Posted on 01.20.2021 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
අතුරුදන්ව සිටි ජැක්මා මාස කිහිපයකට පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත පෙනී සිට තිබේ.
අද දින ටියැන්මු නිවුස් විසින් අන්තර්ජාලය ඔස්සේ විකාශය කරන ලද වීඩියෝවක් හරහා අතුරුදන්ව සිටි අලි බාබා ආයතනයේ සම නිර්මාතෘ ජැක් මා යළි පෙනී සිට තිබේ.
ජැක්මා විසින් චීන රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් පසු ඔහුගේ ව්‍යාපාරවලට බලපෑම් වන පරිදි එරට රජය ඇතැම් තීරණ ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
පසුගිය මාසය පුරාවට චීන බලධාරීන් විසින් ඔහුගේ ව්‍යාපාර ගැන දැඩිලෙස සොයාබැලූ අතර එම කාලයේදී ඔහුව කිසිදු අයුරකින් දක්නට ලැබුණේ නැත.
පසුගිය ඔක්තෝබර් මස අග සිට ජැක් මා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැති අතර අද ප්‍රසිද්ධියේ පෙනී සිටි වීඩියෝවේදී ඔහු ලාබා උළෙලට සමගාමීව සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා ග්‍රාමීය චීනයේ ගුරුවරුන් සමඟ මා කතා කරන අයුරු දැක්වේ . නමුත් එම වීඩියෝව කොහි සිට විකාශය කරන ලද්දක්ද හෝ ජැක්මා සිටින ස්ථානය ගැන එහි සඳහන්ව නැත.