தமிழ்
English
Contact
Thursday 12th December 2019    
අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවුණා- හසලක කාන්තාවකගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවුණා- හසලක කාන්තාවකගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්



තමන් ඇද සිටි ඇදුම නිසා හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශයේම කාන්තාවක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.

නැවක සුක්කානම රුව සහිත ඇදුමක් ඇඳගෙන සිටියදී එය ධර්ම චක‍්‍රයක රුව සහිත ඇඳුමක් ලෙස දක්වමින් අත්අඩංගුවට ගත් බව දක්වමින් පෙත්සම්කාරිය ඉදිරිපත් කළ මෙම පෙත්සම ලබන පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස  නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කළේ කොළොන්ගොඩ පුදලුගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තියයි.

එක් දරු මවක වන පෙත්සම්කාරිය කලක් සෞදි අරාබියේ ගෘහසේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන බවත් පසුගිය මැයි 17 වැනි දින පොලිස් නිලධාරීන් පෙත්සම්කාරියගේ නිවසට පැමිණ අත්අඩංගුවට ගෙන හසලක පොලිස් ස්ථානයට රැගෙන ගොස් මහියංගනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජුනි 03 වැනිදා තෙක් බදුල්ල බන්ධනාගාරයේ රිමාන්ඞ් බාරයට පත් කළ බවද එදින ඇප මත මුදා හරිනු ලැබූ බවත් ඇය සදහන් කරයි.

පෙත්සම්කාරිය ඇඳ සිටි ඇදුමේ ඇත්තේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රුවක් බැවින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවද ඒ අනුව තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , සුදුසු වන්දියක් ලබා දෙන ලෙසත් , අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා සිටී.