தமிழ்
English
Contact
Saturday 19th June 2021    
අඩුබර දරුවන්ට සහ කිරි දෙන මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීම ඇණහිටලා - පවුල් සෞඛ්‍ය සේවා සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අඩුබර දරුවන්ට සහ කිරි දෙන මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීම ඇණහිටලා – පවුල් සෞඛ්‍ය සේවා සංගමය



අතිරේක පෝෂණීය ආහාරයක් ලෙස මන්දපෝෂණයෙන් සහ අඩු බර දරුවන්ට සැපයූ ත්‍රිපෝෂ මාසිකව ලබාදීම ඇණහිට ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසයි.

මෙරට කිරි දෙන මවුවරුන්, ගැබිණි මවුවරුන්, බර අඩු දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා මාසිකව ත්‍රිපෝෂ පැකට් දෙකක් බැගින් නොමිලේ ලබා ලබාදීම රටපුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනින් මගින් සිදුවේ. මාසිකව ත්‍රිපෝෂ නොලැබීමෙන් මෙම පිරිස්වල පෝෂණ තත්ත්වයට බලපෑමක් වන බව සභාපතිනිය පවසා තිබේ.

දේවිකා කොඩිතුවක්කු පවසන පරිදි, අඩු බර සහ මන්දපෝෂණයෙන් පෙළෙන හඳුනාගෙන ඇති දරුවන් වැඩි පිරිස නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම දිස්ත්‍රික්කයටද අවශ්‍ය ත්‍රිපෝෂ ප්‍රමාණය මාසිකව නොලැබේ.

අය වැය යෝජනාවලදී සියලුම දරුවන්ට පෝෂණීය අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ ලබාදෙන බව රජය ප්‍රකාශ කර ඇත.එහෙත් මාස කීපයකින් ත්‍රිපෝෂ නොලැබුණ බව කී සභාපතිනිය මෙරට දරුවන්ට ලැබිය යුතු අතිරේක පෝෂණීය ආහාරය දරුවන්ට අහිමි කර තිබෙන බවද පවසා තිබේ.