. වසංගත රෝග විද්‍යායතන සැලස්මක් ඉදිරිපත් කළා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉවත්වීමේ සැලස්මක් ඉදිරිපත් කළා. සෞඛ්‍ය ආමාත්‍යංශයේ විශේෂඥයන් විසින් සැලස්මක් ඉදිරිපත් කළා. ඒවා ඔක්කොම පැත්තක තියලා ආණ්ඩුවේ දේශපාන වුමනාවට සැලස්මකින් තොරව රට විවෘතකළා. විවෘත කරලා කිව්වා දවස් 70වකින් රෝගීන් වාර්තා වෙලා නැහැ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය T3 කියල ප්‍රතිපත්තියක් හදුන්වාලා දුන්නා. ටෙස්ට්, ටෙස්ට් හා ටෙස්ට් . ලංකාව කළේ රෝගීන් හොයා ගන්නවා. පරික්ෂණ කරනවා. ඔවුන්ට ප්‍රතිකාර කරනවා . ඒකෙන් දැන් පේනවා මොනතරම් වගකීම් විරහිතවද හැසිරිලා තියෙන්නේ කියලා. මේකට දෙවැනි රැල්ලක් කියන්න බෑ. දෙවැනි රැල්ලක් වෙන්න නම් පළමු රැල්ල ඉවරවෙලා තියෙන්න ඕන. තාම මේ යන්නේ පළමු රැල්ල. අපි මාර්තු අවසානයේදී කිව්වා මේක වැරදියි කියලා. මද්‍රව්‍යවලට අබ්බැහි වුණ තරුණයන්ගේ ප්‍රතිශක්තිය අඩුයි. පෙණහලු ආබාදිතයි. සමහර අයට මන්ද පෝෂණ තත්වයක් තියෙනවා. ඒ අයට රෝගය වැලදුනොත් අවධානම වැඩියි. ඒ නිසා අපි යෝජනා කළා තරුණයන් ඉවත් කරන්න. මුළු පරිශ්‍රයම ගන්න නිරෝධානය මධ්‍යස්ථානට. එහෙම තැතිනම් නිරෝධාය මධ්‍යස්ථානය වෙන තැනක දාන්න. පාරෙන් මෙහා පැත්තේ මත්ද්‍රවය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තියාගෙන. පාරෙන් අනිත් පැත්තේ නිරෝධාය මධ්‍යස්ථානය පවත්වගෙන ගියා. වෛද්‍යවරන්ගේ ඉල්ලීමක් තිබුණා නිරෝධායන මධ්‍යස්ථානය පාලනය කිරීම සෞඛය අමාත්‍යංශයට භාර දෙන්න, මත්ද්‍රවය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හමුදාවට භාර දෙන්න කිව්වා. ඒකට එකග වුනේ නැහැ. ‘නිරෝධායනය හමුදාව අතින්’ කියලා සටන් පාඨයක් ගෙන්න ඕන වුණා. ඒ නිසා මේ දෙකේම සේවා සැපයීම හමුදාවට දුන්නා. මේකෙන් ලෙඩේ හැදෙන්න බලපාපු එක කාරණයක් තමයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පුනරුත්ථාපන මධ්‍යස්ථානට ගියා වෙන්න පුළුන්. මත්ද්‍රවය ඇබ්බැහිවුන්ට චෝදනා කරනාව කුඞ්ඩෝ තමයි ලෙඩේ බෝ කළේ කියලා. අපි පැහැදිලවම දන්නවා මැයි 20න් පස්සේ පුනරුත්ථාපන මධ්‍යස්ථානට කිසිදු තරුණයෙක් ඇතුල් කරලා නැහැ. නැත්නම් මේක ඇවිත් තියෙන්නෙ උපදේශකයෝ හෝ කවුරුහරි හරහා සමාජයෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්යෙන් ඉවත්වීමේ සහතිය දුන්නා. ඒකට ලංකාවේ නම නැහැ. යුරෝපා සංගමය සංචාරයට සුදුසු රටවල් ලැයිස්තුවක් නිකුත් කළා. ඒකෙත් ලංකාවේ නම නැහැ. ආණ්ඩුව කොරොනා නැති කළේ නැහැ. කොරෝනා ගැන තියෙන බය නැතිකරලා තියෙන්නේ. ඒක එයාලට ඕන වුණේ ඡන්දය කරන්න. තුනෙන් දෙක හදාගත්තට පස්සෙ තමයි තීරණය කරන්නෙ සංචරණ සීමා කරන්නේ කියලා . එතකම් මේක පැතිරෙනවා. මේගොල්ලෝ මුලින් කිව්වා මුඛ ආවරණ අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සෙ මුඛ ආවරණ පළඳින්නේ නැති අය පොලීසියෙන් අල්ලන්න පටන් ගත්තා. ඒත් දැන් 20ට 30 තිබුණු සායනික මුඛ ආවරණ 80යි. මිලිලීටර් 100 විෂබීජ නාශක බෝතලේ 120ට විතර තිබුනේ. දැන් එකෙ මිල 360ට විතර ඉහළ ගිහිල්ලා. දවසින් දවස මිල වැඩිවෙනවා.

අද මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවේදී මූලික සෞඛ්‍ය සෞඛ්‍ය උපදේශන ප්‍රමාණයක් ලබා දුන්නා. මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන මොහොත වෙනකම් කොවිඩ් විරෝධී සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට් කරලා නැහැ. මේ නිසා ආණ්ඩුවේ අය කැමති කැමති විදිහට මැතිවරණ රැස්වීම් තියෙනවා. ජනාධිපතිවරයත් යනවා සෙනග කිටි කිටියේ තදවෙලා ඉන්න රැස්වීම්වලට. ඒ රැස්වීම්වල ජනතාව සහ ජනාධිපතිවරයා අතර මීටරය තියෙනවා. නමුත් ජනතාව අතර මීටරය පවත්වා ගැනීමක් සිද්ධ වෙන්නෙ නැහැ. මිනිස්සුන්ට වැඩට එන්න කියලා තියෙනවා. කොච්චි සහ බස්වල මිනිස්සු කිටි කිටියේ හිරවෙලා වැඩට යනවා. මේ අතර මැතිවරණ කොමිසම අපිට උපදෙස් දෙනවා කොවිඩ් 19 වසංගතයට නිරාවරණය වීම වලක්වා ගැනීම සඳහා පුද්ගල රැස්වීම් අවම කර මැතිවරණ ප්‍රචාරණය සඳහා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය විශේෂයෙන් රූපවාහිනිය නිර්දේශ කරනවා කියලා. රූපවාහිනි වෙළඳ දැන්වීමක් සඳහා කොතරම් වියදමක් කරන්න වෙනවද කියන එකයි ප්‍රශ්නෙ. තමන්ගේ මතය කියන්න දේශපාලන පක්ෂයකට අපේක්ෂකයෙකුට සිද්ධ වෙන්නෙ මිලියන ගණන් වියදම් කරලා. සමහර මාධ්‍ය වෙළඳ දැන්වීම් දාන අපේක්ෂකයන්ට විතරයි දේශපාලන වැඩසටහන් දෙන්නෙ කියලා තීරණයකට ඇවිත්. සමහර නාලිකාවල වැඩසටහන් දෙන්නෙත් සල්ලිවලට.මිලියන ගණන් බිලියන ගණන් වියදම් නොකර මැතිවරණ ප්‍රචාරණය කළ නොහැකි තත්ත්වයක් හදලා තියෙනවා. මැතිවරණ කොමිසමම කියනවා එහෙම කරන්න කියලා. හැබැයි තමන්ගේ සළකුණ ප්‍රචාරය කරන්න තමන්ගේ මතය ජනතාවට කියන මාර්ග ඔක්කොම වහලා තියෙනවා. මේක හරියට තරඟයක් තියෙනවා, එක කට්ටියකට මැතිවරණ කොමිසම ග්ලූකෝස් දෙනවා තව කට්ටියකගේ අතපය බැඳලා තියෙනවා. අපිට ලකුණ ප්‍රදර්ශනය කරන්න බැහැ කියන තර්කය යටතේ පෝස්ටරයක් ගහන්න අත්පත්‍රිකාවක් බෙදන්න දෙන්නෙ නැහැ. ඒත් පත්තරයක් ගත්තම, නැත්තම් රූපවාහිනියේ ලකුණ , අංක, මුහුණු සියල්ල පෙන්නලා තියෙනවා. රුපියලක් දෙකක් වියදම් කරලා ප්‍රචාරණය කරන්න බැහැ . කරනවානම් ලක්ෂ 10ක් 12ක් වියදම් කරලා ප්‍රචාරණය කරන්න කියලා තමයි මැතිවරණ නීතියේ තියෙන්නෙ. අද අපි මැතිවරණ කොමිසමටත් කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම නොවේ. මැතිවරණය ක්‍රියාවලිය ඇතුලේ හැමෝටම සම අවස්ථා තහවුරු කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හැමවෙලේම කියන්නෙ එයාට නීතියෙන් බලතල නැහැ කියලා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ තියෙන අදහස අපිට හැකි පමණ ජනතාවට ගෙනියන්න, ඒවගේම කොවිඩ් 19 වසංගතය හමුවේ යම් වගකීමකින් හැසිරීමට අපි ප්‍රමුඛතාවය දීලා තියෙනවා. ඒවගේම මේ මැතිවරණ ක්‍රියාවලියේ තියෙන අසමානතාවයට එරෙහිවත් අපි සටන් කරමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නය අපිට එන්නෙ කාර්යාලයක් දාන්න ගියාම කාර්යාලයේ තියෙන බෝඩ් එකේ අකුරු නිසා බෝඩ් එක ගලවන තත්ත්වයකින්. අඟුලාන ජනතාවට ප්‍රජාත්නත්‍රවාදී ප්‍රශ්නය ඇවිත් තියෙන්නෙ වෙඩි තියලා මරලා මරපු එකට විරුද්ධ වෙද්දී අල්ලලා සිරගත කරලා. දස දෙනෙක් ඊයේ අත්අඩංගුවට අරන් තියෙනවා. ඉන් හත්දෙනෙක්ම කාන්තාවො. මේ තත්ත්වය බරපතල තත්ත්වයක්. මේ තත්ත්වයට එකම උත්තරය තියෙන්නෙ ජනතාවගෙ පෙලගැස්මක්. අපි ජනතාවගෙන් ඉල්ලනවා අඟුලානේදී ජනතාව සංවිධාන වුණා. ඒ ක්‍රියාමර්ග නෙමෙයි. එත සංවිධානය වෙන්න. මේ අසාධාරණයන්ට විරුද්ධ වෙන්න. මැතිවරණයේදී හැමදාම ගත්ත සම්ප්‍රදායික තීරණය වෙනුවට මේ අයුක්ති සහගත තත්ත්වය පරාජය කරන්නේ කොහොමද කියන එක හිතලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න.