Posted on 07.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(22) අලුයම ගාලු මුවදොර අරගලබිමේදී අත්අඩංගුවට ගත් නීතිඥ නුවන් බෝපගේ සහ විරෝධතාකරුවන් කොටුව මහෙස්ත්රාත් අධිකරනය විසින් ඇප මත නිදහස් කරන ලදී.
අලුයම 1.00ට පමණ ගාලුමුවදොර අරගල බිමට කඩාවැදුණු සන්දද්ධ හමුදාව විසින් පහරදීමේදී එය වැලැක්වීමට නීිඥයකු වශයෙන් කරුණු ද්කවීඹට ගත් උත්සාහයේදී නිතිඥ බෝපගේ සොල්දාදුවන් විසින් පහරදී අත්අඩංගුවට ගෙන තිබුණි. එම අවස්ථාවේ විරෝධතා දැක්වූළුන් පිරිසක්ද ආරක්ෂක භටයන් විසින් පහරදී අත්අඩංගුවට ගන්න ලදී, මීට අමතරව මාධ්යවේදින්ද පහරදීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.
අයුතු ජනරාශිය යන චෝදනාව යටතේ නීතිඥ බෝපගේ ඇතුළු පිරිසට චෝදනා ගොනුකර කොටුව මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත්කර තිබිණි. මූළික අයිතිවාසිකම් යටතේ විරෝධය දැක්වීමේ යෙදී සිටිවුන් අත්අඩංගුවට ගෙන මෙම චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූළුන් වෙනුවෙන් කරුණු දැක්වූ නිතිඥවරු විරෝධය පළකර සිටියහ.