தமிழ்
English
Contact
Monday 8th March 2021    
අතුරුදන් කළවුන් වෙනුවෙන් මවුවරුන්ගේ අඛණ්ඩ විරෝධතාවට වසර 4 සපිරෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අතුරුදන් කළවුන් වෙනුවෙන් මවුවරුන්ගේ අඛණ්ඩ විරෝධතාවට වසර 4 සපිරෙයි!



(TopNews) යුද සමයේදී උතුර නැගෙනහිර අතුරුදන්කරවූ තරුණ තරුණියන්ගේ මව්වරු පිරිසක් ඊයේ(20) කළු ඇඳමින් සැරසී ගිනිකබල් හිස තබාගෙන විරෝධතා පෙළපාලියක් පැවැත්වූහ.

2009 වසරේදී යුද්ධය අවසන් කළ බවට පාලකයන් උදම් ඇනුවද අතුරුදන් කළ තම දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස මෙම මව්වරු දකුණේ ප්‍රගතිශීලින් සමග එක්ව දීර්ඝ අරගලයක යෙදී සිටිති. විවිධ විරෝධතා සහ පෙත්සම් සම්බන්ධ පාලක කණ්ඩායම්වල ප්‍රතිචාරයක් නොවන තැන 2017 ඔවුන් විසින් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කරන ලදී.

අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහු ගිනි කබල් විරෝධතාවක් සංවිධානය කරන ලද්දේ අතුරුදන් කරනු ලැබුවන්ගේ ඉරණම අනාවරණය කරන ලෙසත් ඒයට වගකිවයුතු වුන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ගෙනයන අඛණ්ඩ විරෝධතාවට සිවු වසරක් පිරෙන 20 සෙනසුරාදා දිනයි. ඔවුන් විසින් තමන්ට දරුවන් අහිමි කළ මෘගයන්ට ශාප කරමින් සාම්ප්‍රදායික යාතු ක්‍රමයක්වන ගිනි කබල් හිස දරාගෙන කිලිනොච්චියේ ගණදෙවි කෝවිල අසලින් පා ගමනක් ආරම්භ කර A9 මාර්ගය ඔස්සේ ගමන් කොට කන්දසාමි කෝවිල අසලින් පාගමන අවසන් කරන ලදී.

සිය ඉල්ලීම් පාලකයන් විසින් ඉටුකරන තෙල් විරෝධය අඛණ්ව ගෙන යන බවද මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය, මිචල් බැෂලේ වෙතද ඉල්ලීම් සහිත ලිපියක් යවන ලද බව මෙම මව්වරු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළහ. එපමණක් නොව, යුක්ති සහගත හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ගෙනයන අරගලය මර්දනය කිරීමේ අරමුණින් දරුවන් අහිමිව සිටින මව්වරුන් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවීම සහ ඔත්තුකාරයන් යොදවා ඡායාරුප ගැනීම හා වීඩියෝ කිරීම මගින් සිදුකරන බලහත්කාරයද ඔවුන්ගේ දෝෂදර්ශනයට ලක් විය. ආණ්ඩුවේ කිසිදු බලපෑමකින් හෝ ඔත්තුකරුවන් ඇතුළු ආරක්ෂක අංශවල බලපෑමෙන් තමන්ගේ සාධාරණ අරගලය යටපත් නොවන බව ඔවුහු පවසති.

සේයාරූ – Tamil Guardian