Posted on 01.26.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
යාචකයන් සඳහා ඇති එකම රැඳවුම් මධ්‍යස්ථානය වන රිදියාගම රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ උපරිම සීමාවට ළඟා වී ඇති බව වාර්තා වේ.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ චන්දන රණවීර ආරච්චි The Morning පුවත්පතට පවසා ඇත්තේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් ඇත්තේ 600ට වන අතර දැනට රැඳවියන් 600ක් පමණ සිටින බැවින් වැඩිවන රැඳවියන් ප්‍රමාණය සඳහා සම්පත් ප්‍රමාණවත් නොවන බවයි.
පාදඩ පනත යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම යාචකයන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.
එසේම මෙම යාචකයන් කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමේ අවදානමකද මතුව ඇති බව පැවසේ. එයට හේතුව රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ නොකිරීමයි.
දැනට ශ්‍රී ලංකාව තුළ කොපමණ ප්‍රමාණයක් යාචකයන් සිටිනවාද යන්න ගැන සංගණනයක් සිදුකර නැතත් ඇතැම් වාර්තා පෙන්වා දෙන පරිදි 85000 – 100000ත් අතර යාචකයන් සිටින බව The Morning පුවත්පත වාර්තා කරයි.